ජන­ප­ති­ව­ර­ණයේ මාලි­මාව ගත් මනාප මහ­මැ­ති­ව­ර­ණයේ දී 1,228,271කින් ඉහළ ගිහින්

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් මනාප ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.

ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ ජාතික ජන බල­වේ­ගය ජන­තා­වගේ විශ්වා­සය පෙරට වඩා ශක්ති­මත් කර ගැනී­මට සමත්ව ඇති බව ඒ අනුව පෙනී යයි.

ජාතික ජන බල­වේ­ගයේ ජන­පති ධුර අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් ව ජනා­ධි­පති ධුර­යට පත්වූ අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඡන්ද 5,634,915ක් ලබා­ගත් අතර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගය ලබා­ගත් මනාප ගණන 6,863,186කි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ඉදි­රි­පත් වූයේ සමගි ජන බල­වේ­ග­යෙනි. එවර මැති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගය මනාප 4,363,035ක් ලබා ගත්ත ද මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ග­යට හිමි­වන්නේ මනාප 1,968,716ක් පමණි. ඒ අනුව පෙනී යන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ සමගි ජන බල­වේ­ගයේ ඡන්ද පද­නම 2,394,319කින් අඩුවී ඇති බවය. සමගි ජන බල­වේ­ගය විශාල වශ­යෙන් පසු­බෑ­ම­කට ලක්ව ඇති බව ඒ අනුව පෙනී යයි.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙනි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මනාප 2,299,767ක් මෙම පක්ෂ­යෙන් තරග කළ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ලබා­ගත්ත ද මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට හිමි­වන්නේ මනාප 500,835ක් පමණි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලබා­ගත් මනාප සංඛ්‍යාව හා සැස­ඳී­මේදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මනාප ප්‍රමා­ණය දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ 1,798,932කින් අඩුවී ඇත්තේ එම පක්ෂය ද විශාල පසු­බෑ­ම­කට ලක් වෙමිනි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කළ නාමල් රාජ­පක්ෂ මහතා මනාප 342,781ක් ලබා­ග­ත්තේය. මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මනාප 350,429ක් ලබා­ගෙන ඇත. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මනාප 7,648කින් සුළු වැඩි­වී­මක් මහ­මැ­ති­ව­ර­ණ­යේදී ළඟා­කර ගැනී­මට සමත්ව ඇතත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ යනු 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිය පක්ෂය ඉදි­රි­පත් කළ කුලු­ඳුල් අපේ­ක්ෂ­කයා වූ ගෝඪා­භය රාජ­පක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබා­ගෙන ජනා­ධි­පති ධුර­ය­ටත්, මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඡන්ද 6,853,693ක් ලබා­ගෙන පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බහු­තර බල­යක් හිමි­කර ගත් පක්ෂ­යක් මේ තැනට වැටී ඇති බව අම­තක නොකළ යුතුය.

2019 වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා අපේ­ක්ෂ­ක­යෙක් ලෙස සමගි ජන බල­වේ­ග­යෙන් ඉදි­රි­පත්වී ඡන්ද 5,564,239ක් ලබා­ග­ත්තත් 2020 මහ­මැ­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ග­යට හිමි­කර ගැනී­මට හැකි­යාව ලැබෙන්නේ ඡන්ද 2,771,984ක් පමණි.

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ජාතික ජන බල­වේ­ගය සිය කුලු­ඳුල් අපේ­ක්ෂ­කයා ලෙස අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රි­පත් කරන අතර එහිදී ලබා ගැනී­මට හැකි­යාව ලැබෙන්නේ ඡන්ද 418,553ක් පමණි. 2020 මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ග­යට හිමි­වන්නේ ඡන්ද 445,958කි. මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ලක්ෂ 68කට වැඩි මනාප ප්‍රමා­ණ­යක් ජාතික ජන බල­වේ­ගය හිමි­කර ගන්නේ මෙයට පෙර අව­සා­න­යට ඉදි­රි­පත්වූ මහ­මැ­ති­ව­ර­ණයේ ලබා­ගත් ලක්ෂ­හ­ත­ර­හ­මා­ර­කට ආසන්න මනාප ප්‍රමා­ණ­ය­ජ­නතා විශ්වා­සය තුළින් තවත් ඉහළ නංවා ගැනී­මට සම­ත්වීම හේතු වෙනි.