ඉන්දි­යාව යළිත් ටෙස්ට් ශූර­තාවේ පෙර­මු­ණට

ඉන්දි­යාව සහ ඔස්ට්‍රේ­ලි­යාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තර­ග­යෙන් ලකුණු 295ක ජයක් හිමි­කර ගැනී­මට සංචා­රක ඉන්දීය කණ්ඩා­යම ඊයේ සමත් විය. මෙම ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සට­හනේ පළමු ස්ථානය ගැනී­මට යළි ඉන්දීය පිල සම­ත් විය.

මුලින් පන්දු­වට පහ­ර­දුන් ඉන්දීය කණ්ඩා­යම පළමු ඉනි­මට ලකුණු 150ක් රැස්කළ අතර, පිළි­තුරු ලෙස ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­යම පළමු ඉනි­මේදී ලකුණු 104කට දැවී ගියේය. ඉන්දීය කණ්ඩා­යම දෙවැනි ඉනි­මට කඩුලු 6ක් දැවී ලකුණු 487ක් ලබා­ගත් හෙයින් ජය­ග්‍ර­හ­ණය සඳහා ලකුණු 534ක ඉල­ක්ක­යක් හඹා ගියද ඔස්ට්‍රේ­ලි­යාව ලකුණු 238කට දැවී ගියේය.

ඉන්දීය පිල වෙනු­වෙන් යෂශ්වී ජයි­ශ්වාල් ලකුණු 161ක්,  විරාත් කෝලි නොදැවී ලකුණු 100ක් හා කේඑල් රාහුල් ලකුණු 77ක් ලබා ගත්හ. තර­ගයේ වීරයා සම්මා­නය දිනූ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 8ක් හා මොහො­මඩ් සිරාජ් කඩුලු 7ක් බිඳ­හෙළුෑහ.

තරග 5කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩා­යම  ඉදි­රි­යට පැමිණි අතර, දෙවැනි ටෙස්ට් තර­ගය මේ 30 වැනිදා ඇඩි­ලේ­ඩ්හිදී ආරම්භ වේ.‍