පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා ඉන්ධන මිල ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය පළමුවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එම මිල ඉහළ දැමීම සිදු කර ඇති අතර, ලබන 15 වැනිදා දක්වා කාලයකට එම මිල ගණන් පවතිනු ඇතැයි පාකිස්තාන රජය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 1.35කින් ඉහළ දමා ඇතැයි ද, එහි නව මිල රුපියල් 24838ක් වන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මීට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.85කින් ඉහළ දැමීමෙන් නව මිල රුපියල් 255.14ක් වී ඇතැයිද වාර්තා වේ.

පාකිස්තාන රජය ඉන්ධන මිල ඉහළ දැමීම එරට විපක්ෂයේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර, ඉදිරියේදී තවදුරටත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි රජය නිවේදනය කිරීමෙන් තත්ත්වය බරපතළ වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ දැමීමට පාකිස්තාන රජය ගත් පියවර සම්බන්ධව විවේචනය කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය සහ ජමාටි ඉස්ලාමි පක්ෂය නිවේදන නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.