චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමැතිනී Sun Haiyan මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong ඇතුළු චීන රජයේ නියෝජිතයන් පිරිසක් හා ජවිපෙ නායකයන් අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (24) පස්වරුවේ පැවැත්විණි.
මේ අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහත්වරුද සහභාගි වූහ.
දීර්ඝ කාලයක් තිස්සේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර පවතින දේශපාලන මිත්රභාවය පිළිබඳවත් ඉදිරි ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙනුත් මෙහිදී අවධානය යොමු විය.
මේ අතර චීන නියෝජිත පිරිස ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් හමුවූහ.