නවගමුව ප්රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක ඊයේ (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී පොලීසිය විසින් ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කිරීමට කටයුතු කළද ඒ වන විටත් සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී තිබූ බවද පොලීසිය පවසයි.
අදාළ රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ ඖෂධ සම්බන්ධයෙන් පහුගිය දින කීපයේදී යම් විගණනයක් සිදු වී ඇති බවත් ඒ අතරතුර මෙලෙස ඖෂධ ගබඩාව ගිනි ගැනීමට ලක් වීම පිළිබඳ සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවද නවගමුව පොලීසියේ නිලධාරියකු පැවසීය.