ජාති­වා­දය මාකට් කිරීම අද ජන­තා­ව­ගෙන් ප්‍රති­ක්ෂේප වෙලා අපි එකතු වෙලා වැඩ කරමු-ධීවර,ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර්

ඉන්දීය ධීව­ර­යන් මෙරට මුහුදු තීරය ආක්‍ර­ම­ණය කිරීම නැවැ­ත්වී­මට අවශ්‍ය සියලු පිය­වර ගන්නා බව ධීවර,ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහතා පැව­සීය. ධීවර අමා­ත්‍යාංශ ඇතුළු පාර්ශ්ව­යන් ඒ සඳහා මෙතෙක් ගෙන ඇති  ක්‍රියා­මාර්ග මෙන්ම තවත් පිය­වර රැසක් ඉදි­රි­ය­ටත් ක්‍රියා­ත්මක කරන බවද ඇමැ­ති­ව­රයා කීය.

මේ රටේ ඉතා වැද­ගත් ක්ෂේත්‍ර­යක් වන ධීවර ක්ෂේත්‍ර­යෙන් රට සංව­ර්ධ­නය කිරී­මට ධීවර අමා­ත්‍යාංශ නිල­ධා­රින්,සේවක සේවි­කා­වන් මෙන්ම ධීවර ප්‍රජා­වද එකට එක්වී කැප­වී­මෙන් ක්‍රියා කළ යුතු බව ද ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

කොළඹ,මාලි­ගා­වත්ත පිහිටි ධීවර අමා­ත්‍යාං­ශ­යේදී පෙරේදා (19)සිය ඇමැති ධුරයේ රාජ­කාරි අර­ඹ­මින් ඇමැ­ති­ව­රයා මේ බැව් ප්‍රකාශ කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද කීය‍.

මම ධීව­ර­යන් ගැන උතු­රේදී  කතා කළාට,ධීව­ර­යන් වෙනු­වෙන් වැඩ කළාට ධීවර අමා­ත්‍යාං­ශ­යට පය තැබුවේ අද පළ­මු­ව­ර­ටයි. ඒ ධීවර  ඇමැ­ති­ව­රයා විදි­හ­ටයි. එය මට මහත් ආඩ­ම්බ­ර­යක්. මේ රටේ ජන­තාව අප විශ්වාස කර මේ රටේ පාලන බලය අපට දී තිබෙ­නවා. එය ඉති­හා­සයේ  කිසිම පාල­න­ය­කට නොදුන් සුවි­ශාල ජන­ව­ර­මක්. උතුරේ මෙන්ම කඳු­ක­රයේ මෙතෙක් හොල්ලන්න බැරිව තිබූ තැන් සුද්ධ කර මුළු රටම අපට භාරදී තිබෙ­නවා. ජාති­වා­දය මාකට් කිරීම දැන් ජන­තා­ව­ගෙන් ප්‍රති­ක්ෂේප වෙලා. මෙහිදී ජන­තා­වගේ අභි­ලා­ෂය වූයේ  වංචා­වෙන් දූෂ­ණ­යෙන් තොර වූ රටක් බිහි කිරී­මයි. ඒ සඳහා උප­රිම වශ­යෙන් කැපවී කට­යුතු කරන බවට අප ජන­තා­වට පොරොන්දු වෙනවා. ජන­තා­වට  හොඳ ජීවන තත්ත්ව­යක් ලබා දීමයි අපේ ප්‍රති­ප­ත්තිය.

රට වටේ තිබෙන  මුහු­දෙන් අප නිසි ප්‍රයෝ­ජන ගත්තා ද කියන ප්‍රශ්නා­ර්ථය දැන් අපට ඉතිරි වී තිබෙ­නවා. ධීවර ජන­තා­වට අප දන්වා සිටින්නේ මේ ඔබේ අමා­ත්‍යාං­ශය,එය රැක­ගෙන ඉදි­රි­යට ගෙන යා යුතු වන්නේ ඔබ­මයි. මේ සඳහා ධීවර අමා­ත්‍යාං­ශයේ හොඳ දක්ෂ නිල­ධා­රින් පිරි­සක් සිටි­නවා. අප සියලු දෙනා එකතු වී ධීවර ක්ෂේත්‍රය දියුණු කරමු. මේ අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රින්ට, සේවක සේවි­කා­වන්ට පසු­ගිය කාලයේ තම සේවා කර­ගෙන යෑමේදී ගැටලු ඇති වන්න ඇති,විවිධ බාධා තිබෙන්න ඇති. ඒවා ඉදි­රි­යට නොවන්න නිද­හසේ රාජ­කාරි කර­ගෙන යන්න මා අවශ්‍ය මාර්ග විවෘත කර දෙනවා.  නමුත් ඒ නිද­හ­සින් අයුතු ප්‍රයෝ­ජන නොගැ­නී­මට සිය­ලු­දෙනා වග­බලා ගත යුතුයි.

ප්‍රවා­හන,මහා­මාර්ග,වරාය සහ සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා සහ ධීවර අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්වූහ.