රටේ දේශ­පා­ල­න­යට අපි ප්‍රමි­ති­යක් ගෙන එනවා-ජන­පති අනුර අම්පා­රේදී කියයි

මෙරට දේශ­පා­ල­න­යට ප්‍රමි­ති­යක් සකස් කරන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙවර මහ මැති­ව­ර­ණයේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් ජාතික ජන බල­වේ­ගය විසින් සංවි­ධා­නය කර තිබුණු අම්පාර ජන රැලි­යට පසු­ගි­යදා (4) සහ­භාගි වෙමිනි.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තා­වගේ විශ්වා­සය දිනා­ගත් ආණ්ඩුව බවට අද ජාතික ජන බල­වේ­ගය ආණ්ඩුව පත්ව තිබෙන බවත්, මේ රටේ අනා­ග­තය සහ දරු­වන්ගේ අනා­ග­තය රඳා පව­තින්නේ ආර්ථික වශ­යෙන් අත්පත් කර­ගන්නා සංව­ර්ධ­න­යෙන් පම­ණක් නොවන බවත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

එහිදී තව­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා:

“පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මේ රටේ ජන­තාව ඉතා නිර්භීත ධෛර්ය­වන්ත තීන්දු­වක් ගත්තා. දීර්ඝ කාල­යක් මේ රට පාල­නය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩා­ය­මක්. ඔවුන් අපේ රටේ සම්පත් බහු ජාතික සමා­ගම් වෙත විකුණා දැමුවා. ඔවුන් භාණ්ඩා­ගා­රයේ ධනය හිතූ හිතූ සේ පාවිච්චි කළා; මහ­ජන දේපළ පරි­හ­ර­ණය කළා. මම දැක්කා ළඟදී පුව­ත්ප­තක පළ වී තිබෙ­නවා මේ අම්පාර දිස්ත්‍රි­ක්කයේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙක් අවු­රුදු 36කට පසු නිවස බාර­දුන්නා කියලා. ඒ අය මෙහෙත් එහෙ­මයි, කොළ­ඹත් එහෙ­මයි. ඔවුන් රජයේ නිවා­ස­ව­ලින් ඉවත් කරන්න නඩු දාන්න අප තීන්දු කර තිබෙ­නවා. ඔවුන් මුළු ජීවිත කාල­යම ආණ්ඩු­වෙන් යැපුණු අය. මේ රට මහා ණය උගු­ලක හිර කරපු ඔවුන්, ඔවුන්ගේ පවු­ල්වල උද­වි­යට හා වටේ සිටින කණ්ඩා­ය­ම්ව­ලට පම­ණක් සේව­යක් කළ අයයි.

“මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඇතැම් ස්වාමීන් වහ­න්සේලා පවා වේදි­කා­වට නැඟලා පන්සලේ දානේ නැති වෙයි, පෙර­හැර නැති වෙයි, ආයේ පෝයට සිල්ගන්න බැරි වෙයි කිව්වා. මුස්ලිම් ජන­තා­වට කිව්වා වඳින්න දෙන්නේ නැහැ, රැවුල වවන්න දෙන්නේ නැහැ, ඔවුන්ගේ සංස්කෘ­තීන් අනුව කට­යුතු කරන්න දෙන්නේ නැහැ කියලා. එප­ම­ණක් නොවයි ජාතීන් අතර සැකය අවි­ශ්වා­සය ගොඩ­නැ­ඟී­මට මත වැපි­රුවා. අපි ආවාම ගෑස් පුපු­ර­නවා, තෙල් පෝලිම් ඇති වෙනවා, කිරි පිටි පෝලිම් එනවා, ඩොල­රය 400ට නගි­නවා කිව්වා. ආර්ථි­කය කඩා­වැ­ටෙ­නවා කිව්වා. ඒ විත­රක් නෙවෙයි, අපි ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළොත් මේ රට මහා ලේ විලක් බවට පත් වෙනවා කිව්වා. අනිත් පාක්ෂි­ක­යන්ට ගහ­නවා, හිංසා කර­නවා කියලා කිව්වා. රට ජාත්‍ය­ය­න්තර වශ­යෙන් හුදෙ­කලා වෙනවා කිව්වා. ඒත් අපි ඒ සිය­ල්ලට මුහුණ දෙමින් ඒ සියල්ල බොරු අව­ලාද බව තහ­වුරු කර තිබෙ­නවා.

“දැන් මහ මැති­ව­ර­ණය පැමිණ තිබෙ­නවා. එදා අපට චෝදනා කළ අය අද අම්පා­රට එන­වද? පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඒ දෙන්නා වැඩි­පුර හිටියේ නැගෙ­න­හිර හා උතුරු පළාතේ. මේ ඡන්දෙදි එන්නේ නැත්තෙ ඇයි? ඔවුන්ට ඇවිල්ලා කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අද ඔවුන් අසා­ර්ථක භාවයේ පතු­ල­ටම ගිලිලා. රැස්වී­මක් පව­ත්වන්න බැහැ, ගෙයින් ගෙට යන්න බැහැ, සාක­ච්ඡා­වක් පව­ත්වන්න බැහැ. ඔවුන්ට තව­දු­ර­ටත් ජන­තා­වට මුහණ දෙන්න බැහැ. ඒ තර­ම­ටම ජන­තා­වට බොරු කිව්වා. අව­ලාද නැගුවා. බැරි වෙලා­වත් අද ඔවුන් රැස්වී­ම­කට ආවොත් අහන්න පෝය ඉව­රද, දානේ නැද්ද, ලේ විලක් වුණාද, ඩොල­රය 400 වුණාද කියලා.

“පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපට ඡන්දය නොදුන් අය ඉන්නවා. බයට, අව­බෝ­ධ­යක් නැති­කම හෝ අනෙක් පක්ෂ සමඟ තිබෙන බැඳීම නිසා හෝ එම පක්ෂ විසින් අප පිළි­බඳ කරන අසත්‍ය චෝද­නා­ව­ලට හසු වී හෝ කුමන හේතු­වක් නිසා හෝ අපට ඡන්දය නොදුන් ජන­තා­වක් සිටියා. ඒත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපට ඡන්දය නොදුන් ඒ ජන­තා­වත් මේ 14 වෙනිදා මහ මැති­ව­ණ­යේදී අපට ඡන්දය දෙනවා. මේ අම්පාර දිස්ත්‍රි­ක්කය දෙමළ, සිංහල, මුස්ලිම් ප්‍රධාන ජන කණ්ඩා­යම් තුනම ජීව­ත්වන දිස්ත්‍රි­ක්ක­යක්. මේ දිස්ත්‍රි­ක්කයේ දේශ­පා­ලන ව්‍යාපා­රය ගොඩ­නැගී තිබුණේ මුස්ලිම් අයට වෙනම පක්ෂ, සිංහල අයට වෙනම පක්ෂ ලෙසයි. මුස්ලිම් ජන­තාව මුස්ලිම් පක්ෂ­වල නාය­කයෝ, සිංහල ජන­තාව සිංහල පක්ෂ­වල නාය­කයෝ තෝරාගන්නවා. ඒ නිසා ආග­ම්ව­ලින්, සංස්කෘ­තී­න්ව­ලින්, භාෂා­වෙන් විත­රක් නෙවෙයි වෙන­ස්කම් තිබුණේ. පක්ෂ­ව­ලි­නුත් වෙන­ස්කම් තිබුණා. ඒ කියන්නේ අපි හැම අතින්ම බෙදුණු ජාති­යක් බවට පත් වුණා. අපි ඒ බෙදීමේ ප්‍රති­වි­පා­ක­ව­ලට මුහුණ දුන් ජාති­යක්. එකි­නෙකා බෙදිලා අපට ජාති­යක් විදි­යට ඉදි­රි­යට යන්න බැහැ. මේ රටේ අනා­ග­තය සහ දරු­වන්ගේ අනා­ග­තය රඳා පව­තින්නේ ආර්ථික වශ­යෙන් අත්පත් කර­ගන්නා සංව­ර්ධ­න­යෙන් පම­ණක් නොවෙයි. අප මොන­ත­රම් ප්‍රමා­ණ­ය­කට ජාතික සම­ගිය ගොඩ­නැ­ගී­මට සමත්ද, ඒ තරම් ප්‍රමා­ණ­ය­කින් මේ රට දියුණු කළ හැකියි. අපි බෙදුණු යුගය අව­සන් කළ යුතුයි. අපි එකම ලාංකික ජාති­යක් බවට පත්විය යුතුයි. අද ලංකාවේ උතු­රට, නැගෙ­න­හි­රට, කඳු­ක­ර­යට හා බට­හි­රට එකම සෙව­ණක් යටතේ නාය­ක­ත්වය ලබා­දෙන දේශ­පා­ලන ව්‍යාපා­රය ජාතික ජන බල­වේ­ගය විත­රයි.

“ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව වැඩිම පිබි­දීම ඇති වුණේ උතුරේ දෙමළ ජන­තාව තුළයි. මට මෑත­කදී උතුරේ දෙමළ පක්ෂ­යක නාය­ක­යෙක් හමු වුණා. ඔහු කිය­නවා මහ ඡන්ද­යෙන් පස්සේ අපත් සමග එකට වැඩ කරන්න ලෑස්තියි කියලා. සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජන­යාගේ විශ්වා­සය දිනා­ගත් ව්‍යාපා­ර­යක් ලෙස ලංකාවේ පළමු වතා­වට දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් ගොඩ­නැගී තිබෙ­නවා. අපේ ආණ්ඩුව ඒ සියලු දෙනාගේ සංස්කෘ­තිය අනුව කට­යුතු කිරීමේ අයි­තිය, තමන්ගේ භාෂා­වෙන් කට­යුතු කිරී­මට ඇති අයි­තිය ආරක්ෂා කර­නවා. එකම ලාංකික ජාති­යක් ලෙස මේ ශ්‍රී ලංකාව ගොඩ­නැ­ගීමේ වග­කීම ජාතික ජන­ බ­ල­වේ­ගයේ ආණ්ඩුව අප ඉටු කර­නවා.

“ගමේ ජන­තා­වගේ ප්‍රධාන ආදා­යම් මාර්ගය කෘෂි කර්මා­න්ත­යයි. අප ඒ සඳහා මූලික සැලැ­ස්මක් සකස් කර තිබෙ­නවා. ඒ විත­රක් නෙවෙයි මේ පළා­ත්වල කිරි නිෂ්පා­ද­නය ප්‍රධාන කර්මා­න්ත­යක් බවට පත්කළ හැකියි. ඒ සඳහා තෘණ­බිම් ලබා­දීම, කිරි මිලදී ගැනීමේ මධ්‍ය­ස්ථාන ශක්ති­මත් කිරීම ආදි වැඩ­පි­ළි­වෙ­ළක් මගින් කිරි කර්මා­න්තය හරහා ගැමියා දියුණු කර­නවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශ සංචා­රක ව්‍යාපා­ර­යට ඉතා­මත් යෝග්‍ය තෝතැ­න්නක්. සංචා­රක ව්‍යාපා­රය පිළි­බඳ විශාල සැලැ­ස්මක් අප සකස් කර තිබෙ­නවා. ඒ විත­රක් නෙවෙයි රාජ්‍ය සේවයේ කාර්ය­ක්ෂ­ම­තාව අප ඇති කර­නවා. ඒ වගේම අපගේ ස්වාභා­වික සම්පත් මත නව කර්මාන්ත පද්ධ­ති­ය­කට අප පිය­වර තබ­නවා. මේ සියල්ල ඉතා හොඳින් සැල­සුම් කර අප දියත් කළොත් මේ රට ලෝකයේ දියු­ණුම රටක් බවට පත් කළ හැකියි.

“පළමු කොට මේ රට ගොඩ නැගී­මට දේශ­පා­ලන ප්‍රමි­තීන් තිබිය යුතුයි. අපේ රටේ දේශ­පා­ල­න­ක­යාට, දේශ­පා­ල­න­යට ප්‍රමි­තීන් නෑ. හිතෙන ඕනෑම දෙයක් දේශ­පා­ල­ක­යාට කළ හැකියි. ඔබ දන්නවා මේ දින­වල ලියා­ප­දිංචි නොකළ වාහන සොයා­ග­න්නවා. රේගු­වෙන් පන්නපු වාහන, පාවිච්චි කර තිබෙන්නේ ඇමැ­ති­වරු. ඔබ අංක තහ­ඩු­වක් නැති වාහ­න­යක් පාරට දාන්නනේ නෑ. ඒත් ඇමැති ලියා­ප­දිංචි නොකළ වාහන දුව­නවා. ඒ කියන්නේ ඇමැති නීති­යට යටත් නෑ. මේ තමයි අපේ රටේ දේශ­පා­ල­නය. අප මේ දේශ­පා­ල­න­යට ප්‍රමි­ති­යක් ගේනවා.”