ගංවතුරෙන් වගා බිම්වලට හානි වූ බවට ගොවීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකගෙන් පැමිණිලි

පසුගියදා ඇති වූ ගංවතුරෙන් තම වගා බිම්වලට හානි වූ බවට ගොවීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පැමිණිලි කර ඇති බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඔවුන්ගේ ගොවිබිම් අක්කර දෙලක්ෂකට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇති බවයි එහි සභාපති පේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ.

මේ පිළිබඳ තක්සේරු කිරීම් අද (11) සිට ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.