දිස්ත්රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාස, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්රික්ක සඳහා ද මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.