බලශක්ති ඇමැති විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (19) කොළඹ මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙනයමින් මහජන මූලික බලශක්ති ක්ෂේත්රයක් ඇති කිරීමේ කාර්යයට නායකත්වය දෙන බව ප්‍රකාශ කළ ඇමැතිවරයා, මහජනතාවට දැරිය හැකි මිලකට සුරක්ෂිත, පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසීමේ හැකියාව ලබා දීමට සැමට එක්වන ලෙසට ආරාධනා කළේය.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා ඇතුළු උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.