චරිත් අසලංක ක්රියාත්මක කළ වේගවත් පිතිහරඹය හේතුවෙන් අබුඩාබී ටී10 තරගාවලියේ 21 වැනි තරගයේදී දිල්ලි බුල්ස් පිලට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක් හිමි කර ගැනීමට මොරිස්විල් සැම්ප් ආමි කණ්ඩායම සමත් විය.
මෙවර තරගාවලියේ සැම්ප් පිල අඛණ්ඩව හිමිකර ගත් 5 වැනි ජය මෙය වන අතර, ඔවුන් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සැම්ප් ආමි පිල කඩුලු 5ක් දැවී ලකුණු 112ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බුල්ස් පිලට ඕවර 10 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 110ක් පමණි.
බුල්ස් පිල වෙනුවෙන් ටිම් ඩේවිඩ් පන්දු 19කින් නොදැවී ලකුණු 37ක් රැස් කළ අතර, ටොම් බැන්ටන් පන්දු 11කින් ලකුණු 25ක් රැස් කළේය. ඉසුරු උදාන සාම්ප් පිල වෙනුවෙන් ක්රීඩා කළ අතර, ඕවර 2ක් යැවූ ඔහු ලකුණු 19ක් දුන්නද කඩුලු දවා ගැනීමට නොහැකි විය.
සැම්ප් ඉනිමේදී අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි චරිත් අසලංක වේගවත් ලකුණු 51ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 25කිනි. මේ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.