අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාගවලින් සමත් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ දරු දැරියන් ඇගයීමට ගුවන් හමුදාව පියවරගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කළ ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
ගුවන් හමුදා සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම ගුවන් හමුදා සිවිල් සේවක මහතුන්ගේ අ.පො.ස. (සා/පෙළ) විභාගය හා අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරු දැරියන් 39 දෙනකුට මූල්‍යමය ශිෂ්‍යත්ව ප්රදානය කිරීම මෙහිදී සිදුවිය.
මෙම උත්සවය අවසානයේ දී පැමිණ සිටි සියලුම දරු දැරියන්ට ගුවන් හමුදාපතිවරයා හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කළහ.