ආයුධ සන්නද්ධ කණ්ඩායමක් බොලිවියාවේ හමුදා කඳවුරක් යටත් කරගෙන ඇතැයිද, සෙබළුන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙසේ යටත් කරගෙන ඇත්තේ මධ්‍යම බොලිවියාවේ කොචබම්බා නුවර පිහිටි හමුදා කඳවුරක් වන අතර, සෙබළුන්ට අමතරව ආයුධ විශාල ප්‍රමාණයක් ද එම කණ්ඩායම අතට පත්වී ඇතැයි වාර්තා වේ.
මේ ආයුධ සන්නද්ධ කණ්ඩායම එරට හිටපු ජනාධිපති ඊවෝ මොරැලස්ට අයත් කණ්ඩායමක් බව බොලිවියාවේ වත්මන් ජනාධිපති ලුයිස් අර්ස් ප්‍රකාශ කළ බවත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළි කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ වන විට රජයේ හමුදාව එම කඳවුර වටකර ඇති අතර, වහාම ඉවත් වන ලෙස නියෝග කර ඇතැයි ද වාර්තා වේ.