– ආන්දෝලනයට තුඩු දී ඇති අපරාධ පිළිබඳ යළිත් විමර්ශන
– ජාතිවාදයට හෝ ආගම්වාදයට මේ රටේ නැවත හිස ඔසවන්න බෑ
– තනි පක්ෂයක් වටා, තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශි කිරීම ප්රජාතන්ත්රවාදය නොවෙයි
– අපට ඡන්දය දුන් සහ නොදුන් සෑම පුරවැසියකුගේම බලාපොරොත්තු ඉටු කිරීම අපගේ වගකීමක්
– තවදුරටත් ජනතාවගෙන් ඈත් වූ පාර්ලිමේන්තුවකට ඉඩ දිය යුතු නෑ
කිසිවකුටත් මින් මතු නීතියට ඉහළින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) අවධාරණය කළේය.
දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ විමර්ශන යළි ආරම්භ කරන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිම ආකාරයක ජාතිවාදයකට හෝ ආගම්වාදයකට මේ රටේ නැවත හිස එසවීමට ඉඩ නොදෙන බව ද ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.
“අද පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා සුවිශේෂී අවස්ථාවක්. එම ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අප රටේ ගොඩනැඟුණු මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මේ ජනවරම ලබාදී තිබෙනවා. එය ප්‍රමාණාත්මක අගයක්. මේ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මේ ජනවරමේ තිබෙනවා. ඒ දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශපාලන පරිවර්තනයක් නව ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර ආදී සියලු පළාත්, සියලු ජන කණ්ඩායම් මේ ජනවරමට දායක වී තිබෙනවා.
දීර්ඝ කාලයක් අප රටේ දේශපාලන ව්‍යුහය, දේශපාලන බලකඳවුරු ගොඩනැඟී තිබුණේ ඇතැම්විට පළාත් ලෙසයි. සමහර අවස්ථාවල ජාතිකත්වය අනුව අදහන ආගම් අනුව දේශපාලන කඳවුරු ගොඩනැඟී තිබුණා. ඒ නිසා එවැනි දේශපාලන බලකඳවුරුවල අවසන් ප්‍රතිඵලය වන්නේ, ජනතාව එකිනෙකා අතරින් දුරස් වීම, එකිනෙකා අතර සැකය, අවිශ්වාසය වර්ධනය වීමයි. ජාතිවාදය යම් දේශපාලන කඳවුරක න්‍යාය පත්‍රයක් බවට පත් වෙනවා නම් එහි අනිවාර්ය ප්‍රතිඵලය තමයි එයට එරෙහිව නැවත අනිත් පාර්ශ්වයෙන් ජාතිවාදයක් පෝෂණය වීම. ජාතිවාදය එක තැනක පවතින්නේ නැහැ. එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදයක් පෝෂණය කරනවා, වර්ධනය කරනවා. එය දිගු ඉතිහාසයක් තිස්සේ අප රටේ දේශපාලනයේත්, සමාජයේත් අප අත්විඳ තිබෙනවා. නමුත් සියලු ජන කණ්ඩායම්, සියලු පළාත්වල වෙසෙන ජනතාව අප කෙරෙහි විශ්වාසය තබාගෙන අපට බලය ලබා දී තිබෙනවා. ඒ විශ්වාසය තැබූ ජනතාවට පළමුව අපගේ ගෞරවය, ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම අප කෙරෙහි විශ්වාසය නොතැබුවත්, වෙනත් දේශපාලන ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තැබූ ජන කණ්ඩායම් සිටිනවා. එය ප්රජාතන්ත්රවාදයේ ස්වභාවයයි. තනි පක්ෂයක් වටා, තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශි කිරීම ප්රජාතන්ත්රවාදය නොවේ. ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ විවිධ මතවාද දරන දේශපාලන කඳවුරුවල පැවැත්මයි. විවිධ ආර්ථිකමය, දේශපාලන ප්‍රතිපත්ති මත දේශපාලන කඳවුරුවල පැවැත්මයි. ඒ නිසා ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත්ම අප අපේක්ෂා කරන්නේ නැහැ. බහුපක්ෂ දේශපාලනයේ ප්‍රතිපත්තිය අප පිළිගනු ලබනවා. අපට ඡන්දය නොදුන් විශාල ජනතාවක් සිටින බව අප දන්නවා. ඒ නිසා අපට ඡන්දය ලබාදුන් සහ නොදුන් සෑම ජන කණ්ඩායමක්ම මේ රටේ පුරවැසියන්. ඒ පුරවැසියන්ගේ වුවමනා, බලාපොරොත්තු ඉටු කිරීම අපගේ වගකීමක්. ජනතාව සහ අප අතර මැතිවරණයේදී බැඳීමක් ඇති වෙනවා. අපගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ අපේ අදහස් හරහා රටේ අනාගතය කෙසේ විය යුතු ද කියා කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපට ඡන්දය ලබා දී තිබෙනවා. ජනතාව ඔවුන්ගේ වගකීම ඉටු කර තිබෙනවා. ඔවුන් අපට බලය ලබාදී තිබෙනවා. දැන් අපට තිබෙන්නේ ජනතාවගේ පංගුව ඉටු කිරීමටයි. එනිසා මා ඇතුළු රජය ජනතාව සමඟ තිබෙන බැඳීම කිසිසේත්ම උල්ලංඝනය වීමට ඉඩ නොදී, මේ පාලනය පවත්වාගෙනයෑමට බැඳී සිටිනවා. ඒ වගේම අප පළාත් වශයෙන් දුරින් සිටියත්, සංස්කෘතික වශයෙන් වෙනත් අනන්‍යතාවන් තිබුණත්, භාෂාව වශයෙන් වෙනත් භාෂා කතා කළත්, ආගම් වශයෙන් වෙනත් ආගම් ඇදහුවත් අප සියලු දෙනා එක අරමුණක් වෙනුවෙන් පෙළගැසුණු බව මේ මැතිවරණයේදී පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් ජනතාවගේ ප්‍රාර්ථනයක් බවට පත්වුණු ජාතික සමගිය ගොඩනැඟීමේ ඉතා ප්‍රබල අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබෙනවා. අපට විවිධ දේශපාලන මත දරන්න පුළුවන්. නමුත් යළි අප රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ද ඉඩ දෙන්නේ නැහැ. අප ඇති තරම් ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත්වී තිබෙනවා. ජාතිවාදී ගැටුම්වලින් ඇති තරම් ලේවලින් මේ මහපොළොව තෙත් වී තිබෙනවා. ගංගා පිරෙන්න කඳුළු හෙළා තිබෙනවා. එකිනෙකා අතර අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා. ඒ නිසා අපගේ අනාගත දරු පරම්පරාවට යළිත් එවැනි රාජ්‍යයක් බිහි නොකිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. දේශපාලනය කිරීමට අපට ඕනෑතරම් සටන් පාඨ තිබෙන්න පුළුවන්. නමුත් කිසිවකුට යළි අප රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ ගොඩනැඟීමට ඉඩ නොදෙන බවට අප සහතික වෙනවා.
අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැඟුණු අයහපත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට මට වුවමනාව තිබුණා. 2000 වසරේ සිට මා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. වසර 24ක පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුව පිරිහීමට භාජනය වූ ආකාරය, ජනතාව තුළ මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය බිඳවැටුණු ආකාරය පිළිබඳව අප ප්‍රායෝගිකව අත්විඳ තිබෙනවා. මේ සභා ගර්භය තුළත්, සභා ගර්භයෙන් පිට පොදු ජනතාව තුළත් පාර්ලිමේන්තුව කෙරෙහි තිබූ ගෞරවය ක්‍රමානුකූලව කඩාවැටුණු ආකාරය අප අත්විඳ තිබෙනවා. එය උත්තරීතර, ගරු කළ යුතු තැනක සිට, ජනතාවට සතුරු, ජනතාව පලවා හැරිය යුතු, ජනතාවගේ ක්‍රෝධයට, වෛරයට, අවඥාවට පත්වූ තත්ත්වයට පාර්ලිමේන්තුව පත්වී තිබෙනවා. එවැනි පාර්ලිමේන්තුවක් අපේ රට පාලනය කිරීමට සුදුසු යැයි මා සිතන්නේ නැහැ. එවැනි පාර්ලිමේන්තුවක් තවදුරටත් අපේ රටේ ජනතාවට නායකත්වය දීමට, ජනතාවගේ මූල්‍ය බලය හැසිරවීමට සුදුසු නැහැ. ජනතාවගේ මූල්‍ය බලයේ හැරවුම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ජනතාව වෙනුවෙන් නීතිය සම්පාදනය කිරීමේ ප්‍රධාන අයිතිය තිබෙන්නේත් පාර්ලිමේන්තුවටයි. ඒ නිසා තවදුරටත් ජනතාවගෙන් ඈත් වූ පාර්ලිමේන්තුවක් බවට පත්වීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ. මේ ජනවරමෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය, ගෞරවය ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. නවක මන්ත්‍රීවරුන් විශාල පිරිසකගෙන් අද මේ පාර්ලිමේන්තුව සමන්විත වී තිබෙනවා. ඒ නිසා යහපත් පුරුදු සහිත පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න පුළුවන්. වත්මන් කථානායකතුමාත්, කාර්ය මණ්ඩලයත්, තේරීපත් වූ ඔබ සියලු දෙනාත් යළි මේ පාර්ලිමේන්තුව අලුත් ගුණයකින් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සහාය දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. තවදුරටත් මහජනතාවට සැඟවුණු මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත් වන්නේ නැහැ. පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අප තවදුරටත් උත්සාහ කරනවා. අප සෑම දෙනාම මහජනතාවගේ නියෝජිතයන් නම් නිරතුරුවම අප කතා කරන දේ, හැසිරෙන ආකාරය මෙන්ම අපගේ අදහස් දැක්වීම් ඇතුළු සියල්ලම මහජනතාව ඉදිරියේ පරික්ෂාවට භාජනය වෙනවා කියන ස්ථාවරයක අප සිටිය යුතුයි. අපට බලය ලබා දුන්නාට පසුව එය අවසානයි කියා අප කවුරුන් හෝ කල්පනා කරනවා නම්, එය අවසානය නෙමෙයි. ඊළඟ බලහුවමාරු වන තෙක්, ඊළඟ ජනවරමක් උරගා බලන තෙක් අපිව පරික්ෂා කිරීමේ බලයක් මහජනතාවට තිබෙනවා. එනිසා ඉදිරි වසර කිහිපය ඇතුළත මහජනයාගේ පරික්ෂාවෙන් සමත් වන පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි මා හිතනවා. ඒ සඳහා කථානායකතුමා ඇතුළු ඔබ සියලුම දෙනාගේ සහාය මා බලාපොරොත්තු වෙනවා.
මේ මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන් වැඩිම ප්‍රමාණයක් ආණ්ඩුවක් වෙත ඡන්දය ලබාදුන් මැතිවරණයක් බව අප කවුරුත් දන්නවා. පොදු ජනතාව තුළ රාජ්‍ය සේවය කෙරෙහි යම් අයහපත් චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබෙනවා. රාජ්‍ය සේවයේ නිරත වන අය දෙස බැලීමේදී තම රාජකාරි ජීවිතය තුළ තෘප්තියක් නැහැ. ජනතාව සතුටට පත්නොවන සහ තෘප්තිමත් නොවන රාජ්‍ය සේවයක් අප සතුව තිබෙනවා. තෘප්තිමත් රාජ්‍ය සේවයක් දෙපාර්ශ්වයටම ඇති කිරීමට අපට වගකීමක් තිබෙනවා. යහපත් රාජ්‍ය සේවයක් සඳහා අප ඉදිරිපත් කර තිබෙන යෝජනා සහ ප්‍රතිසංස්කරණවලට ඔවුන්ගේ පක්ෂපාතීත්වය මේ ජනවරමින් පෙන්නුම් කර තිබෙනවා. ශක්තිමත්, යහපත් රාජ්‍ය සේවයකින් තොරව අපට ඉදිරියට යන්න බැහැ.ලෝකයේ සෑම රටකම අලුත් හැරවුමක් ලබා ගැනීමේදී දේශපාලන නායකත්වයේ මඟපෙන්වීම වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙනවා. දේශපාලන අධිකාරීන්ට කවර ප්‍රමාණයේ ඉලක්ක සහ අපේක්ෂා තිබුණත්, ඒ අපේක්ෂා සහ ඉලක්ක මෙහෙයවිය හැකි වන්නේ ඊට සරිලන, අනුගත වන රාජ්‍ය සේවයක් නිර්මාණය කර ගැනීමට සමත්වුවහොත් පමණයි. එනිසා මහජනතාවගේ හිතසුව පිණිස වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් යළි මේ රටේ ස්ථාපිත කළ යුතු බව මා විශ්වාස කරනවා.
ප්රජාතන්ත්රවාදය සහ නිදහසට අනුව සෑම පුරවැසියකුටම තමන් අදහන ආගම, භාෂාව සහ තම සංස්කෘතීන් හුදකලාවීමට ලක්විය යුතු නැහැ. තමන් අදහන ආගම, සංස්කෘතිය, නියෝජනය කරන දේශපාලනය තමන්ට අතිරේක පීඩාවක් ගෙන එන බවට හැඟීමක් ඇති විය යුතු නැහැ. දේශපාලන වශයෙන් කුමන මත දැරුවත් නිදහස සෑම දෙනාටම පොදු දෙයක් විය යුතුයි. සෑම කෙනෙකුටම බියෙන්, සැකෙන් තොර ප්රජාතන්ත්රවාදී නිදහස් රාජ්‍යයක් බිහි කිරීම අපගේ වගකීමක්. ඒ වගකීම අප ඉටු කරන බවට අප ඔබට සහතික වෙනවා. නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වන්නේ මේ පාර්ලිමේන්තුවේ සකස් කරන නීතිවලින් පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවල දීර්ඝ සාකච්ඡා සහ දීර්ඝ විවාදවලින් ඉතාමත් ප්රගතිශීලී ශක්තිමත් නීති අප සම්පාදනය කර තිබෙනවා. හැබැයි නීති සම්පාදනය කිරීම ප්‍රමාණවත් නැහැ. එම නීති නිසි පරිදි ක්රියාවේ යෙදිය යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන හැඟීම ඇති විය යුතුව තිබෙනවා. නමුත් පසුගිය කාලය පුරා අපේ රටේ සිදුව තිබෙන දේ තමයි නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීම. තමන්ට යම් අසාධාරණයක් සිදු වූ විට නීතිය ඉදිරියට ගොස් සාධාරණය ඉටුකරගත හැකියි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අයුක්තියක් සිදු වුවහොත් එම අයුක්තිය විසඳා ගැනීම සඳහා නීතියේ පිහිට පැතිය හැකියි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා පොදු ජනතාව තුළ නීතියේ ආධිපත්‍යය පිළිබඳ තිබෙන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැඟීමට හැකි වනු ඇතැයි අප කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. යහපත් රාජ්‍යයක් ගොඩනඟනවා නම් එහි ප්‍රධාන සාධකය බවට නීතියේ විධානයේ ආධිපත්‍යය සහතික විය යුතුයි. ඒ නිසා ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් අප මේ නීතියට යටත්. කිසිම දේශපාලනඥයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නැහැ. හැමදෙනාම නීතියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳ ජනතාවගේ බිඳවැටුණු විශ්වාසය නැවතත් තහවුරු කළ යුතුයි. මෙහිදී කිසිවකුගෙන් පළි ගැනීමේ, කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමේ වුවමනාවක් අපට නැහැ. හැම දෙනාටම නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය අප තහවුරු කරනවා.
නමුත් ලංකාවේ ආන්දෝලනයට තුඩු දී ඇති අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත් වී අවසන් වනු ඇතැයි කියා එය නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීමක්. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳව යළි විමර්ශනය කර වින්දිතයන්ට සාධාරණත්වයත්, අපරාධකරුවන්ට දඬුවමත් ලබා දිය යුතුයි. විවිධ අවස්ථාවල මේ රටේ සිදුව තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ සටන් පාඨ බවට පත් කරගත්තා. ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධවලට සම්බන්ධ වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට ගෙන ගොස් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවටත් අප ඔබට සහතික වෙනවා. නීතිය, යුක්තිය, සාධාරණත්වය ඉටු වන රාජ්‍යයක් අපට අවශ්‍යයි. මේ ලැබී තිබෙන ජනවරම තුළවත් එම රාජ්‍යය ස්ථාපිත කිරීමට අප අසමත් වන්නේ නම් යළි එවැනි රාජ්‍යයක් පිළිබඳ අප සිහින දැකීමෙන්වත් පලක් නැහැ. මේ ජනවරමේ වුවමනාව ඒ සඳහා තිබෙනවා. එම හඬ සහ අඳෝනාව තිබෙනවා. තමන්ගේ ඥාතීන් මියයාමේ ප්‍රකාශන මේ ජනවරම තුළ තිබෙනවා. ඝාතනයට ලක් වූවන්ගේ මිතුරන්ගේ අඳෝනාව මේ ජනවරමේ තිබෙනවා. ඒ සඳහා අප යුක්තිය ඉටු කරන්නේ නැතිනම් කවුද එය ඉටු කරන්නේ, කාටද එය භාර දෙන්නේ. අප විසින් මේ දේ ඉටු කරන්නේ නැත්නම් යුක්තිය, සාධාරණය පිළිබඳ මේ රටේ සිහින මැරෙනවා. ඒ නිසා යුක්තිය සහ සාධාරණත්වය යළි මේ රටේ ස්ථාපිත කළ යුතුයි. අපරාධ හා තුඩු දී තිබෙන වංචා දූෂණ පිළිබඳ අප නීතිය ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යයත්, නීතිය පිළිබඳ ජනතාවගේ තිබෙන විශ්වාසයත් යළිත් තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.
මේ ආණ්ඩුව භාරගන්නා විට අප විපක්ෂයේ දේශපාලනයේ යෙදෙමින් සිටියත් මෙරට ආර්ථිකයේ තිබෙන ගැඹුරේ ප්‍රමාණය අප දැන සිටියා. අපේ ආර්ථිකය විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක සිරවී තිබෙන ආර්ථිකයක්. ඉතාමත් සියුම් හුයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අපට තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ආර්ථිකයට විශාල හැරවුම් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා බලය ගත් විගස අපේ අපේක්ෂාව බවට පත්වුණේ ආර්ථික ස්ථාවරත්වය සහ ඊට අදාළ කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම. මේ ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදයේ ප්‍රමාණය මත අපේ කුඩා හෝ අත්වැරදීමක් මහත් ප්‍රතිවිපාක ගෙන දෙනවා. කුඩා හෝ කම්පනයක් මේ ආර්ථිකයට තවදුරටත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ථිකය ඉතා සියුම්ව බිඳ වැටීමට ඉඩ නොතබා සෑම තීරණයක්ම සෑම අවස්ථාවකදීම පැති ගණනාවකින් කල්පනා කර ගත යුතු අවස්ථාවකට අප එළැඹ සිටිනවා. වැරදි කිරීමේ අවස්ථාවක් හෝ අත්වැරැද්දක් කිරීමේ අවස්ථාවක් මේ ආර්ථිකයේ අපට උරුම කර දී නැහැ. ඒ නිසා මේ ආර්ථිකය මෙහෙයවීමේ දී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කර සංවාදයට ලක් කර තීන්දු ගත යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳ වට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම් ගෙන තිබෙනවා. ඒ අනුව අප ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙන මේ එකඟතාවන්ට අනුරූප වන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව. ඒ අනුව අප දැනට ක්‍රියාමාර්ග කිහිපයක නිරත වෙමින් සිටිනවා. අපි කවුරුත් දන්නවා එහි තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වන සමාලෝචනය අප ආරම්භ කළ යුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ. නමුත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය හේතු කොටගෙන තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම සඳහා අපට කාලයක් ගත වුණා. මහමැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පසුගිය 17 වැනිදා ලංකාවට පැමිණියා. අප ඔවුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට මේ මස 23 වැනිදා එළැඹීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ වැඩසටහන් ඇතුළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැට ගැසී තිබුණා. අප බලය ගන්නා විටත් ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවකට පැමිණ තිබුණා. ඒ වගේම වාණිජ වෙළෙඳපොළේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබුණා. එම සාකච්ඡා ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අවසන් වූ බව මාධ්‍ය හරහා ප්‍රකාශ වුණා. ඒ නිසා අපට යළි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවලට ඉඩකඩක් විවෘත වී තිබුණේ නැහැ. අවුරුදු දෙකකට වැඩි කාලයක් සාකච්ඡා සඳහා බඳුන් වී තිබුණා. නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා ආරම්භ වුවහොත් දීර්ඝ කාලයක් ගත වෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කර ගැනීමෙන් තොරව අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පැවති සාකච්ඡාවල අවසන් අදියර තමයි අප බලයට පැමිණෙන විට තිබුණේ. ඒ නිසා එම යෝජනා හොඳ ද, නරක ද, වාසි ද, අවාසි ද කියන එක දැන් විවාද කිරීමෙන් පලක් නැහැ. එය තමයි අප හමුවේ තිබෙන යථාර්ථය. ඒ අනුව ද්විපාර්ශ්වීය ණය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා. අප ඉක්මනින්ම එක් එක් රටවල් සමඟ වෙනම ගිවිසුම්වලට එළැඹීමට සූදානම් වී සිටිනවා. අනිත් පැත්තෙන් ගතහොත් වාණිජ වෙළෙඳපොළෙන් ලබාගත් ණය පිළිබඳව දැන් මූලික ගිවිසුමට අප එළැඹ තිබෙනවා. දෙසැම්බර් මාසය අවසන් වන විට එම කාර්යය අවසන් කරගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගැට ගැසී තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන මේ වසර අවසන් වන විට අපට සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වනු ඇතැයි සිතනවා. ඒ වගේම තුන්වන සමාලෝචනයේ කාර්ය මණ්ඩල එකඟතාව මේ සතියේ අපට ලබා ගැනීමට හැකි වේවි. අපේ ආර්ථිකය යම් ප්‍රමාණයකින් විශ්වසනීය ලෙස ගොඩනැඟීමට එය පිටිවහලක් වේවි.
හැබැයි අපි ප්‍රතිපත්තියක් ලෙස අපේ ආර්ථිකය මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට එම න්‍යාය පත්‍රය පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපේ රටේ මූල්‍ය ක්ෂේත්රයේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් වේවි.
අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන කඩාවැටීම පියමං කිරීම සඳහා නව ආර්ථික උපායමාර්ගයන්ට අප අවතීර්ණ විය යුතුයි. එම නව ආර්ථික උපායමාර්ග ප්‍රධාන ලක්ෂණ 3කින් සමන්විත වෙනවා. පළමුකොටම අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්රසාරණයක් ඇති කරගත යුතුයි. බොහෝ විට අපේ ආර්ථික වර්ධනය විශාල වශයෙන් ගෙන දෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ නිසා අනෙක් පළාත් දක්වා ආර්ථිකය ප්‍රසාරණය විය යුතුයි. ඒ නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා වේගවත් ප්රසාරණයක් ඇති කර ගැනීම අපේ ආර්ථිකයේ ප්‍රධාන සැලැස්මයි.
ඊළඟ ලක්ෂණය වන්නේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් අපට පලක් නැහැ. ජනතාව දූවිලි බවට පත්කරන ලද ආර්ථිකයකින් අපට පලක් නැහැ. ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයකදීම ඒ ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්විය යුතුයි. ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් වන්නේ නැතිව ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගලාගෙන එන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන ප්රයත්නය බවට පත්වන්නේ අපි හදන ආර්ථික ගමන් මඟේ අපි කොහොමද ජනතාව පංගුකරුවන් බවට පත්කර ගන්නේ යන්නයි.
අපේ ආර්ථික උපායමාර්ගවල තුන්වන ලක්ෂණය වන්නේ අප මොන තරම් රටේ ජාතික ධනය නිෂ්පාදනය කළත් එම ජාතික ධනය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රය වනවා නම් ඒ රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වන්නේ නැහැ. සියලු ජනතාව එක් වී ආර්ථිකයේ මහා ජාතික ධනය නිෂ්පාදනය කරනවා. රටේ ස්වභාවික සම්පත් ඒ ජාතික ධනය නිෂ්පාදනය කිරීමට උපයෝගි කර ගන්නවා. අප සියලු දෙනා එක්වී මහා ජාතික ධනයක් එකතු කරගෙන එය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රනය වනවා නම් රටේ ආර්ථිකය මෙන්ම සමාජය ද ස්ථාවර වන්නේ නැහැ. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය වන්නේ ආර්ථික ප්රතිලාභ සාධාරණව ජනතාව වෙත ගලා යා යුතුයි කියන එකයි. කිහිප දෙනෙකු අතේ සංකේන්ද්‍රනය වීම නිසා විශාල අර්බුද ගණනාවක් නිර්මාණ වූ ඉතිහාසයක් අප දැක තිබෙනවා. ඒ නිසා අපි ආර්ථිකයේ ප්රතිලාභ ජනතාව වෙත සාධාරණව ගලා යා යුතුය යන ස්ථාවරයේ සිට අප ආර්ථිකය හසුරවනවා.
ඒ වගේම වෙළෙඳපොළ හැසිරවීම පිළිබඳ අපට ප්‍රතිපත්තියක් තිබෙනවා. අප දන්නවා අපේ රට විශාල වෙළෙඳපොළක් තිබෙන රටක් නොවෙයි. එම වෙළෙඳපොළේ ඒකාධිකාරින් නිර්මාණය විය හැකියි. අපි සහල් පිළිබඳ ගතහොත් අපේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500යි. ආසන්න වශයෙන් ගතහොත් අපට වසරකට අවශ්‍ය වන්නේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 23ක් පමණ.
එය ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කර බලන විට කුඩා වෙළෙඳපොළක හැඩරුව පෙන්නුම් කරනවා. කුඩා වෙළෙඳපොළක තිබෙන අනතුර වන්නේ එම වෙළෙඳපොළ තුළ ඒකාධිකාරින් නිර්මාණය විය හැකියි. ඒ නිසා ආර්ථිකයේ තිබෙන දත්ත සහ චලනයන් මත නොවෙයි වෙළෙඳපොළ හැසිරෙන්නේ. එය අප අත්විඳිමින් තිබෙනවා. ආර්ථිකයේ සාධක මත අපේ වෙළෙඳපොළ හැසිරෙන්නේ නැහැ. අද අපේ රටේ වෙළෙඳපොළ හැසිරෙන්නේ ඒකාධිකාරින් මත. භාණ්ඩ මිල උච්චාවවනය කිරීමට සහ තීන්දු කිරීමට ඔවුන්ට පුළුවන්. වී මිලදී ගැනීමේ මිල ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. සහල් මිලත් ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. ඒ කිසිවක් තීරණ වන්නේ වෙළෙඳපොළ සාධක මත නොවෙයි. ඔවුන් වෙළෙඳපොළේ අත්පත් කරගෙන තිබෙන අධිකාරි බලය මත. ඒ නිසා වෙළෙඳපොළ ඒකාධිකාරිත්වයක් නිර්මාණය කිරීම තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට විශාල වැය බරක් දැරීමට සිදුව තිබෙනවා. ඒ නිසා අපි යළි අපේ රටේ වෙළෙඳපොළ හැසිරීම ප්‍රතිෂ්ඨාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
රාජ්‍යයක් ලෙස අපේ අරමුණ වන්නේ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ හා සේවා අඛණ්ඩව, ගුණාත්මකව හා සධාරණ මිලකට ලබාදීම. එය තමයි මහජනයා කෙරෙහි රජය සතුව තිබෙන වගකීම. එම වගකීම රජයට අත්හරින්න බැහැ. එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් අප යන්ත්‍රණ කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එකක් තමයි සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ තරගය විසින් අඛණ්ඩතාව සහ ගුණාත්මකභාවය නිර්මාණය කිරීමට පුළුවන් වගේම මිල තීරණය කළ හැකියි. ඒ නිසා ඇතැම් ක්ෂේත්රවල තරගකාරිත්වය හරහා ඉහත කී අරමුණු ඉටු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. හැබැයි ඇතැම් ක්ෂේත්‍ර තිබෙනවා එය වෙළෙඳපොළේ නිදහස් තරගයම නොවෙයි. වෙළෙඳපොළ යම් නියාමන අධිකාරින් විසින් නියාමනය කිරීම හරහා එම නියාමනය ඇති කළ හැකියි. දැනටමත් ඒ සඳහා වූ නියාමන ආයතන අප ගොඩනඟා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ නියාමන අධිකාරින් සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. හැබැයි වෙළෙඳපොළේ ඇති වී තිබෙන විකෘතීන් වෙනස් කිරීම සඳහා එම නියාමන අධිකාරි හා නීති ප්‍රමාණවත් වී තිබෙනවාද යන්න අප නැවත සමාලෝචනය කළ යුතුයි.
වෙළෙඳපොළේ ඇතිවෙන නිදහස් තරගය විසින් යට කී අරමුණු ඇති කරගන්න පුළුවන්. හැබැයි සමහර ක්ෂේත්‍ර තිබෙනවා එය වෙළෙඳපොළේ නිදහස් තරගයම නොවෙයි. වෙළෙඳපොළට යම් නියාමන අධිකාරීන් විසින් නියාමනය කිරීම හරහා වෙළෙඳපොළ හැසිරවිය හැකියි. දැනටමත් ඒ සඳහා නියාමන ආයතන අප ගොඩනඟා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ නියාමන අධිකාරීන් සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. හැබැයි වෙළෙඳපොළේ ඇතිවී තිබෙන විකෘතීන් වෙනස් කිරීම සඳහා ඒ නියාමන අධිකාරීන් ප්‍රමාණවත් වී තිබෙනවාද ඒ නියාමන නීති ප්‍රමාණවත් වී තිබෙනවාද යන්න නැවත සමාලෝචනය කළ යුතුයි. ඒ නිසා වෙළෙඳපොළ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීති සහ ගොඩනඟන අධිකාරීන් හරහා ඒ නියාමනය හරහා සමහර ක්ෂේත්‍ර අප මෙහෙය විය යුතුයි.
තව ක්ෂේත්‍ර තිබෙනවා අපට. ඒ ක්ෂේත්‍ර ආර්ථිකයට ඉතාමත් වැදගත් සංවේදී ක්ෂේත්‍ර. ඒ ක්ෂේත්‍ර හුදු වෙළෙඳපොළේ තරගකාරීත්වය මත නොවෙයි. රාජ්‍ය ඒ වෙළෙඳපොළේ පංගුවක් නියෝජනය කිරීම හරහා වෙළෙඳපොළ හැසිරවිය යුතුයි. එහිදී අපි කල්පනා කරනවා බලශක්ති වෙළෙඳපොළ. නිදහස් බලශක්ති වෙළෙඳපොළ නිදහස් තරගය විසින්ම තීරණය විය යුතු නැහැ. බලශක්ති වෙළෙඳපොළ හැසිරවීමේදී රාජ්‍ය පංගුවක් බලශක්ති වෙළෙඳපොළ නියෝජනය විය යුතුයි. එය ආර්ථිකයේ ඉතාමත් සංවේදී ස්ථානයක්. බලශක්ති වෙළඳපොළේ ඇතිවන කුඩා උච්චාවචනයක් ආර්ථිකයට මාරාන්තික ලෙඩ ගෙනත් දෙනවා. ඒ නිසා එවැනි ක්ෂේත්රවල යම් රාජ්‍ය පංගුවක් වෙළෙඳපොළ නියෝජනය විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
ඒ වගේම මූල්‍ය වෙළෙඳපොළ. මූල්‍ය වෙළෙඳපොළ නිදහසේම හැසිරෙන්න පටන් ගත්තොත් එය කුමන තත්ත්වයකට පත්වෙයිද? මහ බැංකුව එය නියාමන අධිකාරියක් හැටියට කටයුතු කරනවා. හැබැයි ඒ වගේම අපි හිතනවා මූල්‍ය වෙළෙඳපොළෙත් රාජ්‍ය පංගුවක් නියෝජනය කළ යුතුයි. ඒ නිසා වෙළඳපොළේ අත්‍යවශ්‍ය ස්ථාන කිහිපයක් අපි කල්පනා කරනවා. රාජ්‍ය පංගුවක් හරහා හැසිරවිය යුතුයි. රාජ්‍ය ආම් එකක් හැටියට කටයුතු කළ යුතුයි කියන ස්ථාවරයක අපි ඉන්නවා වෙළෙඳපොළ තහවුරු කිරීමේදී.
හතරවනුව වෙළෙඳපොළ විසිරිලා තිබෙන වෙළෙඳපොළක් වෙනුවට අපට පුළුවන්කම තිබෙනවා වෙළෙඳපොළ සංවිධානාත්මක කරන්න. ඒ නිසා අපි දන්නවා අපේ රටේත් ලෝකයේත් වෙළෙඳපොළ හැසිරවීමේදී විශාල දායකත්වයක් මේ සමුපකාර ජාලය සංවිධාන කරනවා. ඒ නිසා යළි සමුපකාර ජාලය ශක්තිමත් ලෙස සංවිධාන කර වෙළෙඳපොළේ ශක්තිමත් තරගකරුවෙක් හැටියට අපි වෙළෙඳපොළට අවතීර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනයත් වෙළෙඳපොළත් හැසිරවීමේ ප්‍රතිපත්තිය ඍජුයි. කවුරුත් මීට පස්සේ ප්‍රශ්න කරන්න හැබැයි මේ පදනමේ පිහිටා. මේක තමයි අපේ පදනම.
ඒ මත පදනම්ව අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා කෙටිකාලීනව අත්පත් කරගත් ස්ථාන කිහිපයක් අපි හඳුනාගෙන තිබෙනවා. කෙටිකාලීනව අපට වේගවත් පිම්මක් ලබාගත හැකියි සංචාරක කර්මාන්තයෙන්. අපි සංචාරක කර්මාන්තය සැලසුම් සකස් කර තිබෙනවා මිලියන හතරක සංචාරකයන් කැඳවා ගැනීමටත්, ඩොලර් බිලියන අටක ආර්ථිකයක් සංචාරක කර්මාන්තය හරහා අවුරුදු තුන හතරක් වැනි කාලයක් ඇතුළත මේ රටට දිනා ගැනීම සඳහා අපි අපේක්ෂා කරනවා. අපේ රටට වැඩිම සංචාරකයන් ආවේ 2018 වසරේ. මිලියන දෙකයි දශම තුනක වගේ සංචාරකයන් ආවා. ඩොලර් බිලියන හතරයි දශම තුනක වගේ ආර්ථිකයක් අපට එයින් හිමි වී තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව මිලියන හතරක සංචාරකයන් කැඳවා ගැනීම සහ ඩොලර් මිලියන අටක ආර්ථිකයක් උත්පාදනය කර ගැනීමයි. එය අපට වේගයෙන් පිම්මක් ගන්න පුළුවන් තැනක් කියා අප කල්පනා කරනවා.
මීළඟ විශේෂම අයි.ටී. ක්ෂේත්රය. කවුරුත් දන්නවා ලෝකයේ වේගයෙන් අයිටී ක්ෂේත්රයේ වෙළෙඳපොළ ගොඩනැඟෙමින් තිබෙනවා. ඒ නිසා අයි.ටී. නිපුණතාව සහිත, සාක්ෂරතාව සහිත වෘත්තීයවේදීන් අපට අවශ්‍යයි. අද අපේ රටේ අයි.ටී. ක්ෂේත්රයට අදාළ වෘත්තීයවේදීන් ඉන්නේ අසූ පන් දහසයි. අපි අවුරුදු පහක් ඇතුළත අයි.ටී. ක්ෂේත්රයේ අදාළ වෘත්තීයවේදීන් ලක්ෂ දෙක දක්වා වර්ධනය කරන්න අපි අපේක්ෂා කරනවා. දැනට අයි.ටී. ක්ෂේත්රයේ අපේ අපනයන ආදායම තිබෙන්නේ ඩොලර් බිලියන එකයි දශම දෙකක වගේ කුඩා අපනයන ආදායමක්. අයි.ටී. ක්ෂේත්රයේ අපනයන ආදායම අපි ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් ඉලක්ක කරගෙන අයි.ටී. ක්ෂේත්රයේ නව පරිවර්තනයක් ඇති කිරීමට අපි මැදිහත් වෙනවා. ඒ සඳහා අධ්‍යාපනය, භාෂාව පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය අපේ රටේ ආර්ථිකය විශාල පිම්මක් ලබාගත හැකි තැනක් හැටියට අපි කල්පනා කරනවා.
ඒ වගේම අපි දන්නවා අපේ රටේ පිහිටීමත් එක්ක වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා. අදත් කොළඹ වරාය ලෝකයේ වරාය අතර ප්‍රමුඛස්ථානය උසුලනවා. හැබැයි අපි කාර්යක්ෂමතාව කැඳවලා තිබෙනවා. වේගවත් කළමනාකරණයක් අපි කැඳවලා තිබෙනවා. අපේ වරායේ භාණ්ඩ හා සේවා සැපයුම ලබා ගන්නා කණ්ඩායම් වරායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සෑහීමකට පත්වෙනවද? නෑ; එය අකාර්යක්ෂමතාවට පත්වී තිබෙනවා. ඒ නිසා අපේ රට ලෝකයේ ඉතාමත් ප්‍රබල වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීම සඳහා අපට ස්වභාවයෙන්ම ලැබී තිබෙන පිහිටීමේ දායාදය තිබෙනවා. මේ පිහිටීමේ දායාදය අපි සම්පූර්ණ කළ යුතුයි. ප්‍රබල වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් අප සකස් කර තිබෙනවා. එය වේගයෙන් ආර්ථික පිම්මක් ලබාගත හැකි තැනක් ලෙස අපි කල්පනා කරනවා.
ඒ වගේම කෘෂි කර්මාන්තය. අපි දන්නවා අපට ඒ සඳහා අවශ්‍ය ඉතාමත් යෝග්‍ය පරිසරයක් තිබෙනවා. මහපොළොවත් එක්ක හැප්පෙන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්නවා. හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ ණයගැතිභාවයට පත්වුණු ගොවි ජනතාවක්. තමන්ගේ කනකර පවා බැංකුවට උකස් තියන්න සිදුවුණු ගොවි ජනතාවක්. වතුර මෝටරය උකස් කියන්න සිදුවුණු ගොවි ජනතාවක්. අපි දීර්ඝ ලෙස කෘෂි කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කර තිබෙනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි බැලුවොත් වාරි කර්මාන්ත ක්ෂේත්රයට විශාල ආයෝජනයක් ඇතිකර තිබෙනවා. වර්තමානයේත් මා දන්නවා වාරි ක්ෂේත්රය වර්ධනය කිරීම සඳහා විශාල ආයෝජන අපි සිදු කරමින් තිබෙනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණයන් සඳහා අපි විශාල වැය බරක් සිදුකර තිබෙනවා.හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ කුමක්ද? ගොවියා ණය භරිත ගොවිෙයක් බවට පත්වී තිබෙනවා. ණය භරිතභාවය ඔවුන් සමාජයේ කොන්වූ පුරවැසියෙක් බවට පත්කරනවා. සෞඛ්‍ය අනාරක්ෂිතතාව ඇතිකර තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වට්ටවා තිබෙනවා. පහසුකමක් ඇති නිවාසත් නැති තත්ත්වයට පත් කර තිබෙනවා. කෘෂි ජීවිතයත් සමඟ ගැට ගැහුණු ගොවියාගේ දරිද්‍රතාව විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා අපි කෘෂි කර්මාන්තයේ නව නැවුම් පිම්මක් ගැනීම අපේ අපේක්ෂාවයි. අපි යළිත් අපේ බීජ පර්යේෂණාගාර දියුණු කළ යුතුයි. බීජ ගොවිපොළ දියුණු කළ යුතුයි. යළි ශක්තිමත් කෘෂි ව්‍යාප්ති සේවාවක් අපි ආරම්භ කළ යුතුයි. අපේ ලංකාවේ අවශ්‍ය වන කෘෂි නිෂ්පාදන පමණක් නොවෙයි අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර කෘෂි නිෂ්පාදනයන්ට අපි අවතීර්ණ විය යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්රයේ නවෝදයක් අපි අත්පත් කරගන්නේ නැතිව ගොවි ජනතාවගේ ජීවිතය ඉදිරියට ගත හැකියි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඒකට වේගයෙන් පිම්මක් ගත හැකි ස්ථානයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ නිසාම අපි කෘෂි කර්මාන්තයට ආරම්භයේදීම හෙක්ටයාරයක් සඳහා රුපියල් පහළොස් දහසක් ලබා දුන් පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. තවත් සහනාධාර ලබා දිය යුතු ස්ථාන තිබෙනවා නම් අපි සහනාධාර දෙන්න ලෑස්තියි. මොකද කෘෂි කර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කළ යුතුයි.
ඒ වගේම අපි කල්පනා කරනවා ධීවර කර්මාන්තය ගැන. අපට අපේ රට වගේ අට ගුණයක මහමුහුදක් තිබෙනවා. හැබැයි අපි ඒ මහමුහුදෙන් නෙළා ගන්නා ඒ මහා සම්පතෙන් උපයෝගී කරගන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. ධීවර කර්මාන්තයෙන් අපේ ආර්ථිකයට විශාල පිම්මක් ගත හැකියි. පහුගිය කාලේ ඉන්ධන හා භාණ්ඩවල මිල ඉහළ යාම හේතු කොටගෙන විශාල බෝට්ටු ප්‍රමාණයක් මුහුදු යනවා වෙනුවට වැල්ලේ ගැටගසා තිබුණේ. බෝට්ටු වැල්ලේ ගැට ගසා තිබීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපේ පළමු අභිප්‍රාය බවට පත්වුණේ වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු නැවත මහමුහුදට දියත් කිරීමයි. ඒ නිසා තමයි අපි ආරම්භයේදීම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කළේ. අපට දැනට ලැබෙන තොරතුරු අනුව වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු සියල්ලම නැවත දියඹට දියත් කර තිබෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ආර්ථිකය පිම්මක් ගත යුතු තැන්.
ඒ වගේම අපට දිගුකාලීනව ආර්ථිකයේදී අපි හිතනවා අපේ රටේ තිබෙන ස්වාභාවික සම්පත්, ඛනිජ සම්පත් මත අපට ආර්ථිකයේ විශාල විභවයක් නිර්මාණය වී තිබෙනවා.මේ ඛනිජ සම්පත් අපි දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය වන වටිනාකම්, අගයන් එකතු කරන්නේ නැතිව අපට අවශ්‍ය වන වටිනාකම් උකහා ගැනීමට අප අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි රාජ්‍යයත්, පෞද්ගලික අංශයත් ඒකාබද්ධතාවයෙන් යුතුව මේ ඛනිජ සම්පත් යළි වඩාත් උපයෝගී සහිත සම්පත් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියා අගය එකතු කරන ලද කර්මාන්ත පද්ධතියක් ගොඩනැඟීමට අපි අපේක්ෂා කරනවා. දැනටමත් අපි අපේ රටේ දේශීය කර්මාන්තකරුවන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අපි හිතන්නේ නෑ ඒවා මුළුමනින්ම රාජ්‍ය විසින් පමණක් කළ හැකි දෙයක් කියලා. සමහර ඒවාට අපට තාක්ෂණය අවශ්‍යයි. සමහර තැන්වලට අපට ප්රාග්ධනය අවශ්‍යයි. ඒ නිසා ඒ අවශ්‍යතාව මත අපි පෞද්ගලික ව්‍යවසායකයන්ද ඒ කර්මාන්ත පද්ධතිය දියුණු කර ගැනීම සඳහා උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙනවා. එය අපේ ආර්ථිකයේ අලුත් හැරවුමක් වේවි කියා අපි විශ්වාස කරනවා.
මීළඟට අපි හිතනවා අපේ ආර්ථිකයට අලුත් හැරවුමක් ගන්න පුළුවන් ක්ෂේත්රය තමයි විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්රය. ලෝකයේ අපි දියුණු යැයි සම්මත රාජ්‍යයන් දෙස බැලුවොත් ඒ හැම රාජ්‍යයක්ම තමන්ගේ වාර්ෂික අය වැය ලේඛනයේ විශාල පංගුවක් නව පර්යේෂණ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. වෙළෙඳපොළ ඉස්සරහට යන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා සැපයීමෙන් නොවෙයි. වෙළෙඳපොළ නිරන්තරයෙන් අලුත් වෙනවා. වෙළෙඳපොළ නිරන්තරයෙන් අලුත් වෙන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පසෙකලා නව නිමැවුම් භාණ්ඩ හා සේවා වේ නිෂ්පාදනය වෙනුවෙන් තමයි අලුත් වෙළෙඳපොළක් නිර්මාණය වෙන්නේ. ඒ අලුත් වෙළෙඳපොළ අත්පත් කරගන්න පහුගිය කාලයේ මේ ආසියානු කලාපයේ රාජ්‍යයන් ගණනාවක් සමත් වී තිබෙනවා. හැබැයි අපි ලෝකයේ ඇතිවී තිබෙන නව වෙළෙඳපොළේ පංගුකරුවෙක් බවට පත්වෙන්න අසමත් වී තිබෙනවා. අපි ගතානුගතික සාම්ප්‍රදායික භාණ්ඩ හා සේවා සපයන රාජ්‍ය පංගුකරුවෙක් බවට පත්වී තිබෙනවා.
අපේ අපේක්ෂාව එහෙනම් විද්‍යා පර්යේෂණ ක්ෂේත්රයේ අපි අලුත් පිම්මකට අදියර ගෙන යා යුතුයි. ඒ නිසා තමයි විද්‍යා හා තාක්ෂණය පිළිබඳ නව අමාත්‍යාංශයක් අපි ගොඩනඟන්නත් ඒ සඳහා ඒ ක්ෂේත්රය පිළිබඳ විශාල අත්දැකීමක් තිබෙන රාගම වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය ක්‍රිෂාන්ත එහි අමාත්‍යවරයා හැටියට පත් කරන්නත් ඒ වගේම මේ වන විටත් ඒ ක්ෂේත්රයේ එක්සත් ජනපදයේ විශාල පර්යේෂණ ගණනාවක් කර ලංකාවට කීර්තියක් හිමිකර දී තිබෙන ගෝමික වැනි අය ජනාධිපතිවරයාගේ හා තාක්ෂණය පිළිබඳව උපදේශකවරයා හැටියට පත් කරන්නත් අපි කටයුතු කර තිබෙනවා. අපි විශාල හැරවුමක් මේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ඇති කරන පරිවර්තනයන් ගැනීමට අපේක්ෂා කරනවා.
ඊළඟ ප්‍රධාන ස්ථානය තමයි ඩිජිටල්කරණය. ඩිජිටල් ආර්ථිකයක්. සාමාන්‍යයෙන් අපි හිතනවා ඩිජිටල් ඉකොනොමි එක ඩොලර් බිලියන පහළොවක ඉකොනොමි එකකට අපට යන්න පුළුවන් කියලා. ඒ සඳහා අපි වෙනම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍යාංශයක් ගොඩනඟා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඒ ක්ෂේත්රය පිළිබඳ විශාල දැනුමක් හා අත්දැකීමක් තිබෙන හාන්ස් විජේසූරිය මහතා ජාත්‍යන්තරව වැඩ කරපු විශාල සමාගමකින් ඉවත් වෙලා එහි තමන් දැරූ ප්‍රධානම වෘත්තියෙන් ඉවත් වෙලා ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන සඳහා දායකත්වය සපයන්න ඔහු සූදානම් වී තිබෙනවා.
මා ඔහු එම අමාත්‍යාංශයේ ලේකම්වරයා බවටත් ICT ආයතනයේ සභාපතිවරයා බවටත් ඒ වගේම ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණය පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කිරීමටත් සූදානම්. මේක එක තැනක සිට මෙහෙයවිය යුතුයි.මේ ඉලක්කය අපි සම්පූර්ණ කර ගත යුතුයි. පුරවැසියන්ට සේවාවන් සැපයීමේදී ආර්ථිකය අලුත් අදියරයකට තල්ලුවීමේදී ඩිජිටල්කරණය අතිශය වැදගත්.අපේ රට මේ තිබෙන තලයේ සිට අලුත් තලයකට ඔසවා තබනවානම් ඒ තලයේ තිබෙන විශේෂම ලක්ෂණය තමයි ඩිජිටල් ශ්‍රී ලංකාවක්. අපේ ආණ්ඩුව එය ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා. අපේ සාර්ථක කර ගැනීම සඳහා අපි අපේ පැත්තෙන් උපරිම මැදිහත්වීම කරනවා. එය සාර්ථකව ජයග්‍රහණය කළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා.
ඊළඟට අපි ප්‍රධානම වැඩපිළිවෙළක් ආරම්භ කරනවා ක්ලීන් ශ්‍රී ලංකා (clean sri lanka). ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවන්නට මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා කියන එකේ අර්ථය තිබෙන්නේ පරිසර පද්ධතිය විතරක් නෙවෙයි. අපේ මේ ජනතාවට දේශපාලන අධිකාරියේ යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරි යන්ත්රණයේ යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. යහපත් රාජ්‍යයක් ගොඩනැඟීමේදී පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයක් අවශ්‍යයි. පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයකින් තොරව උඩින් දේශපාලන අධිකාරියේ පමණක් සිදුවන පරිවර්තනයකදී අපට මේ ජයග්‍රහණ සාර්ථකව ලබාගත හැකි වන්නේ නැහැ. ඒ නිසා අපි විශාල වෙහෙසක් දරනවා යහපත් ආකල්ප, යහපත් ක්‍රියාකාරකම් යහපත් හැසිරීම් සහිත ජනතාවක් නිර්මාණය කරගත යුතුයි.
එය තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ අභිමතාර්ථයන් බවට පත්වන්නේ. මේ වගේ ජාතික සභාවක කතා නොකළ යුතු වුවත් ප්‍රාදේශීය සභා මට්ටමේ ප්‍රශ්නයක් වුවත් ඔබ අහන්න අපේ රටේ කාන්තාවන්ගෙන් මේ රටේ තමන්ට වැසිකිළි යෑමට පිරිසුදු වැසිකිළි පද්ධතියක් තිබෙනවාද? මා දන්නා සමහර දුර පළාත්වලින් කොළඹ එන කාන්තාවන් කොළඹ ඇවිත් නිෙවසට යනතෙක් වතුර බොන්නේ නැහැ. ඇයි? ඇයට පිරිසුදු වැසිකිළි පද්ධතියක් නැහැ. තිබෙන වැසිකිළි පද්ධතියක් දෙස බැලුවත් එය පිරිසුදුභාවයෙන් ආරක්ෂා කරගන්න බැරිවී තිබෙනවා .
වැසිකිළි පද්ධතියක් ගොඩනැඟී තිබුණත් සමාජ ආකල්පය ගොඩනැඟී තිබෙන්නේ කොතැනද? එය පොදු පුරවැසියන්ගේ පොදු ස්ථානයක් වෙනුවට එය විනාශකාරි ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඒ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ මොකක්ද? අපේ රටේ පුරවැසියන්ගේ යම් පුරවැසි කණ්ඩායමක් තුළ තිබෙන ආකල්පමය ස්වභාවයයි. නිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් එවැනි ආකල්පමය පරිවර්තනයක් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. හොඳ දේ ආරක්ෂා කරගන්නේ කොහොමද? පොදු සමාජයට වගකියන පුරවැසියෙක් බවට පත්වෙන්නේ කොහොමද? අපේ රටේ තිබෙන සම්පත් මේ වෙලාවෙ ජීවත් වෙන අපට පමණක් නෙවෙයි හිමි. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රටේ සම්පත් ආරක්ෂා කර දෙන්නේ කොහොමද? අපි රියැදුරෙක් ලෙස පාරේ වාහනයක් පදවාගෙන යන්නේ කොහොමද? අපි පාර මාරු වෙන්නේ කොහොමද? අපි අනෙකාට ගරු කරන්නේ කොහොමද?තැනකට ප්‍රවිෂ්ට වුණාම ආචාර සමාචාර ලෙස පිළිගන්නේ කොහොමද?මෙවැනි සමාජයක් අපට අවශ්‍ය නැද්ද?දැන් තිබෙන්නේ ඛේදවාචකයකින් පිරුණු සමාජයක්. එකිනෙකාට නොරුස්සනා සමාජයක්. එකිනෙකා අතර ගැටුම්කාරි සමාජයක් තිබෙන්නේ.
කුඩා හෝ සිදුවීමක් හැම වෙලාවේම පොලඹ වන්නේ ගැටුමකට. ඉවසීමකට නොවේ. අනෙකාට සමාව දීමට නොවේ. අනෙකා කෙරෙහි ළයාන්විත බැල්මකින් බැලීමට නොවේ. මුළු සමාජයම මහා කේඬෑරී වියළුණ සමාජයක් බවට පත්වී තිබෙනවා. සමාජ බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ සමාජයට තෙතමනය අවශ්‍යයි. වියලණු මුහුණු, දර කෝටු වගේ මුහුණු, එහෙම සමාජයකට ඉස්සරහට යන්න පුළුවන්ද? හිනාවක් තිබෙන සමාජයක් අපට අවශ්‍යයි. අනෙකා කෙරෙහි ළෙන්ගතුභාවයෙන් බලන සමාජයක් අපට අවශ්‍යයි. මානවවාදී ගුණාංගවලින් පිරුණු සමාජයක් අවශ්‍යයි. අනෙකාගේ දුක පිළිබඳව සහකම්පනයක් සහිත සමාජයක් අපට අවශ්‍යයි.
අප රටේ අධ්‍යාපන, සාහිත්‍ය, නීති කේෂ්ත්‍රය මෙන්ම ආකල්පමය වශයෙනුත් විශාල පරිවර්තනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තිබෙන සමාජය ඉතා දියුණු, ගුණාත්මක සමාජයක් බිහි කිරීමේ ක්‍රියාන්විතයක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරනවා.
දුප්පත්භාවය තුරන් කිරීමට අවශ්‍යයි. සෑම පුරවැසියකුටම සාධාරණ ආහාර වේලක්, දරුවාට හොඳ අධ්‍යාපනයක්, ඉන්න නිෙවසක්, හොඳ ආදායම් මාර්ගයක් සහ මානසික නිදහසක් අවශ්‍ය නැද්ද? ග්‍රාමීය වශයෙන් සහ නාගරික වශයෙන් වූ දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රධාන මෙහෙයුම බවට පත්වී තිබෙනවා. දුප්පත්භාවය තුරන් කිරීමේ ආරම්භයක් ලෙස දැනට ලබා දෙන අස්වැසුම එළැඹෙන අයවැයෙන් සාධාරණ ලෙස වැඩි කිරීමට කටයුතු කරනවා. දුෂ්කරතාවෙන් පෙළෙන පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීමට දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා. විශ්‍රාමිකයන්ගේ දීමනාව ඔක්තෝබර් සිට වැඩි කරනවා. එළැඹෙන අයවැයෙන් සාධාරණ වැටුප් වැඩි කිරීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා.
ළදරු මන්දපෝෂණය ඉදිරි සමාජ ව්‍යසනයක් බවට පත්වීමට ඉඩ දෙන්නේ නැහැ. ළදරු මන්දපෝෂණය තුරන් කිරීමට ඒ පවුල්වලට යම් දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා. ගැබිණි මව්වරුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කටයුතු කරනවා. දැනට තිබෙන දුප්පත්භාවය නිසා ලබාගත නොහැකි භාණ්ඩ හා සේවා ලබාදීමට අප කටයුතු කරනවා. නමුත් එය දිගුකාලීනව රජයට කළහැකි දෙයක් නොවෙයි. ඕනෑම රටක ඕනෑම වේලාවක ආර්ථිකයෙන් විතැන් කරන ලද ජන ප්‍රජාවක් සිටිනවා. ආර්ථිකයට සම්බන්ධ නොවන ජන ප්‍රජාවක් සිටිනවා. ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්ගේද එවැනි ජන ප්‍රජාවක් සිටිනවා. ඒ නිසා හැමවිටම එම ජන ප්‍රජාව බලා ගැනීම රජයේ වගකීමක්. අප එය අතහරින්නේ නැහැ.
අපේ රටේ ආබාධිත ප්‍රජාව සිටිනවා. ඔබ දන්නවා ආබාධිත දරුවෙකු සිටින නිෙවසක එම නිෙවසම විශාල වියවුලක් බවට පත්ව තිබෙනවා. සංස්කෘතික ජීවිතයක් ඔහුට අහිමි වී තිබෙනවා. ඒ දරුවාගේ ආබාධිතභාවය මත මවුපියන්ගේ සහෝදරයන්ගේ මුළු ජීවිතයම ගෙවිලා යනවා. එය ආබාධිත දරුවන් සිටින පවුලකට උරුම විය යුතු නැහැ. ඒ නිසා ආබාධිත පුද්ගලයන් බලා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සහ දීමනාවක් ලබාදීමට අප කටයුතු කරනවා. අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නා ආණ්ඩුවක්, සියලු පුරවැසියන් අත්නොහරින ආණ්ඩුවක් බවට පත් කළ යුතුයි. එය සෑම ආණ්ඩුවකටම පැවරී තිබෙන වගකීමක් සහ බැඳීමක්. අප එම බැඳීම ඉටු කරනවා. එම වගකීමට අනුව අප කටයුතු කිරීමට සූදානම්.
ඒ වගේම හැමදාමත් සහන සහ දීමනා ලබාදීමෙන් දුප්පත්භාවය තුරන් කිරීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. දුප්පත්භාවය තුරන් කිරීමට නම් ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන ආර්ථික ප්‍රභවයන්වල නිරත විය යුතුයි. දැනට දුප්පත්භාවයෙන් පෙළෙන බොහෝ අයගේ ආර්ථික ප්රභවය වන්නේ කෘෂි කර්මාන්තයයි. කෘෂි කර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් නොකර ඔවුන් දුප්පත්භාවයෙන් මුදා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
ඒ වගේම ධීවර කර්මාන්තය ලාභදායක කර්මාන්තයක් බවට පරිවර්තනය නොකර ධීවර ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ පළමු ප්රයත්නය වන්නේ ඔවුන් දැනට නියැළෙන ආර්ථික ප්‍රභවයන් සාර්ථක ලාභදායක ආර්ථික ප්‍රභවයන් බවට වර්ධනය කිරීමයි. හැබැයි අපි දන්නවා ගමකට මේ ආර්ථික ප්‍රභවයන් පමණක් ප්‍රමාණවත් නැහැ. අලුත් ආර්ථික ප්‍රභවයන් සහ අවස්ථා ගමේ නිර්මාණය කළ යුතුයි.
අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ රට අත්හැර යාමේ උන්මාදයක් තිබෙනවා. එම රට අත්හැර යාමේ උන්මාදය වෙනුවට රටේ සිටිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත්වීමේ උන්මාදයක් මේ රටේ නිර්මාණය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, ප්රාග්ධනය සහ වෙළෙඳපොළ සොයා දීම රාජ්‍යයේ වගකීමක් ලෙස අප සලකනවා. අප සිතනවා අපේ රටේ වෙළෙඳපොළ ප්‍රමාණවත් නැහැ. සාමාන්‍යයෙන් අපේ දෛනික වෙළෙඳපොළ තුළ ලක්ෂ 38ක් වැනි ප්‍රමාණයක් සිටින්නේ. මෙය කුඩා වෙළෙඳපොළක්. කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් මේ කුඩා වෙළෙඳපොළේ පමණක් ව්‍යාපාර කරමින් ආර්ථිකයට මැදිහත් වෙමින් ශක්තිමත් ප්‍රජාවක් බවට පරිවර්තනය කරන්න බැහැ. ඒ නිසා මේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් රටෙන් පිටතට යා යුතුයි. නව වෙළෙඳපොළ සෙවිය යුතුයි.
ඒ අනුව අපේ තානාපති සේවය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වගකීමක් සහ බැඳීමක් තිබෙනවා. නමුත් අලුත් වෙළෙඳපොළක් මේ ශ්‍රී ලාංකීය කර්මාන්තකරුවන්ට සොයා දෙන්නේ කොහොමද යන්න පිළිබඳ එය ඉක්මවා යන බැඳීමක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ තානාපති කාර්යාල මෙහෙයවීම සඳහා අප කටයුතු කරනවා.
අපි දන්නවා ඉතාමත් තාක්ෂණික හැකියාවන් සහ විභවතාවන් තිබෙන ඉදිකිරීම් කර්මාන්තයක් අපේ රටේ තිබෙනවා. මේ ඉදිකිරීම් කර්මාන්තයත් ලංකාවෙන් එළියට ගෙන යාමට අප සැලසුම් කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපට පමණක් ආවේණික අනන්‍ය යම් යම් නිෂ්පාදන තිබෙනවා. එම නිෂ්පාදනවලට තවත් වටිනාකම් සහ අගය එකතු කර අලුත් කර්මාන්ත පද්ධතියක් ගොඩනඟා රටින් එළියට ගෙනයෑමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමන්ගේ කැමැත්ත මත තමන්ගේ තීන්දු තීරණ මත හැසිරෙන අයෙකු නොවෙයි. රාජ්‍යයේ වුවමනාව මත, ආණ්ඩුවේ වුවමනාව මත මේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්රයේ වර්ධනයත් අප අත්පත් කරගත යුතුයි. ඒ සඳහා අප සැලසුම් සකස් කර තිබෙනවා.
අප මේ පිළිබඳව පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කියන ප්‍රකාශය තුළ සවිස්තරාත්මකව කරුණු ඇතුළත් කර තිබෙනවා. අපේ අමාත්‍යවරු දැනට ඒ වැඩපිළිවෙළ තුළ තමන්ගේ අමාත්‍යාංශවලට පැවරී ඇති කොටස් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. අපට ඉක්මනින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නැහැ. ඉදිරි මාස 4ක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ මුල අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. පෙබරවාරි මාසයේ මුල වන විට අයවැය ලේඛනය ඉදිරිපත් කර මාර්තු මාසයේ සම්මත කර ගැනීමට අප අපේක්ෂා කරනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම අයවැය ලේඛනයේ ගැබ් වී තිබෙනවා. දැනට සංකල්පීය ලෙස අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. මේ අදහස් මත පදනම්ව අයවැය ලේඛනයක් සකස් කර මාර්තු මාසයේ මැද භාගය වන විට එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ ආර්ථිකයේ, සමාජයේ ජීවිතවල නව පරිවර්තන යුගයක් ආරම්භ වී තිබෙනවා. මේ නව පරිවර්තන යුගය සාර්ථක කර ගැනීමට මේ පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනා සහාය දක්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අප විවිධ දේශපාලන කඳවුරුවල වැඩ කරන්න ඇති. අපි ප්‍රතිවිරුද්ධ මතවාදවල ඉන්න ඇති, අපි එකිනෙකා අතර යම් වාග් සංග්රාම, බරපතළ විවේචන සිදුව ඇති, නමුත් අද අප සියලුදෙනා එක් පොදු අරමුණක ගැට ගැසී සිටිනවා. ජනතාවගේ නියෝජිතයන් ලෙස මීට වඩා යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම අපට තිබෙනවා. එම වගකීම වෙනුවෙන් මමත්, අපේ ආණ්ඩුවත් බැඳී සිටිනවා. විපක්ෂයේ සියලු පක්ෂවල නායකයන් ඒ වගේම මන්ත්‍රීවරු ඒ සඳහා සහාය වනු ඇතියි මම බලාපොරොත්තු වෙනවා.
අවසන් වශයෙන් මට කීමට ඇත්තේ මාර්ටින් ලූතර් කිං වරෙක පැවසුවා “අඳුරට අන්ධකාරය පලවා හැරිය නොහැකිය. එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය දුරු කළ නොහැකිය. එය කළ හැක්කේ ආදරයට පමණි.”
05 වැනි පිටුවෙන්…
බලය ගන්නා විටත් ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවකට පැමිණ තිබුණා. ඒ වගේම වාණිජ වෙළෙඳපොළේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබුණා. එම සාකච්ඡා ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අවසන් වූ බව මාධ්‍ය හරහා ප්‍රකාශ වුණා. ඒ නිසා අපට යළි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවලට ඉඩකඩක් විවෘත වී තිබුණේ නැහැ. අවුරුදු දෙකකට වැඩි කාලයක් සාකච්ඡා සඳහා බඳුන් වී තිබුණා. නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා ආරම්භ වුවහොත් දීර්ඝ කාලයක් ගත වෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කර ගැනීමෙන් තොරව අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පැවති සාකච්ඡාවල අවසන් අදියර තමයි අප බලයට පැමිණෙන විට තිබුණේ. ඒ නිසා එම යෝජනා හොඳ ද, නරක ද, වාසි ද, අවාසි ද කියන එක දැන් විවාද කිරීමෙන් පලක් නැහැ. එය තමයි අප හමුවේ තිබෙන යථාර්ථය. ඒ අනුව ද්විපාර්ශ්වීය ණය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා. අප ඉක්මනින්ම එක් එක් රටවල් සමඟ වෙනම ගිවිසුම්වලට එළැඹීමට සූදානම් වී සිටිනවා. අනිත් පැත්තෙන් ගතහොත් වාණිජ වෙළෙඳපොළෙන් ලබාගත් ණය පිළිබඳව දැන් මූලික ගිවිසුමට අප එළැඹ තිබෙනවා. දෙසැම්බර් මාසය අවසන් වන විට එම කාර්යය අවසන් කරගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගැට ගැසී තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන මේ වසර අවසන් වන විට අපට සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වනු ඇතැයි සිතනවා. ඒ වගේම තුන්වන සමාලෝචනයේ කාර්ය මණ්ඩල එකඟතාව මේ සතියේ අපට ලබා ගැනීමට හැකි වේවි. අපේ ආර්ථිකය යම් ප්‍රමාණයකින් විශ්වසනීය ලෙස ගොඩනැඟීමට එය පිටිවහලක් වේවි.
හැබැයි අපි ප්‍රතිපත්තියක් ලෙස අපේ ආර්ථිකය මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට එම න්‍යාය පත්‍රය පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපේ රටේ මූල්‍ය ක්ෂේත්රයේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් වේවි.
අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන කඩාවැටීම පියමං කිරීම සඳහා නව ආර්ථික උපායමාර්ගයන්ට අප අවතීර්ණ විය යුතුයි. එම නව ආර්ථික උපායමාර්ග ප්‍රධාන ලක්ෂණ 3කින් සමන්විත වෙනවා. පළමුකොටම අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්රසාරණයක් ඇති කරගත යුතුයි. බොහෝ විට අපේ ආර්ථික වර්ධනය විශාල වශයෙන් ගෙන දෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ නිසා අනෙක් පළාත් දක්වා ආර්ථිකය ප්‍රසාරණය විය යුතුයි. ඒ නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා වේගවත් ප්රසාරණයක් ඇති කර ගැනීම අපේ ආර්ථිකයේ ප්‍රධාන සැලැස්මයි.
ඊළඟ ලක්ෂණය වන්නේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් අපට පලක් නැහැ. ජනතාව දූවිලි බවට පත්කරන ලද ආර්ථිකයකින් අපට පලක් නැහැ. ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයකදීම ඒ ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්විය යුතුයි. ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් වන්නේ නැතිව ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගලාගෙන එන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන ප්රයත්නය බවට පත්වන්නේ අපි හදන ආර්ථික ගමන් මඟේ අපි කොහොමද ජනතාව පංගුකරුවන් බවට පත්කර ගන්නේ යන්නයි.
අපේ ආර්ථික උපායමාර්ගවල තුන්වන ලක්ෂණය වන්නේ අප මොන තරම් රටේ ජාතික ධනය නිෂ්පාදනය කළත් එම ජාතික ධනය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රය වනවා නම් ඒ රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වන්නේ නැහැ. සියලු ජනතාව එක් වී ආර්ථිකයේ මහා ජාතික ධනය නිෂ්පාදනය කරනවා. රටේ ස්වභාවික සම්පත් ඒ ජාතික ධනය නිෂ්පාදනය කිරීමට උපයෝගි කර ගන්නවා. අප සියලු දෙනා එක්වී මහා ජාතික ධනයක් එකතු කරගෙන එය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රනය වනවා නම් රටේ ආර්ථිකය මෙන්ම සමාජය ද ස්ථාවර වන්නේ නැහැ. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය වන්නේ ආර්ථික ප්රතිලාභ සාධාරණව ජනතාව වෙත ගලා යා යුතුයි කියන එකයි. කිහිප දෙනෙකු අතේ සංකේන්ද්‍රනය වීම නිසා විශාල අර්බුද ගණනාවක් නිර්මාණ වූ ඉතිහාසයක් අප දැක තිබෙනවා. ඒ නිසා අපි ආර්ථිකයේ ප්රතිලාභ ජනතාව වෙත සාධාරණව ගලා යා යුතුය යන ස්ථාවරයේ සිට අප ආර්ථිකය හසුරවනවා.
ඒ වගේම වෙළෙඳපොළ හැසිරවීම පිළිබඳ අපට ප්‍රතිපත්තියක් තිබෙනවා. අප දන්නවා අපේ රට විශාල වෙළෙඳපොළක් තිබෙන රටක් නොවෙයි. එම වෙළෙඳපොළේ ඒකාධිකාරින් නිර්මාණය විය හැකියි. අපි සහල් පිළිබඳ ගතහොත් අපේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500යි. ආසන්න වශයෙන් ගතහොත් අපට වසරකට අවශ්‍ය වන්නේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 23ක් පමණ.
එය ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කර බලන විට කුඩා වෙළෙඳපොළක හැඩරුව පෙන්නුම් කරනවා. කුඩා වෙළෙඳපොළක තිබෙන අනතුර වන්නේ එම වෙළෙඳපොළ තුළ ඒකාධිකාරින් නිර්මාණය විය හැකියි. ඒ නිසා ආර්ථිකයේ තිබෙන දත්ත සහ චලනයන් මත නොවෙයි වෙළෙඳපොළ හැසිරෙන්නේ. එය අප අත්විඳිමින් තිබෙනවා. ආර්ථිකයේ සාධක මත අපේ වෙළෙඳපොළ හැසිරෙන්නේ නැහැ. අද අපේ රටේ වෙළෙඳපොළ හැසිරෙන්නේ ඒකාධිකාරින් මත. භාණ්ඩ මිල උච්චාවවනය කිරීමට සහ තීන්දු කිරීමට ඔවුන්ට පුළුවන්. වී මිලදී ගැනීමේ මිල ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. සහල් මිලත් ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. ඒ කිසිවක් තීරණ වන්නේ වෙළෙඳපොළ සාධක මත නොවෙයි. ඔවුන් වෙළෙඳපොළේ අත්පත් කරගෙන තිබෙන අධිකාරි බලය මත. ඒ නිසා වෙළෙඳපොළ ඒකාධිකාරිත්වයක් නිර්මාණය කිරීම තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට විශාල වැය බරක් දැරීමට සිදුව තිබෙනවා. ඒ නිසා අපි යළි අපේ රටේ වෙළෙඳපොළ හැසිරීම ප්‍රතිෂ්ඨාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
රාජ්‍යයක් ලෙස අපේ අරමුණ වන්නේ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ හා සේවා අඛණ්ඩව, ගුණාත්මකව හා සධාරණ මිලකට ලබාදීම. එය තමයි මහජනයා කෙරෙහි රජය සතුව තිබෙන වගකීම. එම වගකීම රජයට අත්හරින්න බැහැ. එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් අප යන්ත්‍රණ කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එකක් තමයි සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ තරගය විසින් අඛණ්ඩතාව සහ ගුණාත්මකභාවය නිර්මාණය කිරීමට පුළුවන් වගේම මිල තීරණය කළ හැකියි. ඒ නිසා ඇතැම් ක්ෂේත්රවල තරගකාරිත්වය හරහා ඉහත කී අරමුණු ඉටු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. හැබැයි ඇතැම් ක්ෂේත්‍ර තිබෙනවා එය වෙළෙඳපොළේ නිදහස් තරගයම නොවෙයි. වෙළෙඳපොළ යම් නියාමන අධිකාරින් විසින් නියාමනය කිරීම හරහා එම නියාමනය ඇති කළ හැකියි. දැනටමත් ඒ සඳහා වූ නියාමන ආයතන අප ගොඩනඟා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ නියාමන අධිකාරින් සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. හැබැයි වෙළෙඳපොළේ ඇති වී තිබෙන විකෘතීන් වෙනස් කිරීම සඳහා එම නියාමන අධිකාරි හා නීති ප්‍රමාණවත් වී තිබෙනවාද යන්න අප නැවත සමාලෝචනය කළ යුතුයි.
වෙළෙඳපොළේ ඇතිවෙන නිදහස් තරගය විසින් යට කී අරමුණු ඇති කරගන්න පුළුවන්. හැබැයි සමහර ක්ෂේත්‍ර තිබෙනවා එය වෙළෙඳපොළේ නිදහස් තරගයම නොවෙයි. වෙළෙඳපොළට යම් නියාමන අධිකාරීන් විසින් නියාමනය කිරීම හරහා වෙළෙඳපොළ හැසිරවිය හැකියි. දැනටමත් ඒ සඳහා නියාමන ආයතන අප ගොඩනඟා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ නියාමන අධිකාරීන් සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. හැබැයි වෙළෙඳපොළේ ඇතිවී තිබෙන විකෘතීන් වෙනස් කිරීම සඳහා ඒ නියාමන අධිකාරීන් ප්‍රමාණවත් වී තිබෙනවාද ඒ නියාමන නීති ප්‍රමාණවත් වී තිබෙනවාද යන්න නැවත සමාලෝචනය කළ යුතුයි. ඒ නිසා වෙළෙඳපොළ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීති සහ ගොඩනඟන අධිකාරීන් හරහා ඒ නියාමනය හරහා සමහර ක්ෂේත්‍ර අප මෙහෙය විය යුතුයි.
තව ක්ෂේත්‍ර තිබෙනවා අපට. ඒ ක්ෂේත්‍ර ආර්ථිකයට ඉතාමත් වැදගත් සංවේදී ක්ෂේත්‍ර. ඒ ක්ෂේත්‍ර හුදු වෙළෙඳපොළේ තරගකාරීත්වය මත නොවෙයි. රාජ්‍ය ඒ වෙළෙඳපොළේ පංගුවක් නියෝජනය කිරීම හරහා වෙළෙඳපොළ හැසිරවිය යුතුයි. එහිදී අපි කල්පනා කරනවා බලශක්ති වෙළෙඳපොළ. නිදහස් බලශක්ති වෙළෙඳපොළ නිදහස් තරගය විසින්ම තීරණය විය යුතු නැහැ. බලශක්ති වෙළෙඳපොළ හැසිරවීමේදී රාජ්‍ය පංගුවක් බලශක්ති වෙළෙඳපොළ නියෝජනය විය යුතුයි. එය ආර්ථිකයේ ඉතාමත් සංවේදී ස්ථානයක්. බලශක්ති වෙළඳපොළේ ඇතිවන කුඩා උච්චාවචනයක් ආර්ථිකයට මාරාන්තික ලෙඩ ගෙනත් දෙනවා. ඒ නිසා එවැනි ක්ෂේත්රවල යම් රාජ්‍ය පංගුවක් වෙළෙඳපොළ නියෝජනය විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
ඒ වගේම මූල්‍ය වෙළෙඳපොළ. මූල්‍ය වෙළෙඳපොළ නිදහසේම හැසිරෙන්න පටන් ගත්තොත් එය කුමන තත්ත්වයකට පත්වෙයිද? මහ බැංකුව එය නියාමන අධිකාරියක් හැටියට කටයුතු කරනවා. හැබැයි ඒ වගේම අපි හිතනවා මූල්‍ය වෙළෙඳපොළෙත් රාජ්‍ය පංගුවක් නියෝජනය කළ යුතුයි. ඒ නිසා වෙළඳපොළේ අත්‍යවශ්‍ය ස්ථාන කිහිපයක් අපි කල්පනා කරනවා. රාජ්‍ය පංගුවක් හරහා හැසිරවිය යුතුයි. රාජ්‍ය ආම් එකක් හැටියට කටයුතු කළ යුතුයි කියන ස්ථාවරයක අපි ඉන්නවා වෙළෙඳපොළ තහවුරු කිරීමේදී.
හතරවනුව වෙළෙඳපොළ විසිරිලා තිබෙන වෙළෙඳපොළක් වෙනුවට අපට පුළුවන්කම තිබෙනවා වෙළෙඳපොළ සංවිධානාත්මක කරන්න. ඒ නිසා අපි දන්නවා අපේ රටේත් ලෝකයේත් වෙළෙඳපොළ හැසිරවීමේදී විශාල දායකත්වයක් මේ සමුපකාර ජාලය සංවිධාන කරනවා. ඒ නිසා යළි සමුපකාර ජාලය ශක්තිමත් ලෙස සංවිධාන කර වෙළෙඳපොළේ ශක්තිමත් තරගකරුවෙක් හැටියට අපි වෙළෙඳපොළට අවතීර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනයත් වෙළෙඳපොළත් හැසිරවීමේ ප්‍රතිපත්තිය ඍජුයි. කවුරුත් මීට පස්සේ ප්‍රශ්න කරන්න හැබැයි මේ පදනමේ පිහිටා. මේක තමයි අපේ පදනම.
ඒ මත පදනම්ව අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා කෙටිකාලීනව අත්පත් කරගත් ස්ථාන කිහිපයක් අපි හඳුනාගෙන තිබෙනවා. කෙටිකාලීනව අපට වේගවත් පිම්මක් ලබාගත හැකියි සංචාරක කර්මාන්තයෙන්. අපි සංචාරක කර්මාන්තය සැලසුම් සකස් කර තිබෙනවා මිලියන හතරක සංචාරකයන් කැඳවා ගැනීමටත්, ඩොලර් බිලියන අටක ආර්ථිකයක් සංචාරක කර්මාන්තය හරහා අවුරුදු තුන හතරක් වැනි කාලයක් ඇතුළත මේ රටට දිනා ගැනීම සඳහා අපි අපේක්ෂා කරනවා. අපේ රටට වැඩිම සංචාරකයන් ආවේ 2018 වසරේ. මිලියන දෙකයි දශම තුනක වගේ සංචාරකයන් ආවා. ඩොලර් බිලියන හතරයි දශම තුනක වගේ ආර්ථිකයක් අපට එයින් හිමි වී තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව මිලියන හතරක සංචාරකයන් කැඳවා ගැනීම සහ ඩොලර් මිලියන අටක ආර්ථිකයක් උත්පාදනය කර ගැනීමයි. එය අපට වේගයෙන් පිම්මක් ගන්න පුළුවන් තැනක් කියා අප කල්පනා කරනවා.
මීළඟ විශේෂම අයි.ටී. ක්ෂේත්රය. කවුරුත් දන්නවා ලෝකයේ වේගයෙන් අයිටී ක්ෂේත්රයේ වෙළෙඳපොළ ගොඩනැඟෙමින් තිබෙනවා. ඒ නිසා අයි.ටී. නිපුණතාව සහිත, සාක්ෂරතාව සහිත වෘත්තීයවේදීන් අපට අවශ්‍යයි. අද අපේ රටේ අයි.ටී. ක්ෂේත්රයට අදාළ වෘත්තීයවේදීන් ඉන්නේ අසූ පන් දහසයි. අපි අවුරුදු පහක් ඇතුළත අයි.ටී. ක්ෂේත්රයේ අදාළ වෘත්තීයවේදීන් ලක්ෂ දෙක දක්වා වර්ධනය කරන්න අපි අපේක්ෂා කරනවා. දැනට අයි.ටී. ක්ෂේත්රයේ අපේ අපනයන ආදායම තිබෙන්නේ ඩොලර් බිලියන එකයි දශම දෙකක වගේ කුඩා අපනයන ආදායමක්. අයි.ටී. ක්ෂේත්රයේ අපනයන ආදායම අපි ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් ඉලක්ක කරගෙන අයි.ටී. ක්ෂේත්රයේ නව පරිවර්තනයක් ඇති කිරීමට අපි මැදිහත් වෙනවා. ඒ සඳහා අධ්‍යාපනය, භාෂාව පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය අපේ රටේ ආර්ථිකය විශාල පිම්මක් ලබාගත හැකි තැනක් හැටියට අපි කල්පනා කරනවා.
ඒ වගේම අපි දන්නවා අපේ රටේ පිහිටීමත් එක්ක වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා. අදත් කොළඹ වරාය ලෝකයේ වරාය අතර ප්‍රමුඛස්ථානය උසුලනවා. හැබැයි අපි කාර්යක්ෂමතාව කැඳවලා තිබෙනවා. වේගවත් කළමනාකරණයක් අපි කැඳවලා තිබෙනවා. අපේ වරායේ භාණ්ඩ හා සේවා සැපයුම ලබා ගන්නා කණ්ඩායම් වරායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සෑහීමකට පත්වෙනවද? නෑ; එය අකාර්යක්ෂමතාවට පත්වී තිබෙනවා. ඒ නිසා අපේ රට ලෝකයේ ඉතාමත් ප්‍රබල වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීම සඳහා අපට ස්වභාවයෙන්ම ලැබී තිබෙන පිහිටීමේ දායාදය තිබෙනවා. මේ පිහිටීමේ දායාදය අපි සම්පූර්ණ කළ යුතුයි. ප්‍රබල වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් අප සකස් කර තිබෙනවා. එය වේගයෙන් ආර්ථික පිම්මක් ලබාගත හැකි තැනක් ලෙස අපි කල්පනා කරනවා.
ඒ වගේම කෘෂි කර්මාන්තය. අපි දන්නවා අපට ඒ සඳහා අවශ්‍ය ඉතාමත් යෝග්‍ය පරිසරයක් තිබෙනවා. මහපොළොවත් එක්ක හැප්පෙන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්නවා. හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ ණයගැතිභාවයට පත්වුණු ගොවි ජනතාවක්. තමන්ගේ කනකර පවා බැංකුවට උකස් තියන්න සිදුවුණු ගොවි ජනතාවක්. වතුර මෝටරය උකස් කියන්න සිදුවුණු ගොවි ජනතාවක්. අපි දීර්ඝ ලෙස කෘෂි කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කර තිබෙනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි බැලුවොත් වාරි කර්මාන්ත ක්ෂේත්රයට විශාල ආයෝජනයක් ඇතිකර තිබෙනවා. වර්තමානයේත් මා දන්නවා වාරි ක්ෂේත්රය වර්ධනය කිරීම සඳහා විශාල ආයෝජන අපි සිදු කරමින් තිබෙනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණයන් සඳහා අපි විශාල වැය බරක් සිදුකර තිබෙනවා.හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ කුමක්ද? ගොවියා ණය භරිත ගොවිෙයක් බවට පත්වී තිබෙනවා. ණය භරිතභාවය ඔවුන් සමාජයේ කොන්වූ පුරවැසියෙක් බවට පත්කරනවා. සෞඛ්‍ය අනාරක්ෂිතතාව ඇතිකර තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වට්ටවා තිබෙනවා. පහසුකමක් ඇති නිවාසත් නැති තත්ත්වයට පත් කර තිබෙනවා. කෘෂි ජීවිතයත් සමඟ ගැට ගැහුණු ගොවියාගේ දරිද්‍රතාව විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා අපි කෘෂි කර්මාන්තයේ නව නැවුම් පිම්මක් ගැනීම අපේ අපේක්ෂාවයි. අපි යළිත් අපේ බීජ පර්යේෂණාගාර දියුණු කළ යුතුයි. බීජ ගොවිපොළ දියුණු කළ යුතුයි. යළි ශක්තිමත් කෘෂි ව්‍යාප්ති සේවාවක් අපි ආරම්භ කළ යුතුයි. අපේ ලංකාවේ අවශ්‍ය වන කෘෂි නිෂ්පාදන පමණක් නොවෙයි අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර කෘෂි නිෂ්පාදනයන්ට අපි අවතීර්ණ විය යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්රයේ නවෝදයක් අපි අත්පත් කරගන්නේ නැතිව ගොවි ජනතාවගේ ජීවිතය ඉදිරියට ගත හැකියි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඒකට වේගයෙන් පිම්මක් ගත හැකි ස්ථානයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ නිසාම අපි කෘෂි කර්මාන්තයට ආරම්භයේදීම හෙක්ටයාරයක් සඳහා රුපියල් පහළොස් දහසක් ලබා දුන් පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. තවත් සහනාධාර ලබා දිය යුතු ස්ථාන තිබෙනවා නම් අපි සහනාධාර දෙන්න ලෑස්තියි. මොකද කෘෂි කර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කළ යුතුයි.
ඒ වගේම අපි කල්පනා කරනවා ධීවර කර්මාන්තය ගැන. අපට අපේ රට වගේ අට ගුණයක මහමුහුදක් තිබෙනවා. හැබැයි අපි ඒ මහමුහුදෙන් නෙළා ගන්නා ඒ මහා සම්පතෙන් උපයෝගී කරගන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. ධීවර කර්මාන්තයෙන් අපේ ආර්ථිකයට විශාල පිම්මක් ගත හැකියි. පහුගිය කාලේ ඉන්ධන හා භාණ්ඩවල මිල ඉහළ යාම හේතු කොටගෙන විශාල බෝට්ටු ප්‍රමාණයක් මුහුදු යනවා වෙනුවට වැල්ලේ ගැටගසා තිබුණේ. බෝට්ටු වැල්ලේ ගැට ගසා තිබීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපේ පළමු අභිප්‍රාය බවට පත්වුණේ වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු නැවත මහමුහුදට දියත් කිරීමයි. ඒ නිසා තමයි අපි ආරම්භයේදීම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කළේ. අපට දැනට ලැබෙන තොරතුරු අනුව වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු සියල්ලම නැවත දියඹට දියත් කර තිබෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ආර්ථිකය පිම්මක් ගත යුතු තැන්.
ඒ වගේම අපට දිගුකාලීනව ආර්ථිකයේදී අපි හිතනවා අපේ රටේ තිබෙන ස්වාභාවික සම්පත්, ඛනිජ සම්පත් මත අපට ආර්ථිකයේ විශාල විභවයක් නිර්මාණය වී තිබෙනවා.මේ ඛනිජ සම්පත් අපි දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය වන වටිනාකම්, අගයන් එකතු කරන්නේ නැතිව අපට අවශ්‍ය වන වටිනාකම් උකහා ගැනීමට අප අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි රාජ්‍යයත්, පෞද්ගලික අංශයත් ඒකාබද්ධතාවයෙන් යුතුව මේ ඛනිජ සම්පත් යළි වඩාත් උපයෝගී සහිත සම්පත් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියා අගය එකතු කරන ලද කර්මාන්ත පද්ධතියක් ගොඩනැඟීමට අපි අපේක්ෂා කරනවා. දැනටමත් අපි අපේ රටේ දේශීය කර්මාන්තකරුවන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අපි හිතන්නේ නෑ ඒවා මුළුමනින්ම රාජ්‍ය විසින් පමණක් කළ හැකි දෙයක් කියලා. සමහර ඒවාට අපට තාක්ෂණය අවශ්‍යයි. සමහර තැන්වලට අපට ප්රාග්ධනය අවශ්‍යයි. ඒ නිසා ඒ අවශ්‍යතාව මත අපි පෞද්ගලික ව්‍යවසායකයන්ද ඒ කර්මාන්ත පද්ධතිය දියුණු කර ගැනීම සඳහා උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙනවා. එය අපේ ආර්ථිකයේ අලුත් හැරවුමක් වේවි කියා අපි විශ්වාස කරනවා.
මීළඟට අපි හිතනවා අපේ ආර්ථිකයට අලුත් හැරවුමක් ගන්න පුළුවන් ක්ෂේත්රය තමයි විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්රය. ලෝකයේ අපි දියුණු යැයි සම්මත රාජ්‍යයන් දෙස බැලුවොත් ඒ හැම රාජ්‍යයක්ම තමන්ගේ වාර්ෂික අය වැය ලේඛනයේ විශාල පංගුවක් නව පර්යේෂණ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. වෙළෙඳපොළ ඉස්සරහට යන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා සැපයීමෙන් නොවෙයි. වෙළෙඳපොළ නිරන්තරයෙන් අලුත් වෙනවා. වෙළෙඳපොළ නිරන්තරයෙන් අලුත් වෙන්නේ සාම්ප්‍රදායික ගතානුගතික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පසෙකලා නව නිමැවුම් භාණ්ඩ හා සේවා වේ නිෂ්පාදනය වෙනුවෙන් තමයි අලුත් වෙළෙඳපොළක් නිර්මාණය වෙන්නේ. ඒ අලුත් වෙළෙඳපොළ අත්පත් කරගන්න පහුගිය කාලයේ මේ ආසියානු කලාපයේ රාජ්‍යයන් ගණනාවක් සමත් වී තිබෙනවා. හැබැයි අපි ලෝකයේ ඇතිවී තිබෙන නව වෙළෙඳපොළේ පංගුකරුවෙක් බවට පත්වෙන්න අසමත් වී තිබෙනවා. අපි ගතානුගතික සාම්ප්‍රදායික භාණ්ඩ හා සේවා සපයන රාජ්‍ය පංගුකරුවෙක් බවට පත්වී තිබෙනවා.
අපේ අපේක්ෂාව එහෙනම් විද්‍යා පර්යේෂණ ක්ෂේත්රයේ අපි අලුත් පිම්මකට අදියර ගෙන යා යුතුයි. ඒ නිසා තමයි විද්‍යා හා තාක්ෂණය පිළිබඳ නව අමාත්‍යාංශයක් අපි ගොඩනඟන්නත් ඒ සඳහා ඒ ක්ෂේත්රය පිළිබඳ විශාල අත්දැකීමක් තිබෙන රාගම වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය ක්‍රිෂාන්ත එහි අමාත්‍යවරයා හැටියට පත් කරන්නත් ඒ වගේම මේ වන විටත් ඒ ක්ෂේත්රයේ එක්සත් ජනපදයේ විශාල පර්යේෂණ ගණනාවක් කර ලංකාවට කීර්තියක් හිමිකර දී තිබෙන ගෝමික වැනි අය ජනාධිපතිවරයාගේ හා තාක්ෂණය පිළිබඳව උපදේශකවරයා හැටියට පත් කරන්නත් අපි කටයුතු කර තිබෙනවා. අපි විශාල හැරවුමක් මේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ඇති කරන පරිවර්තනයන් ගැනීමට අපේක්ෂා කරනවා.
ඊළඟ ප්‍රධාන ස්ථානය තමයි ඩිජිටල්කරණය. ඩිජිටල් ආර්ථිකයක්. සාමාන්‍යයෙන් අපි හිතනවා ඩිජිටල් ඉකොනොමි එක ඩොලර් බිලියන පහළොවක ඉකොනොමි එකකට අපට යන්න පුළුවන් කියලා. ඒ සඳහා අපි වෙනම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍යාංශයක් ගොඩනඟා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඒ ක්ෂේත්රය පිළිබඳ විශාල දැනුමක් හා අත්දැකීමක් තිබෙන හාන්ස් විජේසූරිය මහතා ජාත්‍යන්තරව වැඩ කරපු විශාල සමාගමකින් ඉවත් වෙලා එහි තමන් දැරූ ප්‍රධානම වෘත්තියෙන් ඉවත් වෙලා ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන සඳහා දායකත්වය සපයන්න ඔහු සූදානම් වී තිබෙනවා.
මා ඔහු එම අමාත්‍යාංශයේ ලේකම්වරයා බවටත් ICT ආයතනයේ සභාපතිවරයා බවටත් ඒ වගේම ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණය පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කිරීමටත් සූදානම්. මේක එක තැනක සිට මෙහෙයවිය යුතුයි.මේ ඉලක්කය අපි සම්පූර්ණ කර ගත යුතුයි. පුරවැසියන්ට සේවාවන් සැපයීමේදී ආර්ථිකය අලුත් අදියරයකට තල්ලුවීමේදී ඩිජිටල්කරණය අතිශය වැදගත්.අපේ රට මේ තිබෙන තලයේ සිට අලුත් තලයකට ඔසවා තබනවානම් ඒ තලයේ තිබෙන විශේෂම ලක්ෂණය තමයි ඩිජිටල් ශ්‍රී ලංකාවක්. අපේ ආණ්ඩුව එය ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා. අපේ සාර්ථක කර ගැනීම සඳහා අපි අපේ පැත්තෙන් උපරිම මැදිහත්වීම කරනවා. එය සාර්ථකව ජයග්‍රහණය කළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා.
ඊළඟට අපි ප්‍රධානම වැඩපිළිවෙළක් ආරම්භ කරනවා ක්ලීන් ශ්‍රී ලංකා (clean sri lanka). ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවන්නට මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා කියන එකේ අර්ථය තිබෙන්නේ පරිසර පද්ධතිය විතරක් නෙවෙයි. අපේ මේ ජනතාවට දේශපාලන අධිකාරියේ යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරි යන්ත්රණයේ යහපත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. යහපත් රාජ්‍යයක් ගොඩනැඟීමේදී පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයක් අවශ්‍යයි. පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයකින් තොරව උඩින් දේශපාලන අධිකාරියේ පමණක් සිදුවන පරිවර්තනයකදී අපට මේ ජයග්‍රහණ සාර්ථකව ලබාගත හැකි වන්නේ නැහැ. ඒ නිසා අපි විශාල වෙහෙසක් දරනවා යහපත් ආකල්ප, යහපත් ක්‍රියාකාරකම් යහපත් හැසිරීම් සහිත ජනතාවක් නිර්මාණය කරගත යුතුයි.
එය තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ අභිමතාර්ථයන් බවට පත්වන්නේ. මේ වගේ ජාතික සභාවක කතා නොකළ යුතු වුවත් ප්‍රාදේශීය සභා මට්ටමේ ප්‍රශ්නයක් වුවත් ඔබ අහන්න අපේ රටේ කාන්තාවන්ගෙන් මේ රටේ තමන්ට වැසිකිළි යෑමට පිරිසුදු වැසිකිළි පද්ධතියක් තිබෙනවාද? මා දන්නා සමහර දුර පළාත්වලින් කොළඹ එන කාන්තාවන් කොළඹ ඇවිත් නිෙවසට යනතෙක් වතුර බොන්නේ නැහැ. ඇයි? ඇයට පිරිසුදු වැසිකිළි පද්ධතියක් නැහැ. තිබෙන වැසිකිළි පද්ධතියක් දෙස බැලුවත් එය පිරිසුදුභාවයෙන් ආරක්ෂා කරගන්න බැරිවී තිබෙනවා .
වැසිකිළි පද්ධතියක් ගොඩනැඟී තිබුණත් සමාජ ආකල්පය ගොඩනැඟී තිබෙන්නේ කොතැනද? එය පොදු පුරවැසියන්ගේ පොදු ස්ථානයක් වෙනුවට එය විනාශකාරි ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඒ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ මොකක්ද? අපේ රටේ පුරවැසියන්ගේ යම් පුරවැසි කණ්ඩායමක් තුළ තිබෙන ආකල්පමය ස්වභාවයයි. නිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් එවැනි ආකල්පමය පරිවර්තනයක් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. හොඳ දේ ආරක්ෂා කරගන්නේ කොහොමද? පොදු සමාජයට වගකියන පුරවැසියෙක් බවට පත්වෙන්නේ කොහොමද? අපේ රටේ තිබෙන සම්පත් මේ වෙලාවෙ ජීවත් වෙන අපට පමණක් නෙවෙයි හිමි. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රටේ සම්පත් ආරක්ෂා කර දෙන්නේ කොහොමද? අපි රියැදුරෙක් ලෙස පාරේ වාහනයක් පදවාගෙන යන්නේ කොහොමද? අපි පාර මාරු වෙන්නේ කොහොමද? අපි අනෙකාට ගරු කරන්නේ කොහොමද?තැනකට ප්‍රවිෂ්ට වුණාම ආචාර සමාචාර ලෙස පිළිගන්නේ කොහොමද?මෙවැනි සමාජයක් අපට අවශ්‍ය නැද්ද?දැන් තිබෙන්නේ ඛේදවාචකයකින් පිරුණු සමාජයක්. එකිනෙකාට නොරුස්සනා සමාජයක්. එකිනෙකා අතර ගැටුම්කාරි සමාජයක් තිබෙන්නේ.
කුඩා හෝ සිදුවීමක් හැම වෙලාවේම පොලඹ වන්නේ ගැටුමකට. ඉවසීමකට නොවේ. අනෙකාට සමාව දීමට නොවේ. අනෙකා කෙරෙහි ළයාන්විත බැල්මකින් බැලීමට නොවේ. මුළු සමාජයම මහා කේඬෑරී වියළුණ සමාජයක් බවට පත්වී තිබෙනවා. සමාජ බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ සමාජයට තෙතමනය අවශ්‍යයි. වියලණු මුහුණු, දර කෝටු වගේ මුහුණු, එහෙම සමාජයකට ඉස්සරහට යන්න පුළුවන්ද? හිනාවක් තිබෙන සමාජයක් අපට අවශ්‍යයි. අනෙකා කෙරෙහි ළෙන්ගතුභාවයෙන් බලන සමාජයක් අපට අවශ්‍යයි. මානවවාදී ගුණාංගවලින් පිරුණු සමාජයක් අවශ්‍යයි. අනෙකාගේ දුක පිළිබඳව සහකම්පනයක් සහිත සමාජයක් අපට අවශ්‍යයි.
අප රටේ අධ්‍යාපන, සාහිත්‍ය, නීති කේෂ්ත්‍රය මෙන්ම ආකල්පමය වශයෙනුත් විශාල පරිවර්තනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තිබෙන සමාජය ඉතා දියුණු, ගුණාත්මක සමාජයක් බිහි කිරීමේ ක්‍රියාන්විතයක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරනවා.
දුප්පත්භාවය තුරන් කිරීමට අවශ්‍යයි. සෑම පුරවැසියකුටම සාධාරණ ආහාර වේලක්, දරුවාට හොඳ අධ්‍යාපනයක්, ඉන්න නිෙවසක්, හොඳ ආදායම් මාර්ගයක් සහ මානසික නිදහසක් අවශ්‍ය නැද්ද? ග්‍රාමීය වශයෙන් සහ නාගරික වශයෙන් වූ දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රධාන මෙහෙයුම බවට පත්වී තිබෙනවා. දුප්පත්භාවය තුරන් කිරීමේ ආරම්භයක් ලෙස දැනට ලබා දෙන අස්වැසුම එළැඹෙන අයවැයෙන් සාධාරණ ලෙස වැඩි කිරීමට කටයුතු කරනවා. දුෂ්කරතාවෙන් පෙළෙන පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීමට දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා. විශ්‍රාමිකයන්ගේ දීමනාව ඔක්තෝබර් සිට වැඩි කරනවා. එළැඹෙන අයවැයෙන් සාධාරණ වැටුප් වැඩි කිරීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා.
ළදරු මන්දපෝෂණය ඉදිරි සමාජ ව්‍යසනයක් බවට පත්වීමට ඉඩ දෙන්නේ නැහැ. ළදරු මන්දපෝෂණය තුරන් කිරීමට ඒ පවුල්වලට යම් දීමනාවක් ලබාදීමට කටයුතු කරනවා. ගැබිණි මව්වරුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කටයුතු කරනවා. දැනට තිබෙන දුප්පත්භාවය නිසා ලබාගත නොහැකි භාණ්ඩ හා සේවා ලබාදීමට අප කටයුතු කරනවා. නමුත් එය දිගුකාලීනව රජයට කළහැකි දෙයක් නොවෙයි. ඕනෑම රටක ඕනෑම වේලාවක ආර්ථිකයෙන් විතැන් කරන ලද ජන ප්‍රජාවක් සිටිනවා. ආර්ථිකයට සම්බන්ධ නොවන ජන ප්‍රජාවක් සිටිනවා. ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්ගේද එවැනි ජන ප්‍රජාවක් සිටිනවා. ඒ නිසා හැමවිටම එම ජන ප්‍රජාව බලා ගැනීම රජයේ වගකීමක්. අප එය අතහරින්නේ නැහැ.
අපේ රටේ ආබාධිත ප්‍රජාව සිටිනවා. ඔබ දන්නවා ආබාධිත දරුවෙකු සිටින නිෙවසක එම නිෙවසම විශාල වියවුලක් බවට පත්ව තිබෙනවා. සංස්කෘතික ජීවිතයක් ඔහුට අහිමි වී තිබෙනවා. ඒ දරුවාගේ ආබාධිතභාවය මත මවුපියන්ගේ සහෝදරයන්ගේ මුළු ජීවිතයම ගෙවිලා යනවා. එය ආබාධිත දරුවන් සිටින පවුලකට උරුම විය යුතු නැහැ. ඒ නිසා ආබාධිත පුද්ගලයන් බලා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සහ දීමනාවක් ලබාදීමට අප කටයුතු කරනවා. අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නා ආණ්ඩුවක්, සියලු පුරවැසියන් අත්නොහරින ආණ්ඩුවක් බවට පත් කළ යුතුයි. එය සෑම ආණ්ඩුවකටම පැවරී තිබෙන වගකීමක් සහ බැඳීමක්. අප එම බැඳීම ඉටු කරනවා. එම වගකීමට අනුව අප කටයුතු කිරීමට සූදානම්.
ඒ වගේම හැමදාමත් සහන සහ දීමනා ලබාදීමෙන් දුප්පත්භාවය තුරන් කිරීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. දුප්පත්භාවය තුරන් කිරීමට නම් ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන ආර්ථික ප්‍රභවයන්වල නිරත විය යුතුයි. දැනට දුප්පත්භාවයෙන් පෙළෙන බොහෝ අයගේ ආර්ථික ප්රභවය වන්නේ කෘෂි කර්මාන්තයයි. කෘෂි කර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් නොකර ඔවුන් දුප්පත්භාවයෙන් මුදා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
ඒ වගේම ධීවර කර්මාන්තය ලාභදායක කර්මාන්තයක් බවට පරිවර්තනය නොකර ධීවර ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ පළමු ප්රයත්නය වන්නේ ඔවුන් දැනට නියැළෙන ආර්ථික ප්‍රභවයන් සාර්ථක ලාභදායක ආර්ථික ප්‍රභවයන් බවට වර්ධනය කිරීමයි. හැබැයි අපි දන්නවා ගමකට මේ ආර්ථික ප්‍රභවයන් පමණක් ප්‍රමාණවත් නැහැ. අලුත් ආර්ථික ප්‍රභවයන් සහ අවස්ථා ගමේ නිර්මාණය කළ යුතුයි.
අප මේ පිළිබඳව පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කියන ප්‍රකාශය තුළ සවිස්තරාත්මකව කරුණු ඇතුළත් කර තිබෙනවා. අපේ අමාත්‍යවරු දැනට ඒ වැඩපිළිවෙළ තුළ තමන්ගේ අමාත්‍යාංශවලට පැවරී ඇති කොටස් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. අපට ඉක්මනින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නැහැ. ඉදිරි මාස 4ක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ මුල අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. පෙබරවාරි මාසයේ මුල වන විට අයවැය ලේඛනය ඉදිරිපත් කර මාර්තු මාසයේ සම්මත කර ගැනීමට අප අපේක්ෂා කරනවා.