අමාත්‍ය මණ්ඩල තීරණ

2024 නොවැ­ම්බර් 5 දින රැස් වූ අමාත්‍ය මණ්ඩ­ලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකා­ශ­යට පත් කිරීම සඳහා කැබි­නට් මාධ්‍ය ප්‍රකා­ශක ඇමැති විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (6) පැවති මාධ්‍ය හමු­වට එක් වූයේ මෙලෙ­සිනි.

2024 නොවැ­ම්බර් 5 දින රැස් වූ අමාත්‍ය මණ්ඩ­ලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකා­ශ­යට පත් කිරීම සඳහා කැබි­නට් මාධ්‍ය ප්‍රකා­ශක ඇමැති විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (6) පැවති මාධ්‍ය හමු­වට එක් වූයේ මෙලෙ­සිනි.

චීන­යෙන් පිරි­නැ­මෙන පාසල් නිල ඇඳුම් රෙදි තිළි­ණය භාර ගැනීම

ලබන වසරේ පාසල් නිල ඇඳුම් රෙදි මුළු අව­ශ්‍ය­තාව වන රෙදි මීටර මිලි­යන 11.82ම, ප්‍රදා­න­යක් ලෙස පිරි­නැ­මී­මට මහ­ජන චීන සමූ­හා­ණ්ඩුව එක­ඟ­තාව පළ කර ඇති අතර, එම රෙදි පාසල් සිසුන්ගේ භාවි­තය සඳහා සුදුසු බවට ශ්‍රී ලංකා පේෂ­කර්ම හා ඇඟ­ලුම් ආය­ත­නය විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව එම ප්‍රදා­නය භාර ගැනීම පිණිස අධ්‍යා­පන, විද්‍යා සහ තාක්ෂණ ඇමැ­ති­නිය ලෙස අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

මාර්ග ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපෘති ප්‍රති­පා­දන කළ­ම­නා­ක­ර­ණය

ප්‍රති­පා­දන නොලැ­බීම හේතු­වෙන් රු. බිලි­යන 28.37ක හිඟ බිල්පත් පිය­වී­මට ඉති­රිව ඇති කි.මී. 100,000 මාර්ග පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හ­නට 2024දී රු. බිලි­යන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ කි.මී. 1,000ක් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට හඳු­නා­ගනු ලැබ ඇත. එම වැඩ­ස­ට­හන් දෙක යටතේ නිර­වුල් කළ යුතුව පව­තින හිඟ බිල්පත් පිය­වීම සඳහා 2024 වර්ෂය වෙනු­වෙන් අමා­ත්‍යාං­ශය වෙත වෙන් කර ඇති, එහෙත් මේ දක්වා භාවිත කර නැති ප්‍රති­පා­දන කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුව­න්සේවා ඇමැති විජිත හේරත් මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ  අනු­මැ­තිය හිමිව තිබේ.

කටු­නා­යක ගුව­න්තොට  මුදල් කවුළු 5ක් ආය­තන 5කට පැව­රීම

කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ පිට­ත්වීමේ පර්ය­න්තයේ ව්‍යව­හාර මුදල් කවුළු 5ක් ක්‍රියා­ත්මක කිරීම සඳහා ප්‍රස­ම්පා­දන කමිටු නිර්දේශ මත පද­නම්ව වසර 3ක කාල සීමා­වක් සඳහා අංක 25  කවු­ළුව ලංකා බැංකු­ව­ටද, අංක 02 කවු­ළුව සම්පත් බැංකු­ව­ටද, අංක 04 කවු­ළුව කොම­ර්ෂල් බැංකු­ව­ටද, අංක 10 කවු­ළුව තෝමස් කුක් ලංකා (ප්‍රයි­වට්) ලිමි­ටඩ් වෙතද, අංක 11 කවු­ළුව හැටන් නැෂ­නල් බැංකු­ව­ටද පැව­රීම සඳහා ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුව­න්සේවා ඇමැති විජිත හේරත් මහතා ඉදි­රි­පත් කළ නිර්දේ­ශ­යට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

අධ්‍යක්ෂ ජන­රාල් තන­තුරු කිහි­ප­යක් සඳහා පත් කිරීම්

පුර­ප්පා­ඩුව පව­තින විදේශ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් තන­තු­රට දැනට එහි අති­රේක අධ්‍යක්ෂ ජන­රාල් තන­තු­රක සේවය කරන ශ්‍රී ලංකා ක්‍රම­ස­ම්පා­දන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිල­ධාරි ආර්.එම්.එස්.පී.එස්.බණ්ඩාර මහ­තාද, ව්‍යාපෘති කළ­ම­නා­ක­රණ සහ අධී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් තන­තු­රට දැනට ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශයේ මහා­මාර්ග අංශයේ අධ්‍යක්ෂ ජන­රාල් තන­තුරේ සේවය කරන ශ්‍රී ලංකා ක්‍රම­ස­ම්පා­දන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිල­ධාරි එස්.එස්. මුද­ලිගේ මහ­තාද, රාජ්‍ය ණය කළ­ම­නා­ක­රණ කාර්යා­ලයේ අධ්‍යක්ෂ ජන­රාල් තන­තුරේ වැඩ බැලී­මට දැනට විදේශ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රි­යක වශ­යෙන් සේවය කරන ශ්‍රී ලංකා ක්‍රම­ස­ම්පා­දන සේවයේ I ශ්‍රේණියේ නිල­ධා­රිනි උදේනි උඩු­ග­හ­ප­ත්තුව මහ­ත්මි­යද පත් කිරී­මට මුදල්, ආර්ථික සංව­ර්ධන, ප්‍රති­පත්ති සම්පා­දන, සැල­සුම් සහ සංචා­රක ඇමැ­ති­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

වල්ගම-දිය­ගම පාරේ කොන්ත්‍රා­ත්තුව මාගා ඉංජි­නි­ය­රින් සමා­ග­මට

රක්වාන‑සූරි­ය­කන්ද මාර්ග ව්‍යාපෘ­ති­යෙහි ඉතිරි ණය ප්‍රති­පා­දන යොදා­ග­නි­මින් කොළඹ දිස්ත්‍රි­ක්කයේ වල්ගම-දිය­ගම මාර්ගය වැඩි­දි­යුණු කිරීමේ කොන්ත්‍රා­ත්තුව ප්‍රස­ම්පා­දන කමි­ටුවේ නිර්දේ­ශය මත පද­නම්ව රුපි­යල් බිලි­යන 2.44ක (වැට් රහිත) මුද­ල­කට මාගා ඉංජි­නි­ය­රින් ප්‍රයි­වට් ලිමි­ටඩ් වෙත ප්‍රදා­නය කිරී­මට ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුව­න්සේවා ඇමැති විජිත හේරත් මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

පෙට්‍රල් 92 Unl නැව් තොග 5ක් සැප­යීමේ කොන්ත්‍රා­ත්තුව

ලංකා ඛනි­ජ­තෙල් නීති­ගත සංස්ථා­වට එළ­ඹෙන මැයි මස දක්වා පෙට්‍රල් 92 Unl නැව් තොග 5ක් සැප­යීමේ දිගු­කා­ලීන කොන්ත්‍රා­ත්තුව ප්‍රස­ම්පා­දන කමි­ටුවේ නිර්දේශ මත පද­නම්ව නෞභාර පත නිකුත් කළ දින සිට දින 30කින් ණය­වර ලිපි­යක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රම­වේ­දය යටතේ සිංග­ප්පූ­රුවේ විටෝල් ඒෂියා පෞද්ග­ලික සමා­ග­මට ප්‍රදා­නය කිරී­මට බල­ශක්ති ඇමැති ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

ඌව-උතුරු පළාත් ඒකා­බද්ධ ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ ව්‍යාපෘ­තිය

ඌව, උතුරු පළා­ත්වල ඒකා­බද්ධ ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ යන්ත්‍ර­ණ­යක් ස්ථාපිත කිරීම සඳහා ව්‍යාපෘ­ති­යක් ක්‍රියා­ත්මක කිරීම පිණිස අ.ඩො. මිලි­යන 10.20ක මූල්‍ය ප්‍රදා­න­යක් පිරි­නැ­මී­මට කොරි­යානු රජය එක­ඟ­තාව පළ කර ඇති අතර, ඒ අනුව, කොරි­යානු ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ආය­ත­නයේ තාක්ෂ­ණික සහාය සහ කොරි­යානු රජයේ මූල්‍ය ආධාර උප­යෝගි කර­ග­නි­මින් යෝජිත ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීම පිණිස අධි­ක­රණ, රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු ඇමැ­ති­නිය ලෙස අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

අධි­ක­රණ-රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු-කම්කරු අමා­ත්‍යාංශ ලේකම් තන­තුර

පුර­ප්පාඩු වී ඇති අධි­ක­රණ, රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමා­ත්‍යාං­ශයේ ලේකම් තන­තුරේ වැඩ බැලීම සඳහා දැනට එම අමා­ත්‍යාං­ශයේ පාර්ලි­මේන්තු කට­යුතු අංශයේ අති­රේක ලේකම් වශ­යෙන් සේවය කරන ශ්‍රී ලංකා පරි­පා­ලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිල­ධා­රිනි ආර්.එම්.එන්.ඊ.කේ. රණ­සිංහ මහ­ත්මිය පත් කිරී­මට අධි­ක­රණ, රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු ඇමැ­ති­නිය ලෙස අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

ප්‍රීති අනෝමා සිරි­ව­ර්ධන යළි ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට

අධ්‍යක්ෂ ජන­රාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල්, අධ්‍යක්ෂ (පරි­පා­ලන හා මානව සම්පත්) සහ අධ්‍යක්ෂ (මූල්‍ය) වැනි ඉහළ කළ­ම­නා­කා­රිත්ව තන­තුරු පුර­ප්පා­ඩුව පව­තින ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රියේ කට­යුතු බාධා­ව­කින් තොරව පව­ත්වා­ගෙන යෑමට හැකි වන පරිදි අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් ලෙස සේවය කර විශ්‍රාම ගෙන ඇති ප්‍රීති අනෝමා සිරි­ව­ර්ධන මහ­ත්මිය මාස 6ක කාල­සී­මා­වක් සඳහා කොන්ත්‍රාත් පද­නම මත නැවත සේවයේ යෙද­වී­මට කාන්තා, ළමා හා තරුණ කට­යුතු සහ ක්‍රීඩා ඇමැ­ති­නිය ලෙස අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ  අනු­මැ­තිය හිමිව තිබේ.

ආණ්ඩුව කිසි විටෙ­ක­වත් ජන­මා­ධ්‍යට වැට බඳින්නේ නෑ

වත්මන් ආණ්ඩුව කිසි විටෙ­ක­වත් මාධ්‍ය මර්ද­න­යක් සිදු නොක­රන බව අමාත්‍ය මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති විජිත හේරත් මහතා පැවැ­සීය. රජය මාධ්‍ය මර්ද­නයේ යෙදෙ­න්නේ­දැයි ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (6) පැවැති කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේදී මාධ්‍ය­වේ­දි­යකු ඇසූ පැන­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

මාධ්‍ය භාවි­ත­යේදී මාධ්‍ය සදා­චා­ර­යන්ට අනුව වැඩ කිරී­මට මාධ්‍ය ආය­ත­න­වල වග­කීම බව පැවැසූ ඒ මහතා එමෙන්ම මාධ්‍ය ආය­ත­න­යක ප්‍රවෘත්ති ප්‍රචා­ර­ණය කරන විට එහි වග­කීම මාධ්‍ය ආය­තන සතු බවද කීවේය. අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය කිසි විටක මාධ්‍ය­වේ­දීන්ට බාධා කර නැති අතර, ඇයගේ ආර­ක්ෂ­ක­යන් ආර­ක්ෂාව සපයා සිටි­යදී වූ පුංචි සිදු­වී­මක් අල්ලා­ගෙන මාධ්‍ය මර්ද­නය කිරී­මක් කර­නවා යැයි අර්ථ­ක­ථ­නය නොකළ යුතු බවද ඒ මහතා කියා සිටි­යේය.

මුස්ලිම් විවාහ නීතිය  වෙනස් කරන්න කිසිම 

තීර­ණ­යක් අරන් නෑ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරී­මට රජය කිසිදු තීර­ණ­යක් ගෙන නැති බව අමාත්‍ය මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති විජිත හේරත් මහතා පැව­සීය. ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (6) පැවති කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේ­දීය.

ඕනෑම ආග­මක පනත් පිළි­බඳ සංශෝ­ධන අවශ්‍ය නම් එය කරන්නේ ඒ ඒ ආගමේ නාය­ක­යන් හා විද්ව­තුන් සමඟ සාකච්ඡා කර බවද, මුස්ලිම් ජන­තා­වට දැනට ක්‍රියා­ත්මක වන ඉස්ලාම් විවාහ නීතිය වෙනස් කිරී­මට කිසිදු තීර­ණ­යක් රජ­යක් ලෙස ගෙන නැති බව විෂය භාර ඇමැ­ති­ව­රයා ලෙස වග­කී­මෙන් පව­සන බවද විජිත හේරත් මහතා සඳ­හන් කළේය.