ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නෙක් අන්ත ප­රා­දයි

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී මන්ත්‍රී ධුර අහිමි කර­ගත් අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­න­කුම පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව පරා­ජ­යට පත් වූ අපේ­ක්ෂ­ක­යන් වීම විශේ­ෂ­ත්ව­යකි.

කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් සමගි ජන සන්ධා­නය යටතේ තරග වැදුණු සජිත් ප්‍රේම­දාස මහතා මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වී ඇති අතර ඔහු පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර­යක් හිමි­කර ගෙන තිබේ.

ඊට අම­ත­රව සර්ව ජන බලය පක්ෂ­යෙන් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට තරඟ කළ අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නකු වූ දිලිත් ජය­වීර සහ රොෂාන් රණ­සිංහ මහ­ත්වරු පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග වැදී පරා­ජ­යට පත් වූවෝ වෙති.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී දිලිත් ජය­වීර මහතා මනාප 1,22,396ක් හිමි කර ගත් අතර රොෂාන් රණ­සිංහ මහතා හිමි කර ගනු ලැබුවේ 4205ක මනාප සංඛ්‍යා­වකි. සර්ව ජන බලය පක්ෂ­යට ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් ඡන්ද 25,939ක් හිමි වූ අතර එය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 2.10කි. දිලිත් ජය­වීර මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් ඡන්ද 17,143ක් ලබා ගත් අතර රොෂාන් රණ­සිංහ මහ­තාට ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් හිමි වූයේ මනාප 360කි.

කළු­තර දිස්ත්‍රි­ක්ක­යේදී සර්ව­ජන බලය මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී ඡන්ද 13,564ක් ලබා ගත් අතර පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී එම පක්ෂයේ නායක දිලිත් ජය­වී­රට කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් ලැබුණු ඡන්ද ප්‍රමා­ණය 10,261කි.

එහිදී රොෂාන් රණ­සිංහ කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් ඡන්ද 249ක් ලබා ගත්තේය. එසේම බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ඡන්ද 6839ක් ලබා­ගත් අතර ජනක රත්නා­යක එහිදී ඡන්ද 2405ක් ලබා ගත්තේය. ඔවුන්ට ද මෙවර පාර්ලි­මේන්තු වරම් හිමි­වන්නේ නැත.

නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යෙන් එක්සත් ජාතික පක්ෂ අපේ­ක්ෂ­ක­යකු වූ කේ.කේ. පිය­දාස මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව පරා­ජ­යට පත්වූ අතර ඒ මහතා මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් ද පරා­ජ­යට පත්වී තිබේ.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂගේ පුත් නාමල් රාජ­පක්ෂ මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පොදු­ජන පෙර­මු­ණෙන් තරඟ කර ඡන්ද 3,42781ක් ලබා­ගත් අතර මෙවර මැති­ව­ර­ණ­යට තරඟ නොක­ළත් ඔහු ජාතික ලැයි­ස්තුව නියෝ­ජ­නය කරයි.

ඔහුගේ මෙවර පාර්ලි­මේන්තු ආග­ම­නය සිදු­වන්නේ සමස්ත ඡන්ද ප්‍රති­ප­ලය අනු­වය. එමෙන්ම රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­ප­ති­ව­ර­යේදී 22,99767ක් මනාප ලබා ගත් අතර ඔහු මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් නොවූ අතර ජතික ලැයි­ස්තු­වෙන්ද ඉදි­රි­පත්ව නැත.