ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය ජන­තාව ලැබූ ජයක්-ජාජබ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යා­රත්න

තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ජාතික ජන බල­වේ­ගය ලබා­ගත් ජය­ග්‍ර­හ­ණය නව දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් බවත් එය පක්ෂයේ පෞද්ග­ලික ජය­ග්‍ර­හ­ණ­යක් නොව ජන­තාව ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් බවත් ජාතික ජන බල­වේ­ගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩා­යම් නායක සමන්ත විද්‍යා­රත්න මහතා ප්‍රකාශ කළේය.

ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය තුළ විශේ­ෂ­ත්ව­යන් ගණ­නා­වක්ම තිබෙන බව ද ඒ අනුව ප්‍රධාන වශ­යෙන්ම මෙතු­වක් කල් තට්ටු මාරු ක්‍රම­යක් ලෙස රටේ පැව­තුණු කොළ කඳ­වුර සහ නිල් කඳ­වුර බිඳ­වැ­ටුණ බවත් සමන්ත විද්‍යා­රත්න මහතා අව­ධා­ර­ණය කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු බදු­ල්ලේදී ඊයේ (15) මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජාතික ජන බල­වේ­ගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩා­යම් නායක සමන්ත විද්‍යා­රත්න මහතා

“මේ අපි ලබපු ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක්. ලංකාවේ දේශ­පා­ල­නයේ නව යුග­යක් ආරම්භ වුණා. අවු­රුදු 76ක තිබුණු දේශ­පා­ල­නය අව­සන් කරලා නව සමාජ පෙර­ළි­යක් සිදු වුණා. අවු­රුදු 76ක් තට්ටු මාරු දේශ­පා­ලන ක්‍රම­යක් තමයි පව­ත්වා­ගෙන ආවෙ. දැන් අපි මහ­ජන දේශ­පා­ල­න­යක් තමයි දකින්නෙ. ජන­තා­වාදී දේශ­පා­ල­න­යක ආර­ම්භ­යක් සිදු වුණා. ඒක පසු­ගිය සැප්තැ­ම්බර් 21 ක් වැනිදා ජනා­ධි­ප­ති­තුමා තේරී පත්වී­මෙන් ආරම්භ වෙලා පෙරේදා (14) පව­ත්වපු මහ­මැ­ති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ද සහි­තව ජන­තා­වාදී දේශ­පා­ල­නය ජය­ග්‍ර­හ­ණය කළා. ඒ සම්බ­න්ධව අපි අවං­කව සතුටු වෙනවා. විශේ­ෂ­යෙන්ම මේ ජය­ග්‍ර­හ­ණයේ විශේ­ෂ­ත්ව­යන් ගණ­නා­වක්ම තිබෙ­නවා. මෙතු­වක් කල් තිබුණු බල­ක­ඳ­වුරු ගණ­නා­වක්ම බිම වැටී තිබෙ­නවා. රටේ ප්‍රධාන කොළ කඳ­වුර සහ නිල් කඳ­වුර වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ කඳ­වුර බිඳ­වැ­ටුණා.

ඒ වගේම උතුරේ ගත්තත් ද්‍රවිඩ සන්ධා­නය සැල­කිය යුතු පසු­බෑ­ම­කට ලක්වුණා. වතු­ක­රයේ ගත්තත් දිග­ම්බ­ර­ම්ලගෙ, තොණ්ඩ­ම­න්ලගෙ කඳ­වුරු බිඳ­වැ­ටුණා. නැඟෙ­න­හිර ගත්තත් හකී­ම්ලගෙ, අතා­වු­ල්ලගෙ කඳ­වුරු බිඳ වැටුණා. නව දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් තමයි සිදු වුණේ. සන්ධාන නැතිව තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ජන­තාව එකතු කර ගත් ජය­ග්‍ර­හ­ණ­යක් ලෙස හඳු­න්වන්න පුළු­වන්. මේක පෞද්ග­ලි­කව අපි ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් නෙමෙයි ජන­තාව ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක්. මේ ජය­ග්‍ර­හ­ණය තුළ ගැඹුරු බොහෝ දේවල් තිබෙ­නවා. අර්ථ­යක් තිබෙ­නවා. පැරණි දේශ­පා­ල­නය මිනිස්සු බලා­පො­රොත්තු වෙන්නෙ නැහැ. දේශ­පා­ල­නයේ නව පෙර­ළි­යක් සහ නව වෙන­සක් ජන­තාව බලා­පො­රොත්තු වෙනවා. ආර්ථි­කයේ වුණත් නව ගම­නක් බලා­පො­රොත්තු වෙනවා. සමා­ජය වුණත් නව ගම­නක් බලා­පො­රොත්තු වෙනවා. ජාතික ජන බල­වේ­ගයේ පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක් කියන ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය යටතේ ඒ දේ අපි තහ­වුරු කරලා තිබෙ­නවා.

ඒ ප්‍රති­ප­ත්ති­යට තමයි මේ රටේ ජන­තාව අපිට වර­මක් දීලා තිබෙන්නෙ. අපි ඒ ප්‍රති­පත්ති ඉදි­රි­යට ක්‍රියා­ත්මක කර­නවා. මාන­ව­වාදී සමාජ ක්‍රම­යක්, සමාජ ආර්ථි­ක­යක් සහ දේශ­පා­ලන ක්‍රම­යක් මේ රටේ ස්ථාපිත කරලා නව ගම­නක් අපි යන්න සූදා­නම් වෙනවා. මොකද අවු­රුදු 76 ක විට එන විශාල ප්‍රශ්න ගණ­නා­වක් තිබෙ­නවා. ඒ දේවල් ක්‍රමා­නු­කූ­ලව විස­ඳන්න ඕනෙ. බෙදී, වෙන්වී මැති­ව­රණ කරපු කාලය දැන් ඉවර වුණා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් ඉව­රයි. මහ­මැ­ති­ව­ර­ණ­යත් ඉව­රයි. අපි ඔක්කොම එකතු වෙලා, සමගි වෙලා රට ගොඩ නඟන කාල­යයි දැන් එළ­ඹිලා තිබෙන්නෙ. අපි තන­තුරු, තානා­න්තර බලා­ගෙන ආපු ගම­නක් නෙමෙයි. අපේ දේශ­පා­ලන ඉති­හා­ස­යෙන් ඒ බව දැන ගන්න පුළු­වන්. මගේ ජීවි­තයේ පරා­ජ­යට පත්වීම් තමයි වැඩි අවස්ථා ගණ­නා­වක්ම තිබිලා තිබෙන්නෙ. ඒ දේව­ලුත් අපි පරා­ජ­යන් ලෙස භාර ගත්තෙ නැහැ. ඒ දේවල් හමු­වේත් අපි අපේ කාර්ය­ය­භා­රය රට වෙනු­වෙන් කළා. හෙට දවසේ පක්ෂය පව­රන්නේ මොකද්ද ඒ වග­කීම ඉෂ්ට කරන්න අපි සූදා­නම්. තන­තුරු, තානා­න්තර, මිල මුදල් බලා­ගෙන ආපු ගම­නක් නෙමෙයි.