ඔලිම්පික් ක්රීඩක හා ආසියානු රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසයේ ඔලිම්පික් ක්රීඩා උලෙළක් නියෝජනය කළ ක්රීඩකයකු පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය. ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම්ව ඇති තිලකරත්න මහතා 1998දී ජපානයේ ෆුකෝකා ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී තත්පර 44.61කින් පිහිටවූ ශ්රී ලංකා වාර්තාව තවමත් බිඳ හෙළීමට කිසිවකු හෝ සමත්ව නැත.
1973 වසරේ ජූලි මස 30 වන දා නෝටන්බ්රිජ්හිදී උපත ලද සුගත් තිලකරත්න, පසු කලෙක විදුලිපුර ධාවකයා ලෙස මලල ක්රීඩා ක්ෂේත්රය තුළ ප්රකටවී මීටර් 400 ඉසව්ව තුළින් ශ්රී ලංකා නාමය ලෝක මට්ටම කරා රැගෙන ගියේය. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේදී මීටර් 400 ඉසව්වේ මූලික වටයේදී එම ඉසව්වේ ශූරයා වූ මයිකල් ජොන්සන් පරාජය කිරීම විශාල වශයෙන් කතාබහට ලක්වූ සිදුවීමක් විය.
1998 වසරේ තායිලන්තයේ පැවති ආසියානු ක්රීඩා උලෙළේ මීටර් 400 රන් පදක්කම, මලයාසියාවේ පැවති පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උලෙළේදී හා 2002 ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් සුගත් තිලකරත්න දිනා ගත්තේය.