ඩිජි­ටල් තිර­යෙන් පුංචි ළමයි ලෙඩ ඇඳට

කුඩා දරු­වන් විදත් ඩිජි­ටල් තිර භාවි­ත­යට ඇබ්බැහි වීම නිසා අක්ෂි ආබාධ, මන්ද­පෝ­ෂ­ණය, අධි­පෝ­ෂ­ණය යනාදි රෝග රැස­කට ගොදු­රුව ඇතැයි සමී­ක්ෂණ වාර්තා­ව­ලින් හෙළිව තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළි­බඳ මනෝ විද්‍යාඥ ස්වර්ණා විජේ­තුංග මහ­ත්මිය පැව­සු­වාය.

කුඩා දරු­වන්ට කෑම කැවීම සඳහා ජංගම දුර­ක­තන තිර ඇතුළු ඩිජි­ටල් තිර භාවි­ත­යට ලබා­දීම නිසා දරු­වන් අධි පෝෂ­ණ­යට මෙන්ම මන්ද­පෝ­ෂ­ණ­යට ගොදුරු වන බවත් මවු­පිය වැඩි­හි­ටි­යන්ගේ පහ­සුව උදෙසා ඩිජි­ටල් තිර භාවි­ත­යට දරු­වන් යොමු කිරීම නිසා දරු­වන්ගේ ජීවිත නාස්ති වන බවත් ඇය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඇය මේ බව ඊයේ (20) පැව­සු­වාය.

ඉස්සර කාලයේ ඖෂධ වට්ටෝරු නිකුත් කර­නුයේ බෙහෙත් ලබා­දී­මට යැයි ද, වර්ත­මා­නය වන විට ඖෂධ වට්ටෝරු නිකුත් කිරී­මට සිදුව ඇත්තේ මවු­පිය වැඩි­හි­ටි­යන්ට දරු­වන් සමඟ සෙල්ලම් කර­මින් ඔවුන් සමඟ කාලය ගත කරන්න යැයි ද ඇය ප්‍රකාශ කළාය.

ඩිජි­ටල් තිර භාවි­තය නිසා සමස්ත දරු­ව­න්ගෙන් සිය­යට 30ක් අවි­දුර දෘෂ්ටි­ක­ත්ව­යෙන් පෙළෙන බවත් එම සංඛ්‍යාව සිය­යට 50ක් දක්වා 2050 වසර වන විට වර්ධ­නය වන බවට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ඇස්ත­මේන්තු කර ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි විශේ­ෂඥ වෛද්‍ය අනූෂා තැන්නේ­කු­ඹුර මහ­ත්මිය පැව­සු­වාය.

දරු­වන්ට තිබෙන අක්ෂි වපර ගතිය සම්බ­න්ධ­යෙන් ද මවු­පිය වැඩි­හි­ටි­යන් අව­ධා­නය යොමු කර අදාළ ප්‍රති­කාර සඳහා දරු­වන් යොමු කළ යුතු බවත් නොඑසේ නම් දරුවා දිගු­කා­ලී­නව අක්ෂි ආබා­ධ­ව­ලට ලක්වී­මට ඉඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

දරු­වකු ඉපදී මාස 18ක් වන තෙක් කිසිදු ඩිජි­ටල් තිර­යක් නැර­ඹී­මට ලබා නොදිය යුතු බවත් වයස අවු­රුදු 18 සිට අවු­රුදු 2 දක්වා මවු­පි­යන්ගේ අධී­ක්ෂ­ණය යටතේ දින­කට පැයක පමණ කාල­යක් ඩිජි­ටල් තිර භාවි­ත­යට ලබා­දීම යෝග්‍ය බවට අමෙ­රි­කානු සමී­ක්ෂ­ණ­ය­කින් හෙළි කර ඇති බවත් ඇය පැව­සු­වාය.