බලු­කි­ස්තා­නයේ හමුදා කඳ­වු­ර­කට ත්‍රස්ත ප්‍රහා­ර­යක්-සෙබ­ළු 7ක් මරුට

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ හමුදා කඳ­වු­ර­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් සෙබ­ළුන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ කලාට් නුවර පිහිටි හමුදා කඳ­වු­රට එල්ල වූ ප්‍රහා­ර­යෙන් තවත් සෙබ­ළුන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහා­රය එල්ල වී ඇත්තේ කලාට් නුව­රට කිලෝ­මී­ටර් 60ක දුරින් පිහිටි හමුදා කඳ­වු­ර­කට බවත්, පැය කිහි­ප­යක් පුරා දෙපා­ර්ශ්වය අතර වෙඩි හුව­මා­රුව සිදුවී ඇති බවත් කලාට් නුවර පොලී­සිය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහා­රය එල්ල කර ඇත්තේ බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව විසින් බවට කලාට් පොලි­සිය ප්‍රකාශ කර ඇතැයි ද, පසුව බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව ප්‍රහා­රයේ වග­කීම බාර ගන්නා බවට නිවේ­ද­නය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. නිවේ­ද­න­යක් නිකුත් කර­මින් බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව සඳ­හන් කර ඇත්තේ එම ප්‍රහා­රය පිළි­බඳ තොර­තුරු අන්ත­ර්ජා­ලයේ මුදා හැරී­මට කට­යුතු කරන බවය.