රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් ඊයේ (19) මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරුණි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබුණි.
ඉන් අනතුරුව ඒ පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සුජීව අමරසේන මහතා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ දා පටන්, අධ්‍යයනය කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන්ව ඉතා පීඩනයකට ලක්කරමින් පෞද්ගලික පළිගැනීමකට ලක් කළ බවය.