විනාශයට යන මාතර බස් නැවතුම්පොළ

මාතර බස් නැවතුමිපොළ වර්තමානයට පමණක් නොව, අනාගතයට ගැළපෙන ආකාරයට විධිමත් සැලැස්මක් තුළ නිර්මාණය වූවකි. 2004 සුනාමි විනාශයේදී ජීවිත දහස් ගණනක් ආරක්ෂා වීමට මෙම බස් නැවතුම්පොළ නිසා හැකි විය. මෙය අද විනාශයට ලක්ව තිබේ.

මෙහි දෙමහල් ගොඩනැඟිල්ලේ බිත්ති දුර්වර්ණ වී තිබේ. වහලයේ සමහර කොටස් දිරා වැහි පීලි කඩා වැටී ඇති බැවින් වර්ෂා කාලයේදී තෙමීමට ලක්වේ රාත්‍රියේදී යාචකයන්ගේ වාසස්ථාන බවට බස්නැවතුම්පොළ බවට පත්වේ. මෙහි ඇති හෝටල්වල ආහාරවල ගණාත්මක බව, පිරිසිදු භාවය අඩු බව,ජනතාව චෝදනා කරති. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.