ගංව­තු­රට හසු වූ මාතර උසස් පෙළ දරු­වන් විභාග මධ්‍ය­ස්ථා­න­ව­ලට ගෙන යන්න බෝට්ටු සහ හමු­දාව

අධික වර්ෂාව සහ ගංව­තුර තත්ත්වය මත ඊයේ (25) ආරම්භ වූ උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින දරු­වන් විභාග මධ්‍ය­ස්ථාන වෙත රැගෙන යෑමට අකු­රැස්ස, අතු­ර­ලිය, මාලි­ම්බඩ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලින් විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් යොදා තිබුණි.

මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අම­ර­සිංහ මහ­තාගේ උප­දෙස් මත මාතර ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ මැදි­හ­ත්වී­මෙන් හමු­දාව සහ පොලී­සියේ සහාය ලබා­ගෙන විශේෂ බෝට්ටු සහ හමු­දාව මඟින් ආර­ක්ෂිත රථ යොද­ව­මින් දරු­වන් විභාග මධ්‍ය­ස්ථාන වෙත යොමු කෙරිණි.

දිය­ලපේ, මලි­දුව, පාන­දු­ගම, හෝන්දු­ගොඩ, බළ­කා­වල, තිබ්බො­ටු­වාව මාර්ග යටවී ඇති ස්ථාන­ව­ලට මේ සේවා­වන් යොද­ව­මින් දරු­වන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කර­මින් විභාග මධ්‍ය­ස්ථාන වෙත යොමු කෙරිණි. කේ.ජී.ඩී. අනෝජා, නිරෝෂා ගමගේ, උමේෂා මාත­රගේ, අකු­රැස්ස, අතු­ර­ලිය, මාලි­ම්බඩ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ගේ උප­දෙස් සහ අධී­ක්ෂ­ණය මත යූ.ජී. සම්පත්, තීක්ෂණ වික්‍ර­ම­රත්න, ඩී.එස්.ආර්. වසන්ති යන ආපදා සහන සේවා නිල­ධා­රීහු දැඩි කැප­වී­ම­කින් විභා­ග­යට පෙනී සිටින දරු­වන් වෙනු­වෙන් මේ විශේෂ සේවා­වන් සැප­යූහ.