රටට බලපා ඇති අයහපත් කාලගුණය සාමාන්‍ය තත්ත්වයට පත් වන තෙක් පාසල් නිවාඩුව සම්බන්ධයෙන් තීරණය කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ‘දිනමිණට’ ඊයේ (27) පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින තුනකික් කල් යෑමත් සමඟ එහි බලපෑම පාසල් නිවාඩුවට කෙසේ බලපාන්නේ ද යන්න ගැන ලේකම්වරයාගෙන් විමසූ විට මේ බව ඒ මහතා කියා සිටියේය.
පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි 02 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර පාසල් නිවාඩුව අවසන්ව නැවත ආරම්භ කරනුයේ එදිනය.
රට පුරා අයහපත් කාලගුණික තත්ත්වයක් පැවතුණ ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගැටලුවක් නොවන පරිදි විභාගය කළමනාකරණයට කටයුතු කරන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ (27), අද (28) සහ හෙට (29) දිනවල නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
නැවත විභාගය පැවැත්වීම සෙනසුරාදා (30) සිදු කරන බවත් දැනට ප්‍රසිද්ධ කර ඇති විභාග කාලසටහනට අනුව විභාගය පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අයහපත් කාලගුණික තත්ත්වය නිසා අත්හිටුවීමට ලක් කළ විෂයයන් දෙසැම්බර් මස 21, 22, 23 දිනවල පවත්වන බවත් ඊට අදාළ සංශෝධිත කාලසටහන යථා කාලයේදී ප්‍රසිද්ධියට පත් කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.