පිට පිට සුළි කුණාටු දෙකක් පිලි­පී­නය කල­ඹයි-දහස් සංඛ්‍යාත ජන­තාව ආර­ක්ෂිත ස්ථාන­ව­ලට

සුළි කුණාටු දෙකක් එක පෙළට හමා එන බවට පිලි­පී­නයේ ජාතික කාල­ගුණ ඒජ­න්සිය කළ අන­තුරු ඇඟ­වී­ම­කින් එරට මුහු­දු­බඩ නග­ර­වල දහස් සංඛ්‍යාත ජන­තාව ඉවත් කිරී­මට ආපදා මෙහෙ­යුම් කණ්ඩා­යම් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උසාගි නමින් හඳු­න්වනු ලැබූ අධි­වේගී සුළි කුණා­ටුව පෙරේදා පිලි­පී­න­යට කඩා වැදුණු බවත්, එය දුර්වල වෙද්දී මෑන් යී සුළි කුණා­ටුව පිලි­පී­නය දෙසට හමා එමින් තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පැයට කිලෝ­මී­ටර් 185ක වේග­යෙන් හමා ගිය උසාගි සුළි කුණා­ටුව පිලි­පී­නයේ උතුරු පළා­තට කඩා වැදුණු අතර, එය දුර්වල වෙමින් තිබි­යදී එරට කාල­ගුණ ඒජ­න්සිය අන­තුරු අඟවා ඇත්තේ මෑන් යී සුළි කුණා­ටුව පැයට කිලෝ­මී­ටර් 230ක වේග­යෙන් ගොඩ­බිම දෙසට  හමා එමින් තිබෙන බවය.

පිලි­පී­නයේ ජනා­ධි­පති ෆර්ඩි­නන්ඩ මාකෝස් ජූනි­යර් සිය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියේ පළාත් පාලන ආය­තන හා ආපදා මෙහෙ­යුම් නිල­ධා­රීන්ගේ අන­තුරු ඇඟ­වි­ම්ව­ලට අව­නත වෙමින් සිය ආර­ක්ෂාව තහ­වුරු කර ගැනී­මට පිය­වර ගන්නා ලෙස­ටය.