වංචා­කා­ර­යන් දිය­ව­න්නා­වෙන් අතුගා දමන ශ්‍රම­දා­නය 14වැනිදා පටන් ගන්නවා-ජනතා විමුක්ති පෙර­මුණේ ලේකම් ටිල්වින් සිල්වා

“දූෂ­ණ­යෙන් හා වංචා­වෙන් සූරාකෑ පිරි­සක් දිය­ව­න්නා­වෙන් අතුගා දමන ශ්‍රම­දා­න­යක් තමයි ලබන 14වැනිදා පටන් ගන්නේ” යැයි ජනතා විමුක්ති පෙර­මුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් මාලි­මා­වෙන් තරග වදින එරංග ගුණ­සේ­කර මහ­තාට සහ­යෝ­ගය පිණිස කොළො­න්නාවේ පැවති ජන රැලි­ය­කට සහ­භාගි වෙමිනි.

“විරු­ද්ධ­වා­දීන් එදා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපෙන් ඇහුවේ මන්ත්‍රී ආසන 3ක් තියා­ගෙන කොහො­මද ආණ්ඩු­වක් පිහි­ටු­වන්නේ කිය­ලයි. අපි ඒ ජනා­ධි­ප­ති­ව­ර­ණය දිනුවා පම­ණක් නොවෙයි. ඇමැ­ති­වරු දෙන්නෙක් ඉන්නා ලෝකයේ පළ­මු­වන ආණ්ඩුව පිහි­ටු­ව­ලත් පෙන්නුවා. මේ රටේ ප්‍රථම වතා­වට ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු කිසිම විරු­ද්ධ­වා­දි­ය­කුට කිසිම හිංසා­වක් නොවූ එකම මැති­ව­ර­ණය එයයි. ඔවුන්ගේ ද සහ­යෝ­ගය ඇතිව මේ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය ජය ගන්න පුළු­වන් තර­මට විශ්වා­ස­යක් දිනා­ගන්න මාලි­මාව සමත්ව සිටි­නවා” යැයි ද ඒ මහතා කීය.

“දැන් විරු­ධ­වා­දින් පොල්, බිත්තර ප්‍රශ්න­යක් අල්ලා­ගෙන ඒවා හරි­යට අපි කරපු දේවල් වගේ පෙන්නන්න හැදු­වත්, පොල් ඉඩම් කුට්ටි කර විකුණා පොල් ගස් විනාශ කර දැමු­වේත්, කුකුළු ආහාර මිල ඉහළ දැමු­වේත් කවුද කියා රටේ ජන­තාව දන්නවා. අපි මෙදා ජනා­ධි­ප­ති­ව­ර­ණය දිනුවේ පාර්ලි­මේ­න්තු­වේත් බහු­තර ආසන සංඛ්‍යා­වක් දිනා­ගෙන අඩුම කැබි­න­ට්ටු­වක් සහි­තව ජන­තා­වට දිය­හැකි හැම සහ­න­යක්ම පව­තින අණ­ප­නත් සංශෝ­ධ­නය කර හෝ ජන­තා­වට ලබාදී රට හදන්න මිස අත­ර­මඟ දාලා යන්න නෙවෙයි” යනු­වෙන් ද ටිල්වින් සිල්වා මහතා පැව­සීය.