කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලාවේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටිය දී විෂය සමගාමී අධ්‍යාපන චාරිකාවකට එක් වෙමින් නුවර ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටිය දී ඉකුත්දා නුවරට ආසන්න ප්‍රදේශයක දී සිදුවු මාරක රිය අනතුරකින් මියගිය නිවිතිගල කොළඹගම පහළකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. ජී. ඉසුරි උමයිංගනී සිසුවියගේ දේහය විශාල පිරිසකගේ සෝ සුසුම් මැද නිවිතිගල කොළඹගම පහළකන්ද පොදු සුසාන භූමියේ දී ඊයේ දින (03) මිහිදන් කෙරිණි.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් ඉසුරි උමයංගනී 2000 වසරේ ජූලි මස 27 වන දින උපත ලබා ඇති ඇයගේ පියා වන්නේ වෘත්තියෙන් ගුරුවරයකු වන අජිත් කිත්සිරි මහතාය. මව මල්ලිකා නිමාශාන්ති මහත්මියයි. ඉසුරි, සිය ප්‍රාථමික අධ්‍යාපනය කොළඹගම ප්‍රදේශයේ ගමේ පාසලින් ලබාගැනීමෙන් අනතුරුව සාමාන්‍ය පෙළ සඳහා නිවිතිගල සුමන මධ්‍ය විදුහලට ඇතුළත්වී තිබුණාය. එහි දී ඇය සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම මිශ්‍ර පාසල වන හිදැල්ලන සීවලී මධ්‍ය විදුහලට ඇතුළත්ව උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූවාය. පසුව උපාධිය සඳහා කොතලාවට ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළත්වූ ඈ එහි අවසන් වසරේ සිසුවියකව සිට ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගී වීමේ දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවාය.
අවසන්වරට ඇය නිවසට පැමිණ තිබුණේ පසුගිය ජනාධිපතිවරණය යෙදී තිබූ දිනයේදීය. එදින සිය ඡන්දය ලබා දුන් ඇය පියාගේ උපන් දිනයට යළි නිවසට පැමිණෙන බව මවුපියන්ට පවසා වැඳ අවසර ගෙන නිවසින් පිටත්ව ඇත්තේ ඇයගේ සොයුරියන් දෙදෙනාගේද මුහුණු සිප ගනිමිනි. එසේ නිවසින් පිටත් වුණු ඇය යළි නිවසට පැමිණ තිබුණේ මුද්‍රා තැබූ පෙට්ටියකිනි. ඇයගේ මෙම අකල් මරණයෙන් මවුපියන්, හා සොයුරියන් දෙදෙනා මහත් වේදනාවකට මෙන්ම තිගැස්සීමකට ලක්වී ඇත. ඇයගේ යහපත් කල්ක්‍රියාව හා ගමේ කා අතරත් මිත්‍රශීලිව සිටීම හේතුවෙන් ඇයගේ ඥාතීන්, හිතවතුන්, ගම්වාසීන්ද ඇගේ මරණය පිළිබඳව මහත් සංවේගයට පත්ව ඇත.
මියගිය ඉසුරිගේ සහෝදර ශිෂ්‍යාවක් ඇය ගැන මතකය අවදි කළේ මේ ආකාරයටය. “ඉසුරි උමයංගනි අපේ අවසන් වසරේ. එයා කළේ ප්‍රමාණ සමීක්ෂණ උපාධිය. අධ්‍යයනයට අවශ්‍ය ප්‍රායෝගික චාරිකාවකට කලින් දවසේ ඇවිත් දෙවැනි දවසේ මාදුරුඔයට යන ගමනෙ තමයි මේ විපත වෙලා තියෙන්නෙ. මෙයත් එක්ක 39ක් චාරිකාවට එක්වෙලා හිටියා. හැමෝටම තුවාලයි. ආරක්ෂක පීඨය මඟින් මෙතන සියලු කටයුතු සොයා බලනවා. අපි හැමෝම සිද්ධිය ආරංචි වුණු ගමන් ඉඳල මේ වනතුරු හැමදේම හොයලා බලලා කරනවා. ගමේ අයගෙත් තියෙන්නෙ ලොකු වේදනාවක්. ඒ අය හැමෝම අඬ අඬා ඇවිත් අපට දුක කියනවා. අම්මා තාත්තා කොහොම දරාගන්නද? ගමටම මෙහෙම දුකක් නම් ඇය ඒ තරම්ම හොඳ ළමයෙක්. අපිත් ඒක දන්නවා. තව අවුරුද්දක් යද්දි ඉංජිනේරුවරියක් තමා ගමට නැතිවුණේ. ඇය එසේ කිවුවෙ කඳුළු පිහිමින්.
ඊයේ (03) මළ හිරු බැස යන ගොම්මන් වේලාවෙ දී මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් පසු දහස් ගණනකගේ සෝ සුසුම් කඳුළු මැද ඉසුරිගේ අවසන් කටයුතු සිදු කෙරිණි.