පුද්ගලයන් 15,000ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පවුල් 4,745කට අයත් පුද්ගලයින් 15,464ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එසේම පවුල් 139,934 ක පුද්ගලයින් 4 71,249 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇත.

වාර්තා වූ මරණ සංඛ්‍යාව, 17 කි.

පූර්ණ නිවාස හානි, 100 ක් සිදුව තිබෙන අතර අර්ධ නිවාස හානි සංඛ්‍යාව, 2379 කි.