මැතිවරණ රාජකාරියේ යෙදී සිටි දෙදෙනෙක් හදිසියේ මිය යයි

ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනියක ලෙස කටයුතු කළ තැනැත්තියක් හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවය.

ඇය කළ වයස අවුරුදු 48 පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ සිටි පුද්ගලයෙක්ද මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වයස අවුරුදු 57 ක පුද්ගලයෙක් වන ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බවය.