ඉදිරි අවු­රුදු පහේ ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් උප­යා­දීම අපේ­ක්ෂා­වයි-ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ

කර­දිය, මිරි­දිය ධීවර කර්මාන්ත දියුණු කර­මින් ඉදිරි අවු­රුදු පහේ ජාතික ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් ලබා දීමට අපේක්ෂා කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පැව­සීය.

ඒ සඳහා මෙරට ධීවර ක්ෂේත්‍රය තාක්ෂ­ණික වශ­යෙන් තවත් දියුණු කළ යුතු බවත් ඉදි­රි­යේදී ඒ සඳහා AI තාක්ෂ­ණය මෙන්ම ධීවර ක්ෂේත්‍ර­යට අදාළ සියලු තාක්ෂ­ණික ක්‍රම­වේද හඳු­න්වා­දී­මට සැල­සුම් කරන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.

ධීවර නියෝජ්‍ය ඇමැති ධුරයේ රාජ­කාරි කට­යුතු ආරම්භ කර­මින් ඊයේ (22) ධීවර අමා­ත්‍යාං­ශයේ පැවැති උත්ස­ව­යේදී නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බැව් පැවැ­සීය. ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහතා ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යේය. එහිදී නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ අද­හස් ද පළ කළේය. ධීවර අමා­ත්‍යාං­ශය මට හොඳට හුරු­පු­රුදු තැනක්. මීට පෙර මම මේ අමා­ත්‍යාං­ශ­යට පැමිණ තිබෙන්නේ උද්ඝෝ­ෂ­ක­යෙක් ලෙසයි. ඊට අම­ත­රව ධීව­ර­යන්ගේ ඉල්ලීම් පිළි­බ­ඳව ගැට­ලු­ව­ලට ධීවර ඇමැ­ති­ව­රුන්, අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් ඇතුළු නිල­ධා­රීන් හමුවී සාකච්ඡා කිරී­මට මා මෙයට පෙර පැමි­ණියා. ඒ අපි එදා අවේ ධීවර අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් පෙනී සිටි­න්නයි. අද ආවේ මේ රටේ ධීව­ර­යන් පිළි­බ­ඳව වග­කීම් භාර­ගෙන ධීවර ඇමැ­ති­ව­රයා, ධීවර ලේකම් ඇතුළු නිල­ධා­රීන් සමඟ ඒ වග­කීම් ඉටු කර­න්නයි. අපේ රටේ ආර්ථික සංව­ර්ධන ක්‍රියා­ව­ලිය සඳහා අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ සඳ­හන් කළේ මේ රටේ ආර්ථි­කය ගොඩ­නැං­වී­මට හැකි ප්‍රධාන ප්‍රභ­ව­යන් අත­රින් ප්‍රධාන කුලුනු තුනක් වන බවයි. කෘෂි කර්මා­න්තය, ධීවර හා කර්මාන්ත ක්ෂේත්‍ර ඒ කුලුනු තුන බවත් සඳ­හන් වුණා. ධීවර කට­යුතු ගත් විට මේ අමා­ත්‍යාං­ශ­යට විශාල තැනක් ලැබෙ­නවා. ධීවර ක්ෂේත්‍රය කර­දිය, මිරි­දිය මෙන්ම දෙදිය ධීවර කර්මාන්ත සංව­ර්ධ­න­යේදී මේ අමා­ත්‍යාං­ශ­යට විශාල වැඩ කොට­සක් පැවරී තිබෙ­නවා.

අපි ලෝකය දෙස බැලු­වට සාගර සම්ප­තින් අප රටට ඩොලර් ගෙන ඒමේ නිසි වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. ඒ නිසා අපි බලා­පො­රොත්තු වෙනවා ධීවර ඇමැ­ති­ව­රයා සමඟ එක්ව ධීවර අමා­ත්‍යාංශ ලේකම් ඇතුළු නිල­ධා­රීන් සමඟ සාකච්ඡා කර මේ සඳහා ගත යුතු පිය­වර සක­සන්න. මේ රටේ පුද්ග­ල­ය­කුගේ ඒක පුද්ගල මත්ස්‍ය පරි­භෝ­ජ­නය ග්‍රෑම් 64ක් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය දැනු­ම්වත් කර තිබෙ­නවා. නමුත් එය තව­මත් පව­තින්නේ ග්‍රෑම් 40ක ප්‍රමා­ණ­යක. ඒ නිසා ධීවර අමා­ත්‍යාං­ශයේ මූලික වග­කී­මක් කියා මා විශ්වාස කර­නවා, මේ ඉල­ක්කය කරා පැමි­ණී­මට ජන­තාව වෙනු­වෙන් වග­කීම් ඉටු කිරීම. ජන­තා­වගේ ප්‍රෝටීන් අව­ශ්‍ය­තාව ඉටු කරන්න, ජන­තා­වගේ බත් පත සරි කරන්න, ජාතික ආර්ථි­ක­යට ශක්ති­යක් දෙන්න අපි කට­යුතු කර­නවා. මේ රටේ ධීව­ර­යන් 315,000ක් සිටි­නවා. මෙයට වක්‍රව සම්බන්ධ වන ධීවර කර්මා­ත්තය සමඟ එක් වන ධීවර පවු­ල්ව­ලින් සම්බන්ධ වන පාර්ශ්ව­යන්ද සමඟ ලක්ෂ 20ක පමණ ප්‍රජා­වක් මේ කර්මා­න්ත­යත් සමඟ සබැ­ඳි­යා­වක් පව­ති­නවා. ධීවර ඇමැ­ති­ව­ර­යාත් මාත් ඇතුළු සියලු නිල­ධා­රීන්ට විශාල වග­කී­මක් මේ ධීවර අමා­ත්‍යාං­ශයේ කට­යු­තු­ව­ලදී පැවරී තිබෙ­නවා. ලංකාවේ ඉතා පුළුල් පරා­ස­යන් තිබෙන්නේ ධීවර අමා­ත්‍යාං­ශ­යෙයි. මෙය දැවැන්ත ආර්ථික සම්ප­තක්. ඩොලර් උල්ප­තක් වූ ධීවර ක්ෂේත්‍රය අප දියුණු කළ යුතුයි.

දළ දේශීය නිෂ්පා­ද­න­යට 2001 දී මෙරට ධීවර කර්මා­න්තයේ දාය­කත්ව සිය­යට 2.1ක් වෙනවා. එය දැන් සිය­යට 1ක් පමණ වෙලා තිබෙ­නවා. මේ අංගය ප්‍රශස්ත මට්ට­ම­කට ගෙන ඒමට මේ රජය යටතේ කට­යුතු කර­නවා. ගිය­වර මේ රටේ සමස්ත රාජ්‍ය විය­ද­මින් 0.8ක ප්‍රමා­ණ­යක් පම­ණයි ධීවර අමා­ත්‍යාං­ශ­යට වෙන් වී තිබුණේ. ජනා­ධි­ප­ති­තුමා තම රාජා­සන කතා­වේදී ධීවර ක්ෂේත්‍ර­යට විශාල බරක් තැබුවා. ලබන වසර සඳහා ඉදි­රි­පත් කරන අතුරු සම්මත ගිණු­මෙන් සැල­කිය යුතු මුද­ලක් අප ක්ෂේත්‍ර­යට වෙන්වෙ­තැයි කියා බලා­පො­රොත්තු වෙනවා. එය ධීවර ක්ෂේත්‍රය ශක්ති­මත් කර­න්නට අප යොදා ගන්නවා. කර­දිය මෙන්ම මේ රටේ අභ්‍ය­න්තර ජලාශ ආශ්‍රි­තව ධීවර කර්මා­න්තය ද දියුණු කර­මින් ඉදිරි අවු­රුදු පහේ ජාතික ආර්ථි­ක­යට සැල­කිය යුතු ආදා­ය­මක් ලබා දීමට අපේක්ෂා කර­නවා.

අපේ ධීවර ක්ෂේත්‍රය තාක්ෂ­ණික වශ­යෙන් තවත් දියුණු කළ යුතුයි. ධීව­රයා නව තාක්ෂ­ණය වෙතට යෑමට බියක් දක්ව­නවා. එය නැති කළ යුතුයි. ඉදි­රි­යේදී ඒඅයි තාක්ෂ­ණය මෙන්ම ධීවර ක්ෂේත්‍ර­යට අදාළ සියලු තාක්ෂ­ණික ක්‍රම­වේද හඳුන්වා දෙමින් මෙරට ධීවර ක්ෂේත්‍රය තාක්ෂ­ණික වශ­යෙන් දියුණු කිරී­ම­ටත් අපේක්ෂා කර­නවා. ඒ සඳහා වත්මත් ජනා­ධි­ප­ති­ගෙන් අපට පූර්ණ සහාය ලැබේවි. එහිදී ධීවර ඇමැ­තිත් මාත් එක ගම­නක් යනවා. එදා ධීවර ඇමැති හා නියෝජ්‍ය ඇමැති අතර තිබූ ගැටලු අප අතර නැහැ. උතුරු, දකුණ සුසං­යෝ­ගය අපේ ධීවර ක්ෂේත්‍රය දියුණු කරන්න අප යොදා ගන්නවා’ යැයිද නියෝ­ජය ඇමැ­ති­ව­රයා කීය.