දූෂ­ණය නැති කිරී­ම­ටයි දූෂණ විරෝධී නීති­යයි දෙකම ගෙනාවේ මම: හැබැයි නීති­ව­ලින් පම­ණක් දූෂ­ණය නැති කරන්න බෑ-හිටපු ජනා­ධි­පති, එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ

දූෂ­ණය නැති කිරී­මට නීති ගෙනාවේ තමා බවත් දූෂණ විරෝධී නීතිය ඉදි­රි­පත් කළේ තමා ජනා­ධි­පති වූ පසුව බවත් ඒ නීති­ව­ලින් පම­ණක් මෙය සිදු කිරී­මට නොහැකි යැයි හිටපු ජනා­ධි­පති එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය.

දෙවන නීති­යක් ලෙස අප­රා­ධ­ව­ලින් උප­යා­ගත් දේපළ පිළි­බඳ පනත් කෙටු­ම්පත ඉදි­රි­පත් කර තිබෙන අතර, පාර්ලි­මේ­න්තුව විසු­රු­ව­න්නට තිබුණේ එම නීති­යත් අනු­මත කිරී­මෙන් අන­තු­රුව බව ඒ මහතා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ යටතේ ගෑස් සිලි­න්ඩ­ර­යෙන් තරග කරන මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ අපේ­ක්ෂ­ක­යන්ගේ ජය තහ­වුරු කිරී­මට මහ­නු­වර ඊයේ (31) පැවැති ජන­හ­මු­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේ ද පැව­සීය.

තනි මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස පාර්ලි­මේ­න්තු­වට පැමිණ රටේ අභි­යෝ­ගය භාර­ගත් මොහොතේ ඒ අභි­යෝ­ගය ජය ගැනී­මට උප­කාර කළ මන්ත්‍රී­ව­රුන් අද ගෑස් සිලි­න්ඩ­ර­යෙන් මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටි­නවා. රටේ මේ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා බව අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළා. පරණ ඇබ්බැ­හි­කම් අත­හැර ගන්න බැරි මාධ්‍ය කිහි­ප­යක් තිබෙන බව ඔහු කිය­නවා. කුණු ඇඳුම් විසි කර ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඇඳුම් ඇඳ­ග­න්නැයි ඔවුන්ට ආරා­ධනා කරන බව ද ජනා­ධි­ප­ති­ව­රයා කිය­නවා. මේ කතා කරන්නේ කවුද? කුණු ඇඳුම් අත­හැර ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට පැමි­ණියේ ජනතා විමුක්ති පෙර­මු­ණයි. පළමු කොට මුදල් අච්චු ගැසූ බව කියා දෙවැ­නිව මුදල් අච්වු නොගැසූ බව මාධ්‍ය කියා ඇතැයි ද ජනා­ධි­ප­ති­ව­රයා පව­ස­නවා. මුදල් අච්චු ගැසුවා යැයි මාධ්‍ය කියන විට විජිත හේරත් මහතා මුදල් අච්චු නොගැසූ බව පැව­සුවා.

ද්‍රව­ශීලී බව ආරක්ෂා කර ගැනී­මට මුදල් අච්චු ගැසූ බව මහ බැංකුව පැව­සුවා. ඉතින් ද්‍රව­ශීල බව කියන එක ඒ අය නොදැන සිටියා නම් මාධ්‍ය­යට දොස් කියන්නේ කොහො­මද? බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි­යන් ද ඊයේ පෙරේදා ද්‍රව­ශීලි බව පිළි­බඳ කතා කළා. ආණ්ඩුවේ ඉන්න ඇමැ­ති­ව­රුන් තුන්දෙනා ඒක දන්නේ නැහැ. මේ පළ­පු­රුදු නැති අයයි. පළ­පු­රුදු ඇති අය මීට අවශ්‍ය යැයි මා කියන්නේ ඒකයි. ඒකට මාධ්‍ය­යට බැණලා මොක­ටද? දැන් පාර්ලි­මේ­න්තුව පිරි­සුදු කර­නවා යැයි තර්ජ­නය කර­නවා. එයා පාර්ලි­මේ­න්තුව පිරි­සුදු කරන්නේ කොහො­මද? පාර්ලි­මේන්තු ඡන්ද තිබෙන්නේ මහ­ජන නියෝ­ජි­ත­යන් තෝර­න්නයි. ජන­තාව ඔවුන් කැමති අය තෝර­නවා. ජනතා විමුක්ති පෙර­මුණ කාල­යක් පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ හිටියේ නැහැ. ජනා­ධි­පති පාර්ලි­මේ­න්තුව දූෂිත යැයි කිව්වාට රටේ සිය­යට 58ක් ඒ කතා­වට එකඟ වුණේ නැහැ.

කාට හෝ විරු­ද්ධව දූෂණ චෝදනා තිබේ නම් මිනි­සුන් ඔහු ඉවත් කරාවි. දූෂණ ඇමැ­ති­ව­ර­යෙක් ඉවත් කරන්න කියා පාර්ලි­මේ­න්තුවේ විවා­ද­යක් තිබු­ණාලු. ඒ විවා­දය පැර­දුණ නිසා පාර්ලි­මේ­න්තුව දූෂිත බව මොවුන් කිය­නවා. 2023 වසරේ ජූලි මාස­යේදී කෙහෙ­ළිය ඇමැ­තිට විරු­ද්ධව කාවින්ද මන්ත්‍රී­තුමා පාර්ලි­මේ­න්තු­වට යෝජ­නා­වක් ඉදි­රි­පත් කළා. නමුත් ඊට පසුව අගෝස්තු 31 වැනිදා එතුමා ගිහින් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇමැ­තිට විරු­ද්ධව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මූලික අයි­ති­වා­සි­කම් නඩු­වක් දැම්මා. හොරා ද? නැද්ද? කියා ඒ නඩුව විසින් තීර­ණය කළ යුතුයි. කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට එරෙහි පාර්ලි­මේන්තු විවා­දය නතර කරන්න අප කට­යුතු කළේ නෑ. අප සඳ­හන් කළේ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වෙන් අන­තු­රුව අපට තීර­ණ­යක් දිය හැකි බවයි. ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීර­ණ­යෙන් පසු මේ විවා­දය ගන්නා ලෙසත් අප පැව­සුවා. එය නීත්‍ය­නු­කූල ක්‍රම­යක් නේ. යම් සිද්ධි­යක් ගැන උසා­වි­යට ගියොත් පාර්ලි­මේ­න්තුව කට­යුතු කරන්නේ එම තීන්දුව ලබා­ගෙ­නයි.

ඔය අත­ර­තුරේ නීති­පති ගිහින් කෙහෙ­ළිය ඇමැ­ති­ටත් විරු­ද්ධව නඩු දැම්මා. කාට විරු­ද්ධ­වද නඩු දමන්නේ කියා මට අහන්න තිබුණා. මේ සම්බ­න්ධ­යෙන් මට පරීක්ෂා කරන්න අව­ශ්‍යයි කියන්න තිබුණා. මා ඒ කිසි­වක් කරන්න ගියේ නැහැ. නීති­ප­ති­ව­රයා විසින් නඩු පැවරූ පසුව මා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කෙහෙ­ළිය ඇමැති කැඳෙව්වා. මෙය වැරදි චෝද­නා­වක් බවත් තමාගේ නම මෙයින් ඉවත් කරන ලෙස නීති­ඥ­ව­රුන් ලවා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටින බවත් රඹු­ක්වැල්ල මහතා මට පැව­සුවා. එතුමා එවැනි ඉල්ලී­මක් කර­නවා නම් ඉවත් වන්නැයි කියන්න මට හැකි­යා­වක් නැහැ. මොකද එතු­මාගේ නම නඩු­වෙන් ඉවත් කළොත් ඔහුට විරු­ද්ධව ක්‍රියා කරන්න හැකි­යා­වක් නැහැ. එතුමා ගිහින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීම කරන විට මහේ­ස්ත්‍රා­ත්ව­රිය කෙහෙ­ළිය ඇමැ­ති­තුමා රිමාන්ඩ් භාර­යට පත් කළා. අන­තු­රුව ඔහු ඇමැති ධුර­යෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මට එව්වා. අප ක්‍රියා කළේ ඕනෑම රටක තිබෙන සම්ප්‍ර­දාය අනු­වයි.

අප­රා­ධ­ව­ලින් උප­යා­ගත් දේපළ පිළි­බඳ පනත් කෙටු­ම්පත අප ඉදි­රි­පත් කර තිබෙ­නවා. පාර්ලි­මේ­න්තුව විසු­රු­වන්න තිබුණේ එම නීති­යත් අනු­මත කිරී­මෙන් අන­තු­රු­වයි. නමුත් එය කළේ නැහැ. අප දූෂණ විරෝ­ධය පිළි­බඳ ජාතික න්‍යාය පත්‍ර­යක් ඇති­කර තිබෙ­නවා. එය මා හැදූ එකක් නොවේ. මා මූල්‍ය අර­මු­ද­ලට කියූ විට ඔවුන් හදා දුන් එකක්. මේ සිය­ල්ලම නැතිව මේ වැඩ කට­යුතු කර­ගෙන යන්න බැහැ. දූෂණ විරෝධී පනත බලා­ත්මක කිරීම, ජාතික විග­ණන පනත සංශෝ­ධ­නය කිරීම ආදී වශ­යෙන් පිය­වර 15ක් විස්සක් පමණ තිබෙ­නවා. මේවා ක්‍රියා­ත්මක කරන්නේ නැතිව හොරු අල්ලන්න බැහැ. අපේ මේ කණ්ඩා­යම පාර්ලි­මේ­න්තු­වට යවන්නේ මේ නීති ක්‍රියා­ත්මක කර­වීම සඳහා යැයි පැව­සීය.

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන මහ­නු­වර කණ්ඩා­යම් නායක මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, ලක් වනිතා පෙර­මුණේ සභා­ප­තිනී ශාන්තිනී කෝන්ග­හගේ, හිටපු මන්ත්‍රී­ව­රුන් වන වේලු කුමාර්, ගුණ­ති­ලක රාජ­පක්ෂ, තලතා අතු­කෝ­රල, හිටපු රාජ්‍ය ඇමැති අනු­රාධ ජය­රත්න, උද­යන කිරි­ඳි­ගොඩ මහත්ම මහ­ත්මීහු ද මෙහිදී අද­හස් දැක්වූහ.