ඉන්ධන මිළ සංශෝධනය වුවද බස්රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගෙ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර සිටියේ පෞද්ගලික බස්රථ ගාස්තු වල ද කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.
මේ අතර පෙට්රල් මිල පහළ දැමූ අගය ත්රීරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්රමාණවත් නොවන බව සමස්ත ලංකා ත්රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා පැවසීය.