නැඟෙ­න­හිර පළාතේ ජල ගැලී­ම්ව­ලින් පවුල් 119ක 324ක් පීඩා­වට

ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යට නොක­ඩවා ඇද­හැ­ලෙන වර්ෂාව හේතු­වෙන් ඇතිවූ ජල­ගැ­ලී­මෙන් සේරු­විල, තඹ­ල­ග­මුව, වෙරු­ගල් හා මූතූර් යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල පවුල් 119කට අයත් 324ක පිරි­සක් පීඩා­වට ලක්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය ඊයේ (25) පැව­සීය. ගංව­තුර තත්ත්වය හේතු­වෙන් නිවාස දෙක­කට අර්ධ හානි සිදු වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. සුගු­ණ­දාස් මහතා පැව­සීය. බල­පෑ­මට ලක්වූ පවුල් 91කට අයත් 226ක පිරි­සක් ආර­ක්ෂිත ස්ථාන­වල රඳවා ඇතැයි ද නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා කීය. කොට­සක් බල­පෑ­මට ලක්වූ නිවා­ස­වල රැඳී සිටින බව ද අධ්‍ය­ක්ෂ­ව­රයා කීය.

මේ අතර ජල­ගැ­ලීම් හේතු­වෙන් කන්තලේ හා සේරු­නු­වර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල කුඹුරු රැසක් ජල­යෙන් යට වී ඇති අතර දින කිහි­ප­යක් ජල­යෙන් කුඹුරු යට­වු­ව­හොත් වගා විනා­ශ­වීමේ අව­දා­න­ම­කට ලක්වන බව ගොවීහු පැව­සූහ.

කුඹුරු ජල­යෙන් යටවී ඇති අයුරු