ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දැවැන්ත වෙන්දේසිය මෙහෙයවීම භාර වූයේ කාන්තාවකටය. ලියාපදිංචි ක්රීඩකයින් 1574 දෙනෙකු අතුරින් මෙගා වෙන්දේසිය සඳහා තෝරාගත් ක්රීඩකයින් 577ක් ඊයේ සහ පෙරේදා ඇයගේ මෙහෙයවීමෙන් අලෙවි විය.
සෞදි අරාබියේ රියාද් නුවරදී නිමාවූ ලොව ධනවත්ම ෆ්රැන්චයිස් ක්රිකට් තරගාවලියේ කාන්තා වෙන්දේසිකාරිය බවට යළිත් පත්වූ ඇය නමින් මල්ලිකා සාගර් වේ. සාගර් පසුගිය අයිපීඑල් තරගාවලියේදී ද පළමු වෙන්දේසිකාරියගේ භූමිකාව සාර්ථකව ඉටු කළාය.
ඉන්දියාවේ මුම්බායි හි ව්යාපාරික පවුලක උපත ලබා ඇති ඇය එක්සත් ජනපදයේ කලා ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා ගත්තාය. කලා නිර්මාණ වෙන්දේසි කිරීමේ වසර 26ක සාර්ථක වෘත්තීය ජීවිතයෙන් පසු, ඇය ඉන්දීය ප්රිමියර් ලීග් වෙන්දේසි වේදිකාවට පැමිණියාය.
මල්ලිකා සාගර්ගේ ශුද්ධ වත්කම ඩොලර් මිලියන 15ක් පමණ වන බව වාර්තා සඳහන් කරන අතර, ඇය ඉන්දීය ප්රෝ කබඩි ලීගයේ ක්රීඩා වෙන්දේසිකාරියක ලෙස සිය මංගල වෙන්දේසිය ආරම්භ කළාය.