සෑම ජන කොට­ස­කම මතය පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජ­නය විය යුතුයි-සමගි ජන බල­වේ­ගයේ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර

සෑම ජන කොට්ඨා­ස­ය­කම මතය පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජ­නය විය යුතු බව සමගි ජන බල­වේ­ගයේ බොරැල්ල ආසන සංවි­ධා­යක දේශ­මාන්‍ය ජනක නන්ද කුමාර මහතා පව­සයි.

එසේ නොවන්නේ නම් බලය හිමි කණ්ඩා­යම හිතු­ව­ක්කා­රව, පක්ෂ­ග්‍රා­හීව තමන්ට පක්ෂ­පාතී කොට­ස්වල පම­ණක් වුව­මනා ඉ‍ටුකර ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා තමන්ගේ මත­යට අනෙක් සියලු කොටස් යටත් කර ගැනී­මක් සිදු­වන බව ද මර්ද­නය ක්‍රියා­ත්මක වන බව ද පෙන්වා දුන්නේය.

මාධ්‍ය වෙත ප්‍රකා­ශ­යක් කර­මින් නන්ද කුමාර මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් ඒ මහතා මෙසේ ද පැව­සීය.

Òජවිපෙ පාල­න­යට රට යට වුණොත් එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට අන­තු­රක්. දකුණු ආසි­යානු කලා­පයේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාලන ක්‍රමය හොඳින්ම ඇති එකම රට ශ්‍රී ලංකා­වයි. අපි පිළි­ගන්න ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තුළ සමා­ජයේ සෑම කොට­ස්ව­ල­ටම නිද­හස සහ අයි­ති­වා­සි­කම් ලැබී තිබෙ­නවා. එම තත්ත්වය තව­දු­ර­ටත් දියුණු වීම ඉදි­රියේ දී විය යුතුයි. රාජ්‍ය පාල­නය සඳහා පාල­ක­යන් තෝරා ගැනීම, සර්ව­ජන ඡන්ද බල­යෙන් කිරී­මට ආරම්භ කළ මේ කලා­පයේ පළමු රට ලංකා­වයි. ඒ 1931 දී. එදා මේ කලා­ප­යම ඉංග්‍රීසි අධි­රා­ජ්‍ය­වාදී පාල­න­යට යටත්ව පැවති අතර මේ සියලු රාජ්‍ය­යන් පාල­නය විය­යුතු ක්‍රමය තීර­ණය කළේ ඔවුන්. නමුත් 1931 දී ඔවුන් තීර­ණය කළා ලංකාවේ ජන­තා­වට තමන්ගේ පාල­කයා තෝරා ගැනීමේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වරම ලබා­දිය යුතුයි කියලා. ඇයි තවත් රට­වල් තිබෙද්දී ලංකාව තෝරා ගත්තේ ? ඔවුන්ට විශ්වා­ස­යක් තිබුණා මේ රටේ ජන­තාව තමන්ට ලැබුණු මේ අයි­ති­වා­සි­කම නිවැ­ර­දිව පාවිච්චි කර­මින් රටේ උන්න­ති­යට තමන්ගේ පාල­ක­යන් තෝරා ගනියි කියලා.

සමගි ජන බල­වේ­ගය සමාජ සාධා­ර­ණ­ත්වය මූලික කර ගත් දේශ­පා­ලන ව්‍යාපා­ර­යක්. අපේ පාල­න­යක් යටතේ මර්ද­නය වෙනු­වට ක්‍රියා­ත්මක වන්නේ සැමට නිද­හස සහ අයි­ති­වා­සි­කම්. සැමට ජයක් ලැබෙන සමගි රටක්”.