රුහුණ සර­ස­වියේ උප­කු­ල­පති තන­තු­රට නව­යක් සටනේ

රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය සුජීව අම­ර­සේන මහතා ඉවත් කර නිසි බලධාරියෙක් ඒ සඳහා පත්කර ඇති බැවින් නව උප­කු­ල­පති තන­තුර සඳහා නව දෙන­කුගේ තර­ග­යක් හට­ගෙන ඇතැයි විශ්ව­වි­ද්‍යාල අභ්‍ය­න්තර ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මෙහි දී මුල් අව­ස්ථාවේ මහා­චා­ර්ය­ව­රුන් එකො­ළොස් දෙන­කුගේ නම් උප­කු­ල­පති තන­තුර සඳහා උත්සාහ කරන බවට ප්‍රකාශ වුණද පසුව එය දස­දෙ­නකු දක්වා වෙනස් විය. ඒ අත­රි­නුත් එක් මහා­චා­ර්ය­ව­ර­යකු ජාතික විද්‍යා පද­නමේ සභා­පති ධුරය භාර­ගෙන ඇති බැවින් මේ වන විට එය මහා­චා­ර්ය­ව­රුන් නව දෙනකු අතර තර­ග­යක් බවට පත්ව ඇතැයි යන්න විශ්ව­වි­ද්‍යා­ල­යීය අධ්‍ය­යන හා අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලයේ අද­හස වී ඇත. මෙම මහා­චා­ර්ය­ව­රුන් පිරිස වෛද්‍ය පීඨය, කෘෂි­කර්ම පීඨය, කළ­ම­නා­ක­රණ හා මූල්‍ය පීඨය, ධීවර හා තාක්ෂණ පීඨය, ඉංජි­නේරු පීඨය හා තාක්ෂණ පීඨය නියෝ­ජ­නය කරන අය බව විශ්ව­වි­ද්‍යාල අභ්‍ය­­න්තර ආරංචි මාර්ග සඳ­හන් කළේය.

මෙම නව­දෙනා අත­රි­නුත් මහා­චා­ර්ය­ව­රුන් සිව් දෙනකු ඉදි­රි­යෙන් සිටිනු ඇතැයි යන්න විශ්ව­වි­ද්‍යාල කාර්ය මණ්ඩ­ලයේ අද­හස වී ඇති අතර එම හතර දෙනා අත­රට විශ්ව­වි­ද්‍යා­ලයේ වත්මන් නියෝජ්‍ය උප­කු­ල­පති මහා­චාර්ය සමන් චන්දන එදි­රි­වීර මහතා ද වෙයි.

උප­කු­ල­ප­ති­ව­ර­යකු පත් කිරීමේ ක්‍රම­වේ­දය අනුව මුලින්ම විශ්ව­වි­ද්‍යාල පාලක සභාව විසින් අය­දු­ම්පත් ඉදි­රි­පත් කරන ලද මහා­චා­ර්ය­ව­රුන් සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කට කැඳවා ඉන් වඩාත් සුදු­සු­කම් ලබන තිදෙ­නකු අමා­ත්‍ය­ව­ර­යාගේ නිර්දේශ සඳහා ඉදි­රි­පත් කිරී­මට නිය­මිත අතර එම තිදෙ­නාට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව විසින් පරී­ක්ෂණ අව­ස්ථා­ව­කට යොමු කරන බව ආරංචි මාර්ග සඳ­හන් කරයි.

එලෙස පරී­ක්ෂණ අව­ස්ථාව අව­සා­නයේ දී අමා­ත්‍ය­ව­රයා විසින් ජනා­ධි­ප­ති­ව­ර­යාට උප­කු­ල­පති තන­තුර සඳහා පත් කිරී­මට සුදුසු මහා­චා­ර්ය­ව­ර­යාගේ නම නිර්දේශ කිරී­මට නිය­මිත අතර ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් පත් කිරීම සිදු­ක­රන බව ද විශ්ව­වි­ද්‍යාල අධ්‍ය­යන හා අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලය පැව­සු­වේය.

ඇතැ­ම්විට අමා­ත්‍ය­ව­රයා විසින්ම පත් කිරීම් සිදු­ක­රනු ලබන අව­ස්ථාද තිබූ බව ඔවුන් සඳ­හන් කළේය.

ඒ අනුව විශ්ව­වි­ද්‍යාල පාලක සභාවේ පරී­ක්ෂ­ණ­යෙන් පසු නිර්දේශ කරන තිදෙනා අත­රට විද්‍යා පීඨය, කළ­ම­නා­ක­රණ හා මූල්‍ය පීඨය සහ ධීවර හා තාක්ෂණ පීඨය නියෝ­ජ­නය කර­මින් ඉදි­රි­පත්ව ඇති මහා­චා­ර්ය­ව­රුන් තිදෙ­නකු සුදු­සු­කම් ලබනු ඇතැයි විශ්වාස කරන අතර විශ්ව­වි­ද්‍යා­ලයේ සේම ආය­තන කිහි­ප­යක පරි­පා­ලන අත්දැ­කීම් ඇති ධීවර හා තාක්ෂණ පීඨය නියෝ­ජ­නය කර­මින් ඉදි­රි­පත්ව ඇති මහා­චාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහ­තාට උප­කු­ල­පති තන­තු­රට පත්වීම සඳහා ඉන් වැඩි අව­ස්ථා­වක් ඇති බව ද විශ්ව­වි­ද්‍යාල අභ්‍ය­න්තර ආරංචි මාර්ග සඳ­හන් කළේය. රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ ආර­ම්භයේ සිට මේ දක්වා පත්ව ඇති උප­කු­ල­ප­ති­ව­රුන් වෛද්‍ය පීඨය හා කෘෂි­කර්ම පීඨය නියෝ­ජ­නය කර­මින් පත්ව ඇති අතර මෙවර වෙනත් පීඨ­යක මහා­චා­ර්ය­ව­ර­යකු එම තන­තු­රට පත් වුව­හොත් එය වාර්තා­ග­ත­වන අව­ස්ථා­වක් බවත් මෙවර බොහෝ­විට එලෙස විය හැකි බවත් විශ්ව­වි­ද්‍යාල අභ්‍ය­න්තර ආරංචි මාර්ග සඳ­හන් කළේය.