ශ්‍රී ලංකා-සවුදි සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කර­මින් අක්ෂි රෝගීන්ට ප්‍රති­කාර කිරීමේ ජංගම සේවා මෙර­ටදී

ශ්‍රී ලංකා – සවුදි අරා­බි­යානු සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් අක්ෂි රෝගීන්ට ප්‍රති­කාර කිරීමේ ජංගම සේවා ප්‍රදේශ කිහි­ප­යක දී පැවැ­ත්වී­මට සවුදි අරා­බි­යානු රජය පිය­වර ගෙන තිබේ. දෙරට අතර පව­තින කීර්ති­මත් සබ­ඳතා සහ ලොව පුරා සිටින අඩු ආදා­ය­ම්ලා­භීන්ගේ සහ පීඩා­වට පත් ප්‍රජා­වගේ දුක් වේදනා සම­නය කිරී­මට සවුදි අරාබි රාජ­ධා­නියේ මානු­ෂීය සහ නාය­ක­ත්වයේ ඇති උන­න්දුව, මානු­ෂීය කට­යුතු අඛ­ණ්ඩව කිරීම පෙන්වා තිබෙන බව ශ්‍රී ලංකාවේ සවුදි අරා­බි­යානු තානා­පති කාර්යා­ලය පව­සයි. ශ්‍රී ලංකා ජන­ර­ජය සඳහා වන සහන සහ මානු­ෂීය ආධාර සඳහා කිං සල්මාන් මධ්‍ය­ස්ථා­නය, මේ වසරේ ශ්‍රී ලංකාවේ නැඟෙ­න­හිර පළාතේ කාත්ත­න්කුඩි ප්‍රදේ­ශයේ නූර් සෞදි ස්වේච්ඡා ව්‍යාපෘ­තිය, සහන සඳහා පසු­ගිය 4 දා සිට අද (09) දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වලස්­මුල්ල ප්‍රදේ­ශයේ රජයේ රෝහලේ දී අන්ධ­භා­ව­යට සහ එයට හේතු වන රෝග­ව­ලට එරෙ­හිව සටන් කිරී­මට මානු­ෂීය ආධාර නූර් සවුදි ස්වේච්ඡා ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කර තිබේ.

රෝගීන් දහස් ගණ­න­කට සැත්කම් සිදු­කි­රීම සහ ඔවුන්ට වෛද්‍ය සේවා සැප­යීම මෙන්ම ඔවුන්ට සෞඛ්‍යය පිළි­බඳ දැනු­වත් කිරී­මට අම­ත­රව ඖෂධ, ඇස් කණ්ණාඩි සහ කාච ලබා­දීම මේ ව්‍යාපෘ­ති­යට ඇතු­ළත් වන බව ද සවුදි අරා­බි­යානු තානා­පති කාර්යා­ලය කියයි. මේ ව්‍යාපා­රය අත­ර­තුර රෝගීන් විශාල පිරි­ස­කට ප්‍රති­කාර කර තිබෙන අතර, වෛද්‍ය පරී­ක්ෂණ 4,500ක් වීදුරු බෙදා­හැ­රීම් 600ක් සහ සැත්කම් 115ක් ඒ අතර වූ බවද ශ්‍රී ලංකාවේ සවුදි අරා­බි­යානු තානා­පති කාර්යා­ලය පව­සයි.