කුමන ආණ්ඩුව බලයේ හිටි­යත් ආර්ථි­කය නැංවී­මෙ­හිලා වැඩිම අව­ධා­නය යොමු­විය යුත්තේ ගම­ටයි-සජබ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර

කුමන ආණ්ඩු­වක් බලයේ සිටි­යත් ගම සංව­ර්ධ­නය වීමට නම් මූලි­කව යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම අත්‍ය­වශ්‍ය බව සමගි ජන බල­වේ­ගයේ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර මහතා පව­සයි. ග‍්‍රාම සංව­ර්ධ­නය මත අනෙ­කුත් සාධක සම්පූර්ණ වන බව පෙන්වා දෙන ඒ මහතා කෘෂි­කර්ම නිෂ්පා­දන වැඩි දියුණු කිරීම, ඒ නිෂ්පා­දන හා වෙළෙ­ඳ­පො­ළක් ඇති­කි­රීම, නව රැකියා අවස්ථා උත්පා­ද­නය, ජන­තා­වට ස්වශ­ක්ති­යෙන් නැඟී සිටී­මට උදවු කිරීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා­සි­ටු­වීම ආදිය මඟින් දුප්ප­ත්කම සහ අස­මා­න­තාව අඩු කිරීම හෝ නැති කිරීම කළ හැකි බවද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ බොරැල්ලේ දී පැවැති ජන හමු­ව­කට සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් ජනක නන්ද කුමාර මහතා මෙසේ ද පැව­සීය.

රටේ සංව­ර්ධ­නයේ මූලික අව­ස්ථාව ගමේ සංව­ර්ධ­න­යයි. සාමා­න්‍ය­යෙන් රටක සංව­ර්ධ­නය ගැන කතා කරන විට නිත­රම මාතෘකා වෙන්නේ නාග­රික සංව­ර්ධ­නය ගැනයි. විශාල ගොඩ­නැ­ඟිලි, පුළුල් මංමා­වත් වගේ දේවල් සමඟ සංව­ර්ධ­නය ගැන හිතන සමාජ ආක­ල්ප­යක් ගොඩ­නැඟී තිබෙ­නවා. ඒවා ජන­ප්‍රිය මාතෘකා. ග්‍රාමීය සංව­ර්ධ­නය යනු­වෙන් දෙයක් තිබෙ­නවා කියන එක මඟ හැරිලා ගිහින්. සම­හර විට දේශ­පා­ලන වේදි­කා­වල පොරොන්දු පම­ණක් බවට මේ ග්‍රාමීය සංව­ර්ධ­නය ගැන කතා බහට පත්ව තිබෙ­නවා.

සාමා­ජීය ගැටලු බහු­ලයි. අප­රාධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රශ්න­යක්. නමුත් කොළඹ නග­රය වසා­ගත්ත ගොඩ­නැ­ඟිලි විශාල මංමා­ව­ත්ව­ලින් මේ ජීවි­ත­වල ඇත්ත කතාව වැහී ගිහින් තිබෙන්නේ. ඒ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් අත්‍ය­ව­ශ්‍යයි. එහෙම නැතිව නාග­රික සංව­ර්ධ­නය කියන එකත් බොරු­වක්. ඒ වගේම ගමට සංව­ර්ධ­නය ගෙනි­යන්න අව­ශ්‍යයි කියන්නේ රටේ ආර්ථි­ක­යට වැඩිම දාය­ක­ත්වය දෙන්නේ ගමේ ජන­තාව නිසයි. චීනය කිව්වේ එයා­ලාට ඕනෑම දෙයක් නිෂ්පා­ද­නය කරන්න අපි වෙළෙ­ඳ­පොළ හදා දෙන්නම් කිය­ලයි. චීනයේ ආර්ථික නැඟීම සිදු වෙන්න මේ ගමේ නිෂ්පා­ද­කයා විශාල මෙහෙ­ව­රක් කළා. අමෙ­රි­කානු රජය තමන්ගේ මිනි­සුන්ට කිව්වේ අලු­තෙන් හිතන්න අලුත් දේ නිෂ්පා­ද­නය කරන්න ඉතුරු හරිය අපි බලා ගන්නම් කිය­ලයි.ඒ රට­වල් ගොඩ­නැ­ඟුණේ ගමේ මිනි­හාගේ දාය­ක­ත්ව­යෙන්. මේ අව­ස්ථාව අප­ටත් තිබෙ­නවා. ගමේ ඉන්නවා අලු­තෙන් හිතන මිනිස්සු. විවිධ හැකි­යා­වන් සහිත මිනිස්සු. මහන්සි වෙලා කැප කිරීම් කර ගොඩ­යන්න සූදා­නම් මිනිස්සු. මේ රටේ සංව­ර්ධ­න­යට දායක කර ගත හැකි විශා­ලම මානව සම්ප­තක් තිබෙ­නවා. අපි කරන්න ඕනෑ ඒ අයට අව­ස්ථාව හදා දෙන එකයි. මේ නිසා වර්ත­මාන සමාජ ආර්ථික තත්ත්ව­යන්හි වැඩිම අව­ධා­න­යක් මේ ග‍්‍රාමීය ප්‍රජා­වට ලැබෙන්න අව­ශ්‍යයි. අද දේශ­පා­ල­න­යෙන් බලා­පො­රොත්තු වෙන්නේ ඒක. මම පෞද්ග­ලි­කව විශ්වාස කර­නවා අපට මේ රට හදන්න ඕනෑ තරම් අව­ස්ථාව තිබෙ­නවා කියන එක. අපි ඒ වෙනු­වෙන් අවං­කව ප්‍රති­ප­ත්ති­යක් වැඩ­පි­ළි­වෙ­ළක් ඇතිව වැඩ කරන්න ඕනෑÓ යැයි පැව­සීය.