ක්‍රීඩා සංගම් සමඟ සහ­යෝ­ග‍යෙන් කට­යුතු කර­නවා – නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න-ශ්‍රී ලාංකි­ක­යන්ගේ පැතුම් ඉටු කිරීම රජයේ අපේ­ක්ෂා­වයි – නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර

ක්‍රීඩා සංගම් සමඟ ඉතා සහ­යෝ­ග‍යෙන් කට­යුතු කොට ගැටු­ම්ව­ලින් තොර පරි­පා­ල­න­යක් ඇති කිරී­මට අවශ්‍ය පසු­බිම සකස් කිරී­මට බලා­පො­රොත්තු වන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහතා පැව­සීය. රටේ ක්‍රීඩාව නඟා සිටු­වී­මට සියලු පාර්ශ්ව එක්විය යුතු බවත්, ඒ වෙනු­වෙන් නිවැ­රදි ක්‍රම­වේද අනු­ග­ම­නය කළ යුතු බවත් තිල­ක­රත්න මහතා පැව­සීය.

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහතා හා තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ වැඩ භාර ගැනී‍මෙන් අන­තු­රුව පැවති මාධ්‍ය හමු­වේදී අද­හස් දැක්වුණි.

“ක්‍රීඩාව ඉහ­ළට ඔසවා තැබීම අපේ වග­කී­මයි. ක්‍රීඩාව කියන්නේ ජාතික හා ජාත්‍ය­න්තර තරග ජය­ග්‍ර­හ­ණය කිරීම පම­ණක් නොවෙයි. ක්‍රීඩාව තුළින් විනෝ­දා­ස්වා­දය වගේම රටේ ආර්ථී­ක­යට දාය­ක­ත්ව­යක් ලබා­දිය හැකියි. පාසල තුළින් බිහි­වන දක්ෂ දරුවා ජාත්‍ය­න්තර තලය දක්වා රැගෙන යෑම අපේ වැඩ­පි­ළි­වෙ­ළට අයත්. ඒ නිසා සියලු ක්‍රීඩා සංගම් සමඟ සාකච්ඡා කොට ගැටු­ම­කින් තොර පරි­පා­ල­න­යක් ඇති කිරී­මට සියලු පාර්ශ්ව එක්ව කට­යුතු කළ යුතුයි” සුගත් තිල­ක­රත්න මහතා පැව­සීය.

“සියලු ක්‍රීඩා ගැන අපි අව­ධා­නය යොමු කොට තියෙ­නවා. ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට ඇති අඩු­පාඩු සකස් කොට ඔවුන්ට නිවැ­රදි මාව­තක් බිහි කළ යුතුයි. ගම් මට්ටම දක්වා පහ­සු­කම් ලබා­දී­මට අපේ රජය කැප වෙනවා” තිල­ක­රත්න මහතා සඳ­හන් කළේය.

තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා සඳ­හන් කළේ පොහො­සත් රටක්; ලස්සන ජීවි­ත­යක් අපේක්ෂා කරන සියලු ශ්‍රී ලාංකි­ක­යන්ගේ පැතුම් ඉටු කිරීම තම රජයේ අපේ­ක්ෂාව බවය. එහිදී තනි තනිව නොව කණ්ඩා­ය­මක් ලෙස ක්‍රියා­ත්මක වී අභි­යෝග ජය ගැනීම සාමූ­හික ප්‍රය­ත්නය බව ගුණ­සේ­කර මහතා සඳ­හන් කළේය.

මේ අව­ස්ථා­වට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා අමා­ත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධාරී පිරි­සක් එක්ව සිටි­යහ.