පලුගස්වැවට වතුර නෑ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලුගස්වැව 601 ග්‍රාම නිලධාරි වසමේ පවුල් 350ක, දාහක් පමණ පිරිසක් ජීවත්වන දුෂ්කර ග්‍රාමයකි.

වියළි කලාපයේ අඩු වර්ෂාපතනයක් පවතින වසරේ වැඩි කාලයක් නියඟය පවතින මෙම ප්‍රදේශයේ ජීවත්වන වැසියන්ට පානීය ජලය ලබා ගැනීමේදී මහත් දුෂ්කරතාවකට මුහුණදීමට සිදුව ඇත.

හබරණ ජල සම්පාදන මණ්ඩලය මඟින් මෙයට වසර 02කට පමණ පෙර පානීය ජල යෝජනාවක් ආරම්භ කරන නළ ජලය ලබා දුන්නත් මේ වන විට දින දෙකකට සැරයක් ඉතා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලබා දීම තුළ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේදී ඉමහත් දුෂ්කරතාවකට මුහුණදීමට සිදුව ඇත.

වනඅලි තර්ජන මැද ඉතා අසීරු ජීවිකාවක් ගෙවන මෙම ගැමි ජනතාවට පානීය ජල අවශ්‍යතාව සපුරාදීම බලධාරින්ගේ යුතුකමක් බව සඳහන් කිරීමට කැමැත්තෙමු.