සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් තරග 300කට සත්කාරකත්වය සැපයූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්විය. එලෙස ඉතිහාසයට එක්වූ වැඩිම තරග ගණනක් පැවති ක්‍රීඩාංගණයේදී එක්දින තරග 252ක්, විස්සයි20 තරග 38ක් සහ ටෙස්ට් තරග 10ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු තරගය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ 1984 වසරේ ආසියානු කුසලාන එක්දින තරගයේදීය.
ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය පෙරේදා ආරම්භ වීමත් සමඟ සාජා ක්‍රීඩාංගණයේ නව වාර්තාව නිර්මාණය විය.