ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (28) පෙරවරුවේ නිල වශයෙන් සිය අක්තපත්ර භාර දුන්හ. බුර්කිනා ෆාසො (Burkina Faso), බොස්නියාව සහ හර්සෙගොවිනා (Bosnia and Herzegovina), අසර්බයිජාන ජනරජය (The Republic of Azerbaijan), ජෝර්ජියාව (Georgia), බෙලරූස් ජනරජය (The Republic of Belarus), ආමේනියා ජනරජය (The Republic of Armenia), ස්පාඤ්ඤ රාජධානිය (The Kingdom of Spain), කොංගෝ ජනරජය (The Republic of Congo), සහ ගිනියා ජනරජය (The Republic of Guinea) සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහකොමසාරිස්වරයකු ද මෙලෙස පත්ව ඇත.