වසර ගණනාවක යුද්ධයෙන් බැටකන සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් පවසන්නේ, ඔවුන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් බවයි.
ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස් ඇති බවත්, අල්ජසීරා ප්රවෘත්ති සේවය වාර්තා කර ඇත.
පැය කිහිපයකට පෙර දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
සිරියානු ජනාධිපතිවරයා ඩැමස්කස් නුවරින් ගුවන් යානයකින් නාඳුනන ගමනාන්තයක් වෙත පළාගොස් තිබේ.
රොයිටර් පුවත් ඒජන්සියට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ සිරියානු හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණාගාරයේ රමී අබ්දුර්රහ්මාන් මේ බව තහවුරු කර ඇත.
Flightradar වෙබ් අඩවියේ දත්ත වලට අනුව, සිරියානු එයාර් ගුවන් යානයක් ඩමස්කස් ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් ඇත්තේ, අගනුවර කැරලිකරුවන් විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වූ අවස්ථාවේදීය.
සිරියාවට සහාය දැක්වූ හිස්බුල්ලා සංවිධානයත් පසුබැස ගොස් ඇතැයි වාර්තා වේ.