ගෝලීය සයි­බර් ආර­ක්ෂණ දර්ශ­කයේ ශ්‍රී ලංකාව පෙරට-අන්ත­ර්ජා­ති­කව පිළි­ගනී

ගෝලීය සයි­බර් ආර­ක්ෂණ දර්ශ­කයේ 2 වන ස්තරයේ ඉදි­රි­යට යන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්ත­ර්ජා­තික වශ­යෙන් පිළි­ගැ­නී­මට ලක්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිය සයි­බර් ආර­ක්ෂණ රාමුව වැඩි­දි­යුණු කිරීමේ දී කැපී පෙනෙන ප්‍රග­ති­යක් ලබා ඇතැයි ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය පව­සයි. මේ ජය­ග්‍ර­හ­ණය කලා­පයේ ශ්‍රී ලංකාවේ වර්ධ­නය වන නාය­ක­ත්වය සහ තීර­ණා­ත්මක ක්ෂේත්‍ර හරහා සයි­බර් ආර­ක්ෂණ භාවි­තය වැඩි­දි­යුණු කිරී­මට එහි කැප­වීම පෙන්වා දෙන අතර, ජාත්‍ය­න්තර විදුලි සංදේශ සංග­මය (ITU) විසින් ප්‍රකා­ශ­යට පත් කරන ලද Global Cybersecurity Index, සයි­බර් ආර­ක්‍ෂාව සඳහා රට­වල් දක්වන කැප­වීම ඇග­යීම සඳහා විශ්ව­ස­නීය ගෝලීය මිනුම් ලකු­ණක් ලෙස කට­යුතු කරන බව ද සංස­දය පෙන්වා දෙයි.

ගෝලීය සයි­බර් ආර­ක්ෂණ දර්ශ­කයේ පස්වන සංස්ක­ර­ණය (2024) ප්‍රධාන කුලුනු පහක් මත පද­නම්ව රට­වල ක්‍රියා­කා­රී­ත්වය පිළි­බඳ ගැඹුරු විශ්ලේ­ෂ­ණ­යක් සප­යන අතර, සයි­බර් අප­රාධ සහ සයි­බර් ආර­ක්‍ෂාව ආම­න්ත්‍ර­ණය කරන නීති­වල ශක්තිය සහ විස්තීර්ණ බව තක්සේරු කිරීම, ජාතික සහ අංශ-විශේ­ෂිත සයි­බර් ආර­ක්ෂණ නියෝ­ජි­තා­ය­ත­න­වල හැකි­යා­වන් ඇග­යීම, සයි­බර් ආර­ක්ෂාව සඳහා ජාතික උපාය මාර්ග සහ පාලන රාමු පරීක්ෂා කිරීම ඒ අතර වෙයි.

ඊට අම­ත­රව පුහු­ණුව, අධ්‍යා­ප­නය සහ මහ­ජ­න­තාව දැනු­වත් කිරීමේ මුල­පි­රීම් හරහා සයි­බර් ආර­ක්ෂණ විශේ­ෂ­ඥ­තාව ගොඩ­නැ­ඟීම කෙරෙහි අව­ධා­නය යොමු කිරීම මෙන්ම රාජ්‍ය ආය­තන, පෞද්ග­ලික අංශයේ ක්‍රීඩ­ක­යන් සහ ජාත්‍ය­න්තර සංවි­ධාන අතර සහ­යෝ­ගීතා ප්‍රයත්න මැන බැලීම කෙරෙහි ද අව­ධා­නය යොමු කර තිබේ.

මෙම කුලුනු හරහා ශ්‍රී ලංකාවේ ප්‍රග­තිය එහි සයි­බර් ආර­ක්ෂණ පරි­ස­රය ශක්ති­මත් කිරීම සඳහා උපා­ය­මා­ර්ගික ප්‍රවේ­ශය ඉස්මතු කරන අතර, එය ආර­ක්ෂිත සහ වඩා ඔරොත්තු දෙන ඩිජි­ටල් පරි­සර පද්ධ­ති­යක් නිර්මා­ණය කිරී­මට ඇති කැප­වීම පිළි­බිඹු කරන බව පව­සන ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය රටේ සයි­බර් ආර­ක්ෂණ තත්ත්වය ඉහළ නැංවී­මට සහ අනා­ග­තයේ දී ආද­ර්ශ­වත් තත්ත්ව­ය­කට පත් කිරීම සඳහා ක්‍රියා­කා­රීව කට­යුතු කරන බවද කියා සිටියි.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, ජාතික සයි­බර් ආර­ක්ෂණ උපාය මාර්ගය (2025-2028), ජාතික සහ­තික කිරීමේ අධි­කා­රිය පිහි­ටු­වීම සහ ජාතික සයි­බර් ආර­ක්ෂණ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­නය ක්‍රියා­ත්මක කිරීම ඇතුළු ප්‍රධාන මුල­පි­රීම් කිහි­ප­යක් දියත් කර තිබෙන අතර, ජාතියේ සමස්ත සයි­බර් ආර­ක්ෂණ රාමුව ශක්ති­මත් කිරීම අර­මුණු කර­ගත් විවිධ ධාරිතා ගොඩ­නැ­ඟීමේ ක්‍රියා­කා­ර­කම් සම­ඟින්, ජාතික තොර­තුරු සහ සයි­බර් ආර­ක්ෂණ ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­ත්මක කිරී­ම­ටද සැල­සුම් කර ඇත.