ඉම්රාන් නිද­හස් කිරීමේ විරෝ­ධ­තා­වට මැදි­යම් රැයේදී හමු­දා­වෙන් ප්‍රහා­ර­යක්-විරෝ­ධ­තා­ව විසු­රු­වයි-අග­නු­වර යළි සන්සුන්

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති සහ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් එහි නාය­ක­යන් ඇතුළු දහස් සංඛ්‍යාත පාක්ෂි­ක­යන් ඉස්ලා­මා­බාද් අග­නු­වර දක්වා පැවත්වූ විරෝ­ධතා පා ගමන යුද හමු­දා­වෙන් එල්ල වූ දරුණු ප්‍රහා­රය හේතු­වෙන් අව­සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑ­සන සිට ඉස්ලා­මා­බාද් අග­නු­වර යථා තත්ත්ව­යට පත්වූ බවත්, නග­රය නැවත සන්සුන් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.ඉම්රාන්ගේ බිරිය බුෂ්රා බීබිගේ සහ­භා­ගි­ත්ව­යෙන් යුතුව පැවති එම පා ගම­නට එක්වූ දහස් සංඛ්‍යාත විරෝ­ධ­තා­ක­රු­වන් පොලි­සි­යෙන් එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහා­රය මැද පෙරේදා ඉස්ලා­මා­බාද් නුවර ඩී චෝක් නමැති ප්‍රදේ­ශ­යට එක්රැස්වී සිටි බවත්, එදින මධ්‍යම රාත්‍රියේ යුද හමු­දා­වෙන් දරුණු ප්‍රහා­ර­යක් එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

විරෝ­ධ­තාව මැඬ පැවැ­ත්වී­මට යුද හමු­දාව කැඳ­වී­මට රජ­යට සිදු­වූයේ අග­නු­ව­රට ඇතු­ළු­වීම වැළැ­ක්වී­මට සංච­රණ නීති පනවා තිබි­ය­දීත්, සියලු ප්‍රධාන මාර්ග­වල ඉදි කළ මාර්ග බාධක බිඳ දම­මින් විරෝ­ධා­තා­ක­රු­වන් නග­ර­යට ඇතු­ළු­වීම හේතු­වෙන් බවත් වාර්තා වේ. පෙරේදා මධ්‍යම රාත්‍රි­යේදී යුද හමු­දාව විශේෂ ආර­ක්ෂක මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර ඇති අතර, විරෝ­ධතා පා ගමන අව­සන් කිරී­මට තීර­ණය වී තිබි­යදි හමු­දා­වෙන් අමා­නු­ෂික ප්‍රහා­ර­යක් එල්ලවූ බවට ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

එදි­නම රාත්‍රියේ පාර්ලි­මේ­න්තුව අසල මාධ්‍ය හමු­වක් පැවැත්වූ අභ්‍ය­න්තර කට­යුතු පිළි­බඳ ඇමැති මොෂින් නක්වි ප්‍රකාශ කර ඇත්තේ හමු­දා­වෙන් විසු­රුවා හරිනු ලැබූ විරෝ­ධ­තා­ක­රු­වන් රජයේ සහ පෞද්ග­ලික දේප­ළ­ව­ලට මෙන්ම දුම්රිය ස්ථාන කිහි­ප­ය­ක­ටත් ගිනි තබා ඇති බවය. එමෙන්ම වාහන රැස­කට ද විරෝ­ධ­තා­ක­රු­වන් පහර දී ඇතැයි අභ්‍ය­න්තර කට­යුතු ඇමැති වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. හමු­දා­වෙන් වෙඩි තැබීම හේතු­වෙන් සිය පාක්ෂි­ක­යන් සිව්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද, තවත් විශාල පිරි­සක් තුවාල ලැබූ බවත් ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.