බංග්ලා­දේ­ශ­යට සහ නේපා­ල­යට ඉන්දි­යා­වෙන් විදුලි බලය

ඉන්දි­යාව, නේපා­ලය සහ බංග්ලා­දේ­ශය අතර ත්‍රෛපා­ර්ශ්වික ගිවි­සු­මට අනුව නේපා­ලය අතර පව­තින ජල සම්පත් සහ බල­ශක්ති සහ­යෝ­ගි­තාව කඩි­නම් කිරී­මට සහ බංග්ලා­දේ­ශ­යට මෙගා­වොට් 40ක විදුලි අප­න­ය­න­යක් සිදු කිරී­මට ඉන්දි­යාවේ අව­ධා­නය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය රජයේ අව­ධා­නය යොමු වී ඇත්තේ පසු­ගි­යදා ඉන්දි­යාවේ සංචා­රය කළ නේපාල බල­ශක්ති හා ජල සම්පත් ඇමැති දීපාක් කඩ්කා සහ ඉන්දි­යාවේ විදු­ලි­බල ඇමැති මනෝ­හර් ලාල් කට්ටර් සහ ජල සම්පත් ඇමැති සී.ආර්. පටිල් අතර මේ පිළි­බඳ පැවැති සාක­ච්ඡා­වෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම සාක­ච්ඡාව සාර්ථක හා ඵල­දායි ලෙස හඳු­න්ව­මින් නේපා­ලයේ බල­ශක්ති හා ජල සම්පත් ඇමැ­ති­ව­රයා මාධ්‍ය­යට ප්‍රකාශ කර ඇත්තේ රට­වල් ත්‍රිත්වය අතර බල­ශක්ති හා ජල සම්පත් සහ­යෝ­ගිතාව ඉදි­රි­යට ගෙන යෑමට ඉන්දීය රජයේ එක­ඟ­තාව පළ වී ඇති බවය. නේපා­ලයේ කඳු­කර පළා­ත්වල ජීව­ත්වන ජන­තා­වට සූර්ය පැනල සවි කිරීම හරහා මෙන්ම පානීය ජලය සැප­යීම පහසු කිරී­මට අවශ්‍ය යටි­තල පහ­සු­කම් ලබා­ දී­මට නේපාල රජය ඉන්දි­යා­වෙන් ඉල්ලී­මක් කළ බවත්, නේපා­ලය විසින් ඉදි­රි­පත් කරනු ලැබූ ඉල්ලී­මට ඉන්දීය රජයේ ධනා­ත්මක ප්‍රති­චාර ලැබී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.