දිල්ලි නුවර වායු දූෂ­ණය දරුණු වෙයි-ප්‍රාථ­මික පාසල් දින නිය­ම­ය­කින් තොරව වැසේ

ඉන්දි­යාවේ දිල්ලි ප්‍රාන්තයේ වායූ දූෂ­ණය බර­ප­තළ ලෙස ඉහළ යෑම හේතු­වෙන් සියලු ප්‍රාථ­මික පාසල් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට ප්‍රාන්ත රජය පිය­වර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් දිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති අටීෂ් සිං සඳ­හන් කර ඇත්තේ වසා දැමූ සියලු පාස­ල්වල අධ්‍යා­පන කට­යුතු ඔන්ල­යින් ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කිරී­මට දැනුම් දුන් බවය.

දිල්ලි ප්‍රාන්ත­යට පම­ණක් නොව ඒ අවට පළා­ත්ව­ලට ද වායු දූෂ­ණය ඉහළ යෑම දැඩි බල­පෑ­මක් එල්ල කර ඇති අතර, පසු­ගිය 14 වැනිදා එහි වායු දූෂණ අගය ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිය­මිත වායු දූෂණ අවම අග­යට වඩා 50 ගුණ­ය­කින් ඉහළ ගිය බවද වාර්තා වේ.  දිස්ත්‍රික්ක 9ක් ඇතු­ළත් වන දිල්ලි ප්‍රාන්ත­යට දිස්ත්‍රික්ක 9ක් ඇතු­ළත් වන අතර, ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර ද එම ප්‍රාන්ත­යට අයත් දිස්ත්‍රි­ක්ක­යක් ලෙස සැලකේ.