රට පුරා සිව්දිගම දියබත් කළ මහවැසි විපත

අකී­කරු කළු අහස වැසි බිමට         හෙළ­නවා
හිතක් පපු­වක් නැතිව කඳු කඩා      වැටෙ­නවා
වියරු වුණු ජල කඳට ගම් බිම්ද         නැසෙ­නවා
දුක් කඳුළු මැදි කරන් ගංවතුර           ගල­නවා

දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක ගණ­නා­ව­කම ජන ජීවි­තය අඩාළ වී තිබේ. මහ­නු­වර, නුව­ර­එ­ළිය, බදුල්ල, අනු­රා­ධ­පු­රය, පොලො­න්න­රුව, මඩ­ක­ළ­පුව, යාප­නය, වව්නි­යාව, කිළි­නො­ච්චිය, මුල­තිව්, මන්නා­රම, පුත්ත­ලම, ත්‍රිකු­ණා­ම­ලය, කළු­තර, කොළඹ, අම්පාර, ගාල්ල, මාතර, රත්න­පු­රය, කෑගල්ල, මාතලේ යන දිස්ත්‍රි­ක්ක­වල ගස් කඩා වැටීම්, පස් කඳු කඩා වැටීම්, ගිලා බැසීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙමින් පවතී. විප­ත්ව­ලින් පීඩා­වට පත්වූ­වන් ආර­ක්ෂිත ස්ථාන­ව­ලට යොමු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ලබා­දීම සඳහා ඒ ඒ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් මෙන්ම ආපදා සහන සේවා නිල­ධා­රීන් මේ වන විටත් ක්‍රියා­ත්මක වී ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම ආප­දා­වට ලක්වූ ප්‍රදේ­ශ­වල සහන සේවා කට­යුතු සඳහා ශ්‍රී ලංකා යුද හමු­දාව, නාවික හමු­දාව, ගුවන් හමු­දාව, සිවිල් ආර­ක්ෂක බළ­කාය මෙන්ම ශ්‍රී ලංකා පොලී­සි­යද එක්ව කට­යුතු කර­මින් සිටියි. මෙම ආපදා තත්ත්ව­යෙන් දිව­යින වටා මුහුදු ආශ්‍රි­තව කර්මා­න්තයේ නිරත ධීව­ර­යින් ධීවර කට­යු­තු­ව­ලින් ඈත්ව සිටින බවද වාර්තා වෙයි. මෙම අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ මහ­වැලි, කැලණි, නිල්වලා, ගිං, වලවේ, කළු­ගඟ ඇතුළු ගංගා­වන් මෙන්ම පරාක්‍ර‍ම සමුද්‍ර‍ය, දැදු­රු­ඔය, කලා­වැව, නෝට­න්බ්‍රිජ්, විම­ල­සු­රේන්ද්‍ර ජලා­ශය, ඉහළ කොත්මලේ ජලා­ශය යනාදී ජල මූලාශ්‍ර පිරී ඉතිරී යෑමෙන් රටම පීඩාවට පත්ව තිබුණේ මේ අයුරිනි.