හිටපු ඇමැතිවරයකු වන ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් මහතා 1994 වසරේ සිට 2024 වසර දක්වා වසර තිහක කාලයක් පාර්ලිමේන්තුවේදී කළ කතා ඇතුළත් කෘතිය එළිදැක්වීම අද (09) පස්වරු 4.00ට මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරේ. ඒ මහතා සිංහල, දමිළ හා ඉංග්රීසි භාෂා ත්රිත්වයෙන්ම පාර්ලිමේන්තුවේදී කළ කතා මේ කෘතියට ඇතුළත්ව ඇත.