පරි­සර ඇමැති වෛද්‍ය ධම්මික පට­බැඳි වැඩ භාර­ගනී

පරි­සර ඇමැති වෛද්‍ය ධම්මික පට­බැඳි මහතා අමා­ත්‍යාං­ශයේ සොබා­දම් පිය­සේදී පෙරේදා (19) වැඩ භාර ගත්තේය. ඒ මහතා මහ­මැ­ති­ව­ර­ණ­යේදී කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ ජාතික ජන බල­වේ­ගයේ නාය­කයා ලෙස ඉදි­රි­පත් විය. කොළඹ ආනන්ද විද්‍යා­ල­යෙන් පාසල් අධ්‍යා­ප­නය හදරා කොළඹ වෛද්‍ය පීඨ­යට ඇතු­ළත්ව වෛද්‍ය උපා­ධිය ලැබූ ඒ මහතා කලක් රජයේ වෛද්‍ය­ව­ර­යකු ලෙස සේවය කළේය.

අන­තු­රුව වෛද්‍ය වෘත්ති­යට සමු දී ජනතා විමුක්ති පෙර­මුණේ පූර්ණ කාලී­නව දේශ­පා­ල­නය කට­යු­තු­වල නිරත විය. ජනතා විමුක්ති පෙර­මුණේ මධ්‍යම කාරක සභාව ද නියෝ­ජ­නය කරන ඒ මහතා ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභි­ක­යකු මෙන්ම කෑගල්ල සංවි­ධා­ය­ක­ව­රයා ද වෙයි.

අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් ඇතුළු පිරි­සක්  මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.